• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රඟපාලා හෑල්ලු වෙනවට වඩා තියෙන නම රැකගෙන ඉන්නවා…

November 3, 2021
in Heart
Reading Time: 4 mins read
A A
රඟපාලා හෑල්ලු වෙනවට වඩා තියෙන නම රැකගෙන ඉන්නවා…
Share on WhatsAppShare on Facebook

මට තවම පෙම්වතියට රඟපාන්න බැරිකමක් නැහැ…

තමන් ආපු ගමන්මග අමතක කරමින් විවිධ මාවත් හොයමින් යන බොහෝ රංගන කලා ශිල්පීන් අතර කලා ක්‍ෂේත්‍රයට හදවතින්ම ආදරය කරමින් මේ ගමන යන ඇය නිරෝෂා හේරත්. ඉතින් කාලෙක ඉඳලා නිරෝෂාව අපට නිර්මාණවල දැකගන්නට ලැබුණේ නැහැ. ඇය රංගනයෙන් ඉවත් වෙලා කියලා පොඩි කසු කුසුවකුත් තිබුණා. ඉතින් මේ කරුණු කාරණා ඇත්තද කියා දැනගැනීමට අපි ඇයට කතා කළා.

නිරෝෂා ඉතින් කොහොමද ජීවිතේ?
සතුටින් ඉන්නවා පවුලේ අයත් සමග.

දැන් රඟපෑම් කටයුතුවලින් ඈත්වෙලාද?
අනේ නැහැ… අවුරුද්දකින් විතර මම නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ මේ කොරෝනා ප්‍රශ්න නිසා. නිතර දෙවේලේ අහන්න ලැබෙනවා අපේ සහෝදර ශිල්පීන්ටත් මේ කොරෝනා රෝගය වැලඳිලා කියලා. ඉතින් එහෙම අවදානම් තත්ත්වයක් තියෙද්දී මම කොහොමද එළියට බැහැලා යන්නේ. අවසානයේ අපේ ගෙදර අයත් අසරණ වෙනවා. ඉතින් මම හිතුවා හිටියා වගේම තව ටික කාලයක් මෙහෙම ඉඳලා නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්න. ආරාධනා නම් අඩුවක් නැහැ. මම ඒ සියල්ලම ප්‍රතික්‍ෂේප කළා. මොනවා කරන්නද ඉතින්…

ඒ කියන්නේ නිරෝෂාගේ රඟපෑම කාලයක් යනකම් දැකගන්නට ලැබෙන්නේ නැතිවෙයි?
මේ ප්‍රශ්න එක්ක අවදානමක් අතට ගන්න බැහැ. හැබැයි මම දුරබැහැර කරන නිර්මාණ සඳහා සම්බන්ධ වීමට අදහසක් නැහැ. කොළඹ අවට නිර්මාණ සඳහා විතරයි මම සම්බන්ධ වෙන්නේ. මොකද ඒ කාලේ වගේ මට පිටගිහින් ඉඳලා වැඩ කරන්න බැහැ පවුල් ජීවිතයත් ගතකරන නිසා.

‘රජතුන් කට්ටුවක මවක් වීම ගැන ලොකු ආඩම්බරයක් ඇති නේද?
ගොඩාක් සතුටුයි. මගේ සතුට තියෙන්නේ මගේ පවුල් පසුබිම තුළයි. මට පුතාලා තුන්දෙනෙක් ඉන්නේ. ලොකු පුතා විදේශීය රටක අධ්‍යාපනය ලබනවා. ඉතින් අනෙක් පුතාලාගේ අධ්‍යාපන කටයුතු ගැන නිතරම සොයා බලමින් ජීවත් වෙනවා.

අම්මා යන ගමන්මග පුතාලා සම්බන්ධ වීමට අදහසක් නැද්ද?
පුතාලා පොඩි කාලේ වෙළෙඳ දැන්වීම් සඳහා සම්බන්ධ වුණා. හැබැයි මම බලකරන්නේ නැහැ එයාලාට. දැන් තේරෙන වයස නිසා එයාලාගේ දක්‍ෂතාවයෙන් ඉදිරියට යන්න පාර හදලා දෙනවා. පුතාලා ගොඩාක් කැමැති ක්‍රීඩාවට තමයි. ඒ අතරතුර රඟපෑමට සම්බන්ධ වෙන්න ඕනෑ කියලා කිව්වොත් උදවු කරනවා.

