• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කාටද ඕනේ පැන්ඩෝරා හොරු අල්ලන්න! අල්ලන විදිහ මෙන්න! පුළුවන් නම් කරලා බලන්න!

November 3, 2021
in Exclusive, News
Reading Time: 4 mins read
A A
බය නැතිව රාජපක්ෂ නමක් එළියට දාලා මුළු ආණ්ඩුවම හොල්ලපු – ගෝඨාටත් නිකම් ඉන්න බැරි කරපු කව්ද මේ  ‘පැන්ඩෝරා’!
Share on WhatsAppShare on Facebook

‘ග්‍රීක දේව පුරාණයේ’ නොහොත් ‘ජන පුරාණයේ’ කියැවෙන ‘සියුස්’ නැමැති දෙවියා විසින් ‘පැන්ඩෝරා’ නැමැති සුරූපී තරුණ යුවතිය වෙත අපූරු විස්මිත තෑග්ගක් ලබා දී ඇත. මෙය එක්තරා ආකාරයක අරුම, පුදුම පෙට්ටියකි. පැන්ඩෝරාට අයිති පෙට්ටිය හෙයින් එයට ‘පැන්ඩෝරාගේ පෙට්ටිය’ යැයි නම් තැබිණි. මෙම අපූරු භාණ්ඩය යමෙකුට වාසනාව ගෙන දෙන භාණ්ඩයක් ලෙසට සැලකෙන්නට විය. එහෙත් එම වාසනාව තුළ තමන් නොසිතූ හිරිහැර, බාධක ඇතැයිද කියති. එනම් මෙම විස්මිත ‘පැන්ඩෝරාගේ පෙට්ටියෙන්’ ලබාදෙන තෑගි බෝග අතිශය වටිනා වාසනාවක් වුවත්, එහි සැබෑ තත්ත්වය නම් එය ශාපයක්ද විය හැකි බැව්ය.

මේ නිසා පසුකාලයකදී පැන්ඩෝරා කන්‍යාවිය තමන්ගේ මෙම පෙට්ටිය මගින් මිනිසුන්ට වාසනාව මෙන්ම, නපුර සහ අවාසනාවද ගෙන ආවේ යැයි ‘ග්‍රීක දේව පුරාණය’ කියා සිටියි. කෙසේ හෝ මෙම ‘පැන්ඩෝරාගේ පෙට්ටිය’ යනු අතිශය විස්මිත භාණ්ඩයක් ලෙසට දැනටද ජන සමාජයෙහි මතයක් ස්ථාපිත වී ඇත.

බොහෝ පසු කාලයකදී ‘පැන්ඩෝරාගේ පෙට්ටියට’ විවිධ අර්ථකථනයන් ලොව තුළින් ලබා දුන්නේය. ‘පැන්ඩෝරාගේ පෙට්ටිය විවෘත කරන්න’ වැනි වාක්‍යයන් පවා සමාජය තුළ ප්‍රචලිත විය. එනම් ඒ මගින් තමන්ට වාසනාව හෝ අවාසනාව හිමිවන්නේ දැයි සොයා බැලීම ඉන් අර්ථවත් විය. කෙසේ හෝ මෙම පැන්ඩෝරා වදන මෙයට සති කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාව තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ කතාවක් විය. එහෙත් එහි වූයේ ‘පැන්ඩෝරාගේ පෙට්ටිය’ නොව ‘පැන්ඩෝරාගේ කඩදාසි’ යන වදනයි. එසේත් නැතිනම් ‘පැන්ඩෝරාගේ ලියැකියැවිලි’ යන අරුතක්ය. තවත් ආකාරයකින් කියන්නේ නම්, මෙය පැන්ඩෝරාගේ පෙට්ටියෙන් එළිපෙහෙළියට එන යම් ‘කඩදාසි’ හෝ යම් ලියකියැවිලිවල’ වගතුගක්ය. අද වත්මන් සමාජය කණපිට හරවා තිබෙන මෙම ‘පැන්ඩෝරා ලියැකියැවිලි’ කතාව ශ්‍රී ලංකාවට පාත්වන්නේ එතෙර සිටය. එහෙත් එය දැන් අපේ රටටද අදාළ කතාවක් බවට පත්වී ඇත.

ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්‍ෂ සහ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේසන්ගේ නම් මෙම ‘පැන්ඩෝරා ලියැකියැවිලි’ මගින් හෙළිකර ඇතැයි කරුණු ප්‍රකාශ විය. මෙය විදෙස් මාධ්‍ය කිහිපයකම හෙළි කිරීමක් හරහා ප්‍රකාශිත වූ කරුණකි. යම් පුද්ගල ධන වත්කම් ගැන විදේශයකින් හෙළි වූ කරුණු ඇතුළත් වාර්තාවක් ලෙසට එය ප්‍රකට විය. එනම් මේ යම් පුද්ගලයන්ගේ පෞද්ගලික රහසිගත ධනය ගැන හෙළි වූ ජාත්‍යන්තර වගතුගක් ලෙසය. තවත් ආකාරයකින් පැහැදිලි කළහොත්, යම් පිළිගත් ජාත්‍යන්තර ආයතනයකින් ප්‍රකාශිත වූ ශ්‍රී ලංකාවටද අදාළවූ වැදගත් සාධක සහිත වගතුගකි. මේ අනුව පසුගියදා අප සමාජයෙහි ස්ථාවර මතයක් බවට පත්වූයේ, හිටපු අමාත්‍ය නිරූපමා රාජපක්‍ෂ සහ ඇගේ ධන කුවේර සැමියා වන තිරුකුමාර් නඩේසන් විසින් විදේශයන්හි හොර රහසේ ධනය තැන්පත් කළේ යැයි පැවසෙන කතාවකි.

එසේ නම් මෙලෙස පැන්ඩෝරා පෙට්ටියෙන් අද එළිපෙහෙළි වී ඇති මෙම ශ්‍රී ලාංකික ප්‍රකට යුවළගේ රහසිගත තොරතුරු මොනවාද? එසේම පසුගිය කාලයේ සමහර අවස්ථාවලදී ප්‍රකාශ වූයේ මෙම යුවළගේ පමණක් නොව තවත් ධනවත් ප්‍රකට ලාංකික පුද්ගලයන්ගේ නම් කිහිපයක්මද පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන්ව ඇති බැව්ය. නිරූපමා රාජපක්‍ෂ යනු වත්මන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ සහ වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂගේ ඥාති සොහොයුරියක් වෙයි. දැනට 59 වැනි වියෙහි පසුවන ඇය විවාහ වී සිටින්නේ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රකට ධනවත් ව්‍යාපාරිකයකු වන තිරුකුමාර් නඩේසන් සමගය. කෙසේ හෝ වත්මන් රාජපක්‍ෂ රජය යටතේදී ඇය ක්‍රියාකාරී දේශපාලනයෙහි නිරතව නැති අතර, පසුගිය කාලයක් පුරා ඇය තමන්ගේ සැමියාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධව කටයුතු කර ඇතැයි පැවසෙයි. එවැනි වටපිටාවක් තිබියදී පසුගියදා පැන්ඩෝරා ලේඛන හරහා නිරූපමා රාජපක්‍ෂ ප්‍රධානව තිරුකුමාර් නඩේසන්ටද ප්‍රබලව චෝදනා නැඟී ඇත්තේ, ඔවුන් ඉතාමත් රහසිගතව අති විශාල ධනයක් තැන්පත් කරගෙන ඇති බැව්ය.

මෙවැනි තත්ත්වයක් යටතේ ඉන්පසුව සිදුවූයේ කුමක්ද?

කෙසේ හෝ මෙම මහා ආන්දෝලනයත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්‍ත්‍ෂ මහතාට නිකරුණේ සිටීමට නොහැකි විය. දස අතේ චෝදනා එල්ල වන්නට ගත්තේ රාජපක්‍ෂ පරම්පරාවටය. එවැනි වටපිටාවක් යටතේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා වහාම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත නියෝග කළේ පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර ඇති ශ්‍රී ලාංකිකයන් පිළිබඳ නිසි පරීක්‍ෂණ පවත්වා මසක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ජනාධිපතිවරයා විසින් මෙම නියෝගය ලබාදුන් අතර, ඉන් පසුදා සිටම එම විමර්ශනය ඇරැඹිණි. කෙසේ හෝ මේ වන විට නිරූපමා රාජපක්‍ෂ ශ්‍රී ලංකාවේ නොමැති බවට කරුණු හෙළිවූ අතර, ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් වහාම අල්ලස් කොමිසමට කැඳවන ලදී. මෙහිදී මෙම ධනවත් ව්‍යාපාරිකයා විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර සිටියේ, තමා හෝ තම බිරිය හෝ නීති විරෝධී යමක් සිදුකර නොමැති බවද, මෙම හෙළිදරව්ව නිසා දැඩි සිත්තැවුලට පත්ව සිටින බැව්ය. මේ පිළිබඳව විශ්‍රාමලත් විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණයක් කරන මෙන්ද ඉල්ලා සිටියේය.

