• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චන්ද්‍රිකා මට එන්න කිව්වා ! මම හොරගොල්ල වලව්වට ගියා…! Sri Lanka Latest News

January 31, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
චන්ද්‍රිකා මට එන්න කිව්වා ! මම හොරගොල්ල වලව්වට ගියා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය හොරගොල්ල වලව්වේදී හමුවුණා. ඒ, සමාජ මාධ්‍යවල සහ මාධ්‍යවල මගේ අදහස් අසා, නරඹා එතුමිය විසින් කරන ලද ආරාධනාවකට අනුව.Sri Lanka Latest News

මෙරට දේශපාලනයේ තරුණ නවකයන්ගේ අවශ්‍යතාව එතුමිය තදින් විශ්වාස කරන බවයි සාකච්ඡාවේ හෝරා එකහමාර තුළ මට දැනුණේ. ගතින් ස්වභාවධර්මයට අනුකූලව දුබල වුවත්, වත්මන් දේශපාලනය පිළිබඳ ඇගේ යාවත්කාලීන දැනුම, තියුණු දේශපාලන කියවීම් තවමත් තරුණයි. විචක්ෂණයි. එසේම මා එතුමියගේ පුත් වෛද්‍ය විමුක්ති කුමාරතුංගගේ සම වයසේ වීම කතාබහ සුහදව දීර්ඝ වීමට හේතු වුණා.

මා පාසල් සිසුවකුව සිටි යුගයේ, 1997 වර්ෂයේදී එතුමිය ලුණුගම්වෙහෙර සතොස සහල් සැකසුම් මධ්‍යස්ථානය විවෘත කිරීමට පැමිණි අවස්ථාව මට මතකයි. එහි සමරු ඵලකය විවෘත කරන මොහොතේ ඒ අසල සිටි බාලදක්ෂයා මම. දශක තුනකට එහා අතීත මතකයක් මගේ මව විසින් ‘ලංකාදීප’ පුවත්පතෙන් ඉවත් කර සුරක්ෂිත කර තිබුණා. එය දුටු මැතිනියත් මොහොතක් අතීතයට ගියා.

ඒ, ඇයගේ ජනප්‍රියත්වයේ ඉහළම කාලය. ඒ මොහොතේ ලංකාවේ ජනප්‍රියම කාන්තාව ඇය. ‘කාලය යන වේගය නේද?’ එතුමියගෙ මුවින් ගිලිහුණා. එසේම ලංකාවේ සම්මතයේ, එතෙක් මෙතෙක් ඉතිහාසයේ කඩවසම්ම පුරුෂයාගේ (විජය කුමාරතුංගයන්ගේ) තේරීම.

1997 වසරේ වී ගොවිතැනෙන් අක්කරයකින් බුසල් 120ට වඩා ලබාගත