දරුවන් ලොකු නිසා පෙම්වතියගේ චරිත නිරූපණය කිරීමට අකැමැතිද?
එහෙම නැහැ. මට පෙම්වතියගේ චරිත තවම රඟපාන්න පුළුවන්. හැබැයි ඉතින් මගේ පෞද්ගලික ජීවිතයට හානියක් නොවන විදියට කටයුතු කරනවා.

ඒ කියන්නේ ප්‍රතික්‍ෂේප කරපු නිර්මාණ වැඩි ඇති නේද?
චිත්‍රපට ගණනාවකින් මට ආරාධනා ලැබුණා. ඒ අතර චිත්‍රපට පහළොවක් විතර මම ප්‍රතික්‍ෂේප කළා. මට ගැළපෙන්නේ නැති චරිත නිසා. මොකද එහෙම චරිත නිරූපණය කරලා හෑල්ලු වෙනවාට වඩා මේ රැකගත්තු නම මේ විදියටම රැකගෙන හෙමීට යන එක.

නිතර දෙවේලේ කලා පවුල්වල ඇහෙන විවිධ මාතෘකා හින්දා ඔබට බයක් ඇති?
මගේ පවුලේ අයට මාව සියයට සියයක්ම විශ්වාසයි. නමුත් එළියෙන් බලන අය දකින්නේ වෙන විදියකට. මම ඒ දේවල්වලට කැමැති නැහැ. මට ඕනෑ මැරෙනකම් පවුලේ අයත් එක්ක සතුටින්, ලස්සනට ජීවත් වෙන්න. මම ඒකයි බැඳපු කාලයේ කලාවෙන් ඈත්වෙලා පවුල් ජීවිතය ගැන විතරක් හිතුවේ.

හැබැයි ඔබ නැවැත කලාවට එන විට කලාව උඩුයටිකුරු වෙලා?
ඔව්… ඉතින් මොනවා කරන්නද. මටවත් හිතාගන්න බැහැ. මෙහෙම වුණේ ඇයි කියලා. කෙටියෙන්ම කිව්වොත් කලා ශිල්පීන් කුලීකාරයෝ බවට පත්වෙලා. මොන තරම් උතුම් වෘත්තියක්ද මේ කලාව. ඒ විදියට රැකගන්න බැරිවුණු එක ගැන ආපස්සට හැරිලා බලද්දී හිතට දුකයි.

90 දශකයේ ඔබේ රංගන දිවියේ ස්වර්ණමය කාල වකවානුවක් වුණා නේද?
පිටගම්කාරයෝ, දුර්ගාන්තය, දුමාරය, ගැහැනු ළමයි වැනි සුවිශේෂී නිර්මාණවල මම රඟපෑවා. අදටත් ඒ චරිත ගැන වැඩිහිටි පිරිස මම සමග කතාබහ කරනවා. මෑත කාලයේ නවක ශිල්පීන් ගොඩාක් දක්‍ෂයි. නමුත් කලාව තුළ ජීවත් වෙන විදිය වෙනස්කර ගත්තොත් හොඳ ගමනක් යන්න පුළුවන් අපි වගේ.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

චීන පොහොර නැව ලංකාවම ගිල ගනීද? එහෙමත් නැත්නම් චීනාවම ගිලගනීද?

Next Post

කාටද ඕනේ පැන්ඩෝරා හොරු අල්ලන්න! අල්ලන විදිහ මෙන්න! පුළුවන් නම් කරලා බලන්න!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අද සවස සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැති සත්‍යග්‍රහයේදී පොලිසිය විසින් අට්ටාල ඉවත් කිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් මතුවිය.Sri Lanka Latest...

Read more
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.