කෙසේ හෝ මෙම වටපිටාව යටතේ ධන කුවේරයකු වූ තිරුකුමාර් නඩේසන් පසුගියදා අල්ලස් හා වංචා විමර්ශන කොමිසමට කැඳවා ඉතා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකොට කටඋත්තර ලබාගෙන ඇත. ඒ අනුව දින දෙකක් ඔහු එහි කැඳවා ඇති අතර, දෙවැනි දිනයේදී පැය 04ක දීර්ඝ කාලයක් පුරා කටඋත්තර ලබාගෙන ඇත. මේ අතර, ඉදිරියේදී ඔහු කොමිසම ඉදිරියට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ අල්ලස් හා වංචා විමර්ශන කොමිසම යනු ඉතාමත් ප්‍රබල බලතල ඇති රාජ්‍ය ආයතනයකි. මෙහිදී නිරන්තරයෙන්ම සිදුවන්නේ විවිධ දූෂණ, වංචාවලට චෝදනා ලැබූ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ලෙස කටයුතු කිරීමය. එනම් අධිකරණ නඩු පැවරීමය. කෙසේ හෝ දැන් මෙම රාජපක්‍ෂ පරම්පරාවේ හිතවතුන්ට එරෙහිවද මෙය ක්‍රියාත්මක වන්නේද? තවද මොවුනට එරෙහි මෙම චෝදනාවන් ගලා එන්නේ ජාත්‍යන්තරයේ සිටය. එවැනි වටපිටාවකදී ශ්‍රී ලංකාවේ නීතිමය ක්‍රමවේදයට මේ කටයුතු සිදුකළ හැකිද? මෙය සැබැවින්ම ඉතාමත් සංකීර්ණ වූ ප්‍රශ්නාවලියකි. ඒ හෙයින් මේ ගැන නිසි වගතුග සොයා බලන්නට අපි උත්සාහ කරමු.

වත්මන් මෙම තත්ත්වය පිළිබඳව අප ඉතාමත්ම ප්‍රවීණ නීති විශාරදයකුගෙන් කරුණු විමසා සිටියෙමු.
ශ්‍රී ලාංකික නීති ක්‍ෂේත්‍රයේ ඉතා උසස් තනතුරු කිහිපයක්ම දැරූ ඔහු දැනට ජනාධිපති නීතිඥයකු ලෙස කටයුතු කරන ප්‍රවීණයෙකි. ඔහු අප ඇසූ ප්‍රශ්නවලට බොහෝ පැහැදිලිව පිළිතුරු ලබා දුන්නද, පුද්ගලික හේතු මත ඔහුගේ අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉල්ලා සිටියේය.

පසුගියදා ජාත්‍යන්තරව එළිදැක්වුණු ‘පැන්ඩෝරා පත්‍රිකා’ ගැන මෙරට තුළ කලබලයක් ඇති වුණා. එසේ වූයේ මෙරට ප්‍රකට ශ්‍රී ලාංකිකයන්ගේ නම්-ගම්ද එහි තිබීම නිසා. මේ සිද්ධියට අදාළව තිබෙන නීතිමය තත්ත්වය කුමක්ද?
දැන් මෙම සිද්ධිය අල්ලස් කොමිසමට යොමු කරලා තිබෙනවා. එහෙත් අල්ලස් කොමිසමට මෙහි නීතිමය කටයුතු කරන්න පුළුවන් එක්තරා සීමාවකට පමණයි. මේ මුදල් උපයා ගැනීමේදී දූෂණයක් සිදුවෙලා තිබෙනවාද කියලා සොයන එක පමණයි කොමිසමට කළ හැක්කේ. එසේ ඔප්පු වුවහොත් පමණක් චූදිතයන්ට එරෙහිව නඩු පවරන්නට කොමිසමට පුළුවන්.

