• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සෑහෙන්න කටු කලා තමයි හැමදේම ලබාගත්තේ…! නාවික හමුදාවෙන් ලැබූ පන්නරය තමයි අද මාව මෙතැනට ගෙනාවේ… ! ජීවිතේ කරපු වැරැදි ආපහු නිවැරැදි කරගන්න බැහැ…! දිමංක වෙල්ලාලගේ! Sri Lanka Latest News

January 31, 2026
in Heart
Reading Time: 1 min read
A A
සෑහෙන්න කටු කලා තමයි හැමදේම ලබාගත්තේ…! නාවික හමුදාවෙන් ලැබූ පන්නරය තමයි අද මාව මෙතැනට ගෙනාවේ… ! ජීවිතේ කරපු වැරැදි ආපහු නිවැරැදි කරගන්න බැහැ…! දිමංක වෙල්ලාලගේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සංගීතයේ රිද්මයන් අතරින් හදවතට සමීප වන ස්වරයන් ඇත්තේ ස්වල්පයකි. ඒ ස්වරයන් අතරින් නිහඬවම ජනහදවත් ස්පර්ශ කළ ඔහු, ජනප්‍රියත්වයේ රළු රළ පහරවල් උපේක්ෂාවෙන් දරාගත් මේ අපූර්ව කලාකරුවා පසුගිය දශකයකට අධික කාලය පුරා තම හඬින් පරම්පරා කිහිපයක් පිනවීය. මෙරට ඔහු නමින් සහෘද ප්‍රේමයට පාත්‍ර වූ දිමංක වෙල්ලාලගේ ය. ඔහු සිය ජීවිතයේ නොකියූ කතාව ‘හාට්’ අපිත් එක්ක මෙසේ පැවසීය.Sri Lanka Latest News

