වෛද්‍ය ශිෂ්‍යයකුගේ අයිපෑඩ් එකක් ඇතුළු 865,000ක දේපොළ සොරා ගැනීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව බොරැල්ල පොලිසිය පවසනවා.Sri Lanka Latest News
පැමිණිලිකරු අංගම්පිටිය පාර, ඇතුල් කෝට්ටේ පදිංචි වෛද්‍ය ශිෂ්‍යයෙක්.
පෙරේදා (25) සවස කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය අසල දී සිද්ධිය වී තිබෙනවා.
වෛද්‍ය ශිෂ්‍යායාගේ කාර් රථය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආසල නතර කර තිබියදී එහි පිටුපස දොරේ වීදුරුව බිඳ සොරකම සිදුකර තිබෙනවා.
එහි තිබී ඇපල් අයිපෑඩ් එකක්, ඩ්‍රෝන එකක්, ටැබ් එකක් ඇතුළු ලක්ෂ නවයකට ආසන්න දේපළ සොරා ගෙන ඇතැයි ද පොලිසිය කියනවා.
මේ වනතුරු සැකපිට කිසිවකු අත්අඩංගුවට ගෙන නැති අතර බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.