මෙම පැන්ඩෝරා පත්‍රිකා සිද්ධියට දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මැදිහත් වෙලා තිබෙනවා. මේ ගැන පරීක්‍ෂණයක් සිදුකර මාසයක් ඇතුලත තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසද ඔහු අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා. මේ තත්ත්වය දකින්නේ කෙසේද?
මේ තත්ත්වය හොඳින් අප අවබෝධ කරගන්න ඕනෑ. අල්ලස් කොමිසමේ පැමිණිලි කටයුතු ගැන ජනාධිපතිවරයාට මැදිහත් වීමේ හැකියාවක් නැහැ. එම මැදිහත්වීම මගින්ම මෙහිදී ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගත වෙනවා. එමෙන්ම මේ සියලුම දෙනා රාජපක්‍ෂ පවුලේ උදවිය. සමීප ඥාතීන්. මේක හරියට අල්ලස් කොමිසම වෙත ජනාධිපතිවරයා විසින්ම ඉදිරිපත් කරන ලද චෝදනා පත්‍රයක් වගේ. මේ සිදුවීමෙන් පෙනෙන්නේ අල්ලස් කොමිසම මෙවැනි සිදුවීම්වලට එරෙහිව ක්‍රියාත්මක නොවන බවත්, ජනාධිපතිවරයා මැදිහත් වී නියෝගයක් ලබා දෙන එක සිදුවී ඇති බවයි. කෙසේ හෝ අප හොඳින් අවබෝධ කරගත යුතුයි, අල්ලස් පනත යටතේ කිසිම නීතිමය ප්‍රතිපාදනයක් නැහැ ජනාධිපතිවරයාට මේ සඳහා මැදිහත් වීමට.

එවැනි තත්ත්වයක් යටතේ අල්ලස් කොමිසමට මේ සිදුවීම ගැන ප්‍රබල අයුරින් ක්‍රියා කිරීමට නිසි හැකියාවක් නැහැ නේද?
මෙතැන දූෂණ ක්‍රියාවක් සිදුවුණා කියන එක ගැන පමණක් කොමිසමට නඩු පවරන්නට හැකියාව තිබෙනවා. යමෙකු වත්කම් හෙළි කිරීමේ ප්‍රකාශය ලබා දුන්නේ නැති වුණත් පොඩි දඩ මුදලක් අය කරනවා රුපියල් 1,000ක විතර. මෙතැනදී වෙන්නේ එවැනි දෙයක්, එනම් මේ උපයාගත් ධනය ප්‍රකාශ කර නැතිනම් වැරැදිකරුවන්ට ලැබෙන්නේ එවැනි දඩ මුදලක්. මේ තරම් සුවිශාල ධනයක් උපයා ගත්තේ කෙසේද කියන එකනේ ප්‍රශ්නය වන්නේ. ඒ මුදල් සොයා ගත්තේ කෙසේද කියන එක කොමිසමට සොයන්නට පුළුවන්. ඒත් එතැනින් එහාට වෙනම ක්‍රමවේදයක් තිබෙනවා. මෙහිදී මුලින්ම පරීක්‍ෂණය කරන්න ඕනෑ අල්ලස් කොමිසම නෙවෙයි. මහ බැංකුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය මගිනුයි. විනිමය පාලන පනත උල්ලංඝනය වෙලා තිබෙනවාද කියලා මුලින්ම එම අංශය විසින් සොයන්නට ඕනෑ. විනිමය පාලකවරයා ඉන්නේ මහබැංකුවේ.

ඒ කියන්නේ මේ පරීක්‍ෂණය සිදුවන්නේ නිසි ක්‍රමවේදයෙන් බැහැරවද?
ප්‍රථමයෙන් මහ බැංකුවේ විමර්ශන අංශය හරහා සොයා බලන්න ඕනෑ විනිමය පාලන පනත මෙහිදී උල්ලංඝනය වෙලාද කියලා. ඒත් එවැනි පරීක්‍ෂණයක් පැවැත්වෙන බවක් මෙතෙක් පෙනෙන්න නැහැ. ප්‍රථමයෙන් එවැනි පරීක්‍ෂණයක් අවශ්‍යයයි. ඉන්පසු එම නිර්දේශ නීතිපතිවරයාට ඉදිරිපත් කරන්න ඕනෑ. ඊට පසු අධි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නට ඕනෑ. කොහොමද මෙතරම් විශාල ධනයක් විදේශ රටවල්වල තබාගත්තේ කියලා. විනිමය පාලන පනතේ ඉතාමත්ම බරපතළ වගන්ති කිහිපයක්ම තිබෙනවා මුදල් විශුද්ධිකරණය ගැන. එනම් කළු සල්ලි, සුදු සල්ලි බවට පත්කිරීම ගැන. මේ රටේ මහාධිකරණයේ මේ වන විට ඕනෑ තරම් නඩු දාලා තිබෙනවා විනිමය පාලන පනත උල්ලංඝණය කළා කියලා. ලාංකිකයකු ඩොලර් 1000ක් නිසි ක්‍රමවේදයක් නැතිව ළඟ තබාගෙන සිටියත් ඒක වරදක් වෙනවා. එසේ නම් පැන්ඩෝරා පත්‍රිකාවල නම් කියැවුණු ශ්‍රී ලාංකිකයන් ඩොලර් මිලියන සිය ගණනක් විදේශවල තබාගෙන සිටීම කෙතරම් වරදක්ද?