දිමංක, කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ?
මේ දවස්වල ඇත්තටම ප්‍රසංග කටයුතු සහ මගේ අලුත්ම ගීතයේ රූප රචනාව සහ ඒකේ වැඩ ටික අවසන් කරලා තියෙන්නෙ. ඉතින් මේ දවස්වල මහන්සි වෙනවා රසිකයන්ට විශිෂ්ට නිර්මාණයක් ලබාදෙන්න. ඊට අමතරව මගේ අහිංසකාවි ලයිව් කොන්සට් ප්‍රසංග මාලාවෙ තුන්වැනි දිගහැරුම රත්නපුර නවනගර පුස්තකාල ශ්‍රවණාගාරයේදී පෙබරවාරි මස තුන්වැනි දින හවස 7.30ට පැවැත්වෙනවා. ඉතින් ඒකෙ වැඩ කටයුතුත් එක්ක චුට්ටක් කාර්යබහුල වෙලා ඉන්නෙ.
ඔබේ ජීවිතයේ වෙනස් කරපු ගීතය මොකක්ද ඇහුවොත්?
මගේ ජීවිතයම වෙනස් කරපු ගීතය තමයි ‘නිදුකින් ඉනු මැන’ ගීතය. ඉතින් ඒ ගීතය ජනප්‍රියත්වයට දැන් වසර දහතුනක් ගතවෙලත් අවසන්. ඒත් අදටත් ඒ ගීතය එක හා සමානව හැම පරම්පරාවක් අතරෙම ජනප්‍රියයි. ඉතින් ඒ නිර්මාණය සඳහා දායක වෙච්ච හැමෝම පිළිබඳ මට විශේෂ සතුටක් සහ ලොකු ගෞරවයක් තියෙනවා.
සංගීත ක්ෂේත්‍රයේ අද තියෙන ‘ටේ‍රනේඩ්’ ගැන මොකද හිතෙන්නේ?
සංගීත ක්ෂේත්‍රය අද තියෙන ටේ‍රනේඩ් ගැන ඇත්තටම සතුටක් තියෙනවා. ගොඩක් දක්ෂයෝ ඉන්නවා. විවිධ ආකාරයේ අලුත් දේවල් එනවා. අලුත් නිර්මාණකරුවන් රසිකයන්ට වෙනස්වූ අත්දැකීම් දෙනවා. ඉතින් අපිත් හැමවෙලේම උත්සාහ කරනවා රසිකයන්ට අලුත් දෙයක් දෙන්න. ඇත්තටම ඉතින් මට ඒ ගැන හරිම සතුටක් තියෙනවා.
ජීවිතයේ කවදා හරි කරපු වැරැද්දක් නිවැරදි කරන්න අවස්ථාව ලැබුණොත්,
ඇත්තටම ජීවිතයේ කවදාවත් අපි කරපු දේවල් අපිට නිවැරදි කරන්න බැහැ. කරපු වැරදි දේවල් නිවැරදි වෙන්නේ නැහැ. ඒ දේවලින් අපි අත්දැකීම් අරගෙන ඒ දේවල් නැවත නොවෙන ලෙසට අපි ඉදිරියේ අනාගතයේ වැඩ කටයුතු සැලසුම් කරන එක තමයි මං හිතන්නෙ කරන්න පුළුවන් එකම දේ නිවැරදි දේ වෙන්නෙ.
පෙනුම සහ විලාසිතා ගැන දිමංක කොයිතරම් සැලකිලිමත් වෙනවද?
ඇත්තටම මම මගේ පෙනුම සහ විලාසිතා ගැන එහෙම කියලා ලොකු විශේෂිත වූ දේවල් කරන්න උත්සාහ කරන්නේ නැහැ. මිනිස්සු මාව දකින්න කැමති විදිහක් තියෙනවා. ඉතින් ගොඩක් දේවල් වෙනස්කම් කරන්න උත්සාහ කළා. නමුත් ඒවට ගොඩක් වෙලාවට රසිකයන් හරි ආසයි. ඉතින් සමහර දේවල් කළාට පස්සේ ඒගොල්ලන්ගෙන් එනවා මේ දේ ඔයාට ගැලපෙන්නෙ නෑ අපි දකින්න ආස මෙන්න මේ විදියට කියලා. ඒ වගේ දේවල් නිසා ගොඩක් වෙලාවට මිනිස්සු මාව දකින්න කැමති විදියේ විලාසිතා සහ පෙනුම මං මගේ රසිකයන් මාව දකින්න ආස කරන විදියට මේන්ටේන් කරනවා.
ඔබේ ආරම්භය සහ ඒ පසුපස අසීරු මතකයනුත් ඇති?
ඇත්තටම පුංචි කාලෙ ඉඳලම මම ට්‍රම්පට් වාදකයෙක් විදිහට පාසලේ තූර්ය වාදක කණ්ඩායම්වල කලා කටයුතු කළා. ඊට පස්සේ ඉතින් ජීවිකාව ගෙනියන්න විවිධ දේවල් කළා. ඊට අමතර මම ශ්‍රී ලංකා නාවික හමුදාවට වසර හතරක් පහක් වගේ කාලයක් අනුයුක්තව සේවය කළා. එතකොට ඒ කාලසීමාව පුරාවම සංගීතය සම්බන්ධව ගොඩක් අත්දැකීම් ලබාගත්තා. ඊට පස්සේ මම නාවික හමුදාවෙන් අයින් වෙලා ගායන ශිල්පියෙක් වෙනවා කියල දැඩි විශ්වාසයක් එක්ක කටයුතු කළා. එතකොට ඒ විශ්වාසය සහිතව මම වසර දෙකක වගේ කාලයක් ඒ වෙනුවෙන්ම ගොඩාක් මහන්සි වුණා. ඒ කියන්නේ විවිධ වැඩ කටයුතු රැකීරක්ෂා ගොඩක් කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ අවුරුදු දෙකහමාරක කාලයක් තුළ ඒ විඳපු කටුක අත්දැකීම් සහ ඒ ටික තමයි ඇත්තටම අසීරු මතකයක් විදියට තියෙන්නේ. හැමදේම පසුකාලීනව සාක්ෂාත් කරගත්තා. ඒ අත්දැකීම් තමයි අද මාව මෙතැනට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒ හැම දේකටම ගොඩක් ස්තුතියි.
ඉදිරියේදී රසිකයන්ට දකින්න ලැබෙන අලුත්ම නිර්මාණ කටයුතු මොනවාද?
ඉදිරියේදී රසිකයන්ට විශේෂිත වූ ලස්සන නිර්මාණ ගොන්නක්ම මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. ඒවායේ ගොඩක් ඒවාගේ ඕඩියෝ ට්‍රැක්වල වැඩ ඉවර කරලා තියෙනව. ඊට අමතරව ‘බෙන්තර පාලමේ’ කියන ගීතය අලුත්ම ගීතය ලෙස එළියට එන්න තියෙනවා. මේ ගීතය අලුත්ම වෙනසක් එකතු කරන්නා වූ ගීතයක් බවට පත්වෙයි. මේ ගීතයත් මම ගායනා කරපු ගීත අතරින් විශේෂිත වූ නිර්මාණයක් වෙයි. ඉතින් සංගීත ක්ෂේත්‍රයේ ගොඩක් විශේෂිත වූ නිර්මාණයක් වේවි කියන එක මම විශ්වාස කරනවා.

SendShareShare
Previous Post

චන්ද්‍රිකා මට එන්න කිව්වා ! මම හොරගොල්ල වලව්වට ගියා…! Sri Lanka Latest News

Next Post

අයිස් ගහන බස් ඩ්‍රයිවර්ලා! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.