පෞද්ගලික බස් රථවල සේවය කරන රියැදුරන් සහ කොන්දොස්තරවරු අතර අයිස් සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට අනාවරණ වෙමින් පවතින බව පොලිසිය පවසයි.
මගී ප්‍රවාහන බස් රථවල රියැදුරන් මෙසේ අයිස් සහ මත්ද්‍රව්‍ය භාවිත කොට රිය පදවන අවස්ථා ඇතොත් වහාම ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.Sri Lanka Latest News
මේ ආකාරයට මගී බස්රථවල සේවය කරන රියැදුරන් සහ කොන්දොස්තරවරුන් අයිස් සහ මත්ද්‍රව්‍ය භාවිත කොට රාජකාරි කිරීමට පෙලඹීම මගී ජනතාවට බරපතළ තර්ජනයක් එල්ල කරන්නක් බවද පොලිස් ප්‍රකාශකයෙක් ‘මව්රට’ට පැවැසීය
මෙවැනි රියැදුරන් සහ කොන්දොස්තරවරුන් කෙරෙහි පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බවද, මහජනතාව ද එවැනි අය පිළිබඳ සුපරීක්ෂාකාරීව සිට පොලිසිය දැනුවත් කළ යුතු බවද හෙතෙම කීවේය.
නන්දන ශ්‍රී දොරකුඹුර