2011 අංක 40 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතක් ශ්‍රී ලංකාවේ තිබෙනවා නේද? මේ පනත අනුව ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද?
ඔව්… ඒක හොඳ ප්‍රශ්නයක්. මෙවැනි පනතක් තිබෙනවා. මෙම පනතේ තිබෙන නීතිමය ප්‍රතිපාදන යටතේද යම් පියවර ගතහැකියි. මෙලෙස සඟවාගෙන තිබෙන මුදල් ලංකාවේ වුණත්, පිටරටක වුණත් නීතිමය වූ ක්‍රමවේදයක් හරහා අත්හිටුවීමකට නොහොත් ඇවිරීමකට පත්කළ හැකියි. අර්ජුන ඇලෝසියස්ගේ ප්‍රශ්නයේදී එම මුදල් එවැනි අත්හිටුවීමකට පත්කළා. මෙහිදී වුණත් අපරාධ විමර්ශන සහ නීති අංශවලට හැකියාවක් තිබෙනවා විදෙස් බලධාරීන්ගෙන් එම ඉල්ලීම සිදුකරන්න. එනම් එම මුදල් භාවිත කිරීමට නොහැකි වන සේ තහනමකට ලක්කරන්න කටයුතු කළ හැකියි. නීතිය අසරණ නැහැ. එහෙත් ඒක භාවිත කරන ක්‍රමය අසරණයි. අර්ජුන ඇලෝසියස්ගේ තිබුණේ රුපියල් මිලියන 1000කට ටිකක් අධික ගානක්. එහෙත් පැන්ඩෝරා පත්‍රිකා කියන මේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ මුදල ඩොලර් මිලියන 160ක්. මේක රුපියල්වලින් බැලුවොත් රුපියල් බිලියන 32ක් විතර වෙනවා. බලන්න කොතරම් මුදල් කන්දරාවක්ද කියලා.

මෙලෙස සිදුවන ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට මූල්‍යමය කාර්ය සාධක බළකාය’ නමින් ජාත්‍යන්තර සංවිධානයක් පවා ප්‍රංශයේ පිහිටුවා තිබෙනවා. ආසියාවේ කටයුතු සොයා බැලීම සඳහා ඔවුන්ට වෙනම අංශයක් පවා තිබෙනවා. මෙවැනි අන්තර් ආණ්ඩු සංවිධානයකට නොහැකිද මේ ගැන කටයුතු කරන්න? ඔව්… එවැනි සංවිධානයක් තිබෙනවා. ඒක සත්‍යයක්. ඒත්, ඒවායෙහි ඉන්න පොලිස්කාරයෝ මෙහේ ඇවිල්ලා ඒ ගැන සොයා බලන්නේ නැහැ. අපේ වගකිවයුතු අංශ ඒ ගැන එම සංවිධානයට නිසි අයුරින් දන්වා සිටින්න ඕනෑ. එහෙම කළොත් ඒ අයට ක්‍රියාත්මක වන්නට පුළුවන්. ඒත් කොහෙද තවම නම් ශ්‍රී ලංකාවෙන් ඒ අයට කියපු දෙයක් නැහැ. ඉතින් කොහොමද ඒ අය කටයුතු කරන්නේ. මම ඒකයි කිව්වේ, එහෙම නිසි ක්‍රියාමාර්ගයක් ගතහොත් එම සඟවාගත් මුදල් තහනමට ලක්කළ හැකියි.

පසුගියදා රජය තවත් අලුත් මුදල් පනතක්ද ගෙනාවා. එය කුමක්ද?
ඔව්.. ඒක පුදුම පනතක්. ඒක මගින් පිටරටවල තිබෙන ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් යම් ක්‍රමවේදයක් යටතේ ශ්‍රී ලංකාවට රැගෙන ආ හැකියි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

රඟපාලා හෑල්ලු වෙනවට වඩා තියෙන නම රැකගෙන ඉන්නවා…

Next Post

රාජපක්ෂ මෑණියන්ගේ නමින් පාරක් ‌විවෘත වෙයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.