• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඒකෙ රහ දන්නේ ඒ අය! සල්ලි බලන් වැඩ කරන්නේ නෑ! රෙබෙකා දිල්රුක්ෂි! Sri Lanka Latest News

October 28, 2025
in Heart
Reading Time: 2 mins read
A A
ඒකෙ රහ දන්නේ ඒ අය! සල්ලි බලන් වැඩ කරන්නේ නෑ! රෙබෙකා දිල්රුක්ෂි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වේදිකාව හරහා රංගන ක්ෂේත්‍රයට පා තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් විදියට රෙබෙකා දිල්රුක්ෂිව හඳුන්වන්න පුළුවන්. රෙබෙකා මේ දිනවල ටෙලිනාට්‍ය රැසක විවිධ චරිත නිරූපණය කරනවා අපිට දැකගන්න පුළුවන්. ඉතින් ඒ නිර්මාණ වගේම ඇගේ අලුත්ම තොරතුරු ගැන දැනගන්නත් එක්ක ‘හාට්’ අපි රෙබෙකාව සම්බන්ධ කරගත්තේ මේ විදියටයි.Sri Lanka Latest News

රෙබෙකා අලුත් ගෙදරකට ගොඩවුණා නේද?
ඔව්. ඔයා මේ අහන්නේ ‘පට්ටි ගෙදර’ ගැන වෙන්න ඇති. ඒ මගේ අලුත්ම ටෙලිනාට්‍යය. එය වෙනස්ම රහක් ඇති වැඩක්. හරිම ආශාවෙන් සම්බන්ධ වුණු නිර්මාණයක්.
ඉතින් කියමුකෝ බලන්න ඒ වෙනස්ම රසය ගැන?
ඒ රසය විඳින්න ඕනෙ මගේ ආදරණීය ප්‍රේක්ෂක පිරිස තමයි. ඔවුන්නේ ඒකේ රසය දන්නේ. ඒ ගැන මම කැමැති ප්‍රේක්ෂක ප්‍රතිචාර සමගම දැනගන්න.
රසට පදම් කළ තවත් නිර්මාණවල ඔබගේ දක්ෂතා අපි දැක්කා. ඒ ගැනත් පැවැසුවොත්?
සසංකාරා ටෙලිනාට්‍යය පසුගියදා අවසන් වුණා. ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර සමස්තයක් වශයෙන් මුළු නාට්‍යයටම ලැබුණා. ඒ ගැන සතුටුයි. රාග ටෙලානාට්‍යයෙත් සසංකාරා ටෙලිනාට්‍යයට වඩා වෙනස් චරිතයක් කරන්නේ. හැබැයි ඉතින් හොඳයි ප්‍රතිචාර. මේ දවස්වල තවත් අලුත් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා.
කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ නේද ප්‍රේක්ෂක පිරිස සතුටු නැත්නම්?
අනිවාර්යයෙන්. මම බලන්නේ ප්‍රේක්ෂකයන්ගේ සතුට. අපි කොච්චර මහන්සි වෙලා දිවා රෑ නොබලා කැපකිරීම් කළත් වැඩක් නැහැ ප්‍රේක්ෂකයන්ට සතුටක් නැත්නම්. අපි හැම දේම ඉවසාගෙන කරන්නේ ඔවුන්ගේ සතුට වෙනුවෙන්. අපි මේ ක්ෂේත්‍රයේ රැඳිලා මේ තරම් ඉන්නෙත් ඔවුන්ගේ ඒ ආදරය පිළිගැනීම නිසයි.
මුදලට සීමාවුණු රංගන ශිල්පිනියක් නෙවෙයිද ඔබ ඒ කියන්නේ?
මුදල් බලාගෙන චරිත නිරූපණය කරන කෙනෙක් නෙවෙයි මම. මගේ සිහිනයක් තිබුණේ රංගන ශිල්පිනියක් වෙන්න. අද ඒ සිහිනය සැබෑ වෙලා. ඒ ගැන මට සතුටුයි. මම වෘත්තිය විදියට කලාව කරන්නේ නැහැ. මුදල් හඹාගෙන මේ වෘත්තිය කරන්න බැහැ. අපි ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ මේ හැම දේම තේරුම් අරගෙන. ඉතින් ප්‍රශ්න ආවත් ඒ සියල්ල ඉවසාගෙන මම වැඩ කරගෙන යනවා. මගේ සැමියා මට දෙන සහාය ඒ දෙන විශ්වසනීය ආදරය මේ හැම දේටම වඩා මට වටිනවා. ඒ හොඳට ඇති මට. මගේ ගමන මම ඉතින් හෙමින් යනවා.
කොහොමද ඉතින් ඔබ වේදිකාවත් සමග අනෙකුත් වැඩ කරගෙන යන්නේ?
හැම දේම ඉතින් සැලසුමක් ඇතිව කරගෙන යනවා. මේ දවස්වල අලුත් වේදිකා නාට්‍යයක පුහුණුවීම් කරගෙන යනවා. වේදිකාවෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. වේදිකාවට මම පුදුම ආදරයක් තියෙන්නේ. මගේ පෞද්ගලික වැඩ පවා මගහරවාගෙන මම පුහුණුවීම්වලට යනවා.
සිනමාවෙත් ඔබේ දායකත්වයක් අපි දකිනවා?
ඔව්. සමීර නාඹුවත්තගේ ‘වයිෂ්’ චිත්‍රපටය ළඟදීම තිරගත වෙනවා. මට වැඩිහරියක්ම රඟපාන්න තිබුණේ හේමාල් රණසිංහ සමගයි. හේමාල් සමග මම රඟපාන පළමු අවස්ථාව තමයි මේ. ඔහු මම දකින්නේ පොළොවේ පයගහලා ඉන්න සුන්දර මිනිසෙක් විදියට. අපේ චරිතයට වුණත් උපරිම සාධාරණයක් කිරීමට කැපවෙන කෙනෙක්. හරිම පහසුවෙන් තමයි මම ඔහු සමග රඟපෑවේ.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

දැන් කොළඹ වාහන නවත්තලා යනවා නම් පරෙස්සමෙන්! බොරැල්ලේදී වෛද්‍ය සිසුවකුගේ කාර් එකේ වීදුරුව කඩලා ලක්ෂ 9ක බඩු අරන් ගිහින්! I Sri Lanka Latest News

Next Post

හර්ෂ පැටළුණු ආදර පලහිලව්ව…! සිනමාවට මම තවම ආදරෙයි…! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News
Heart

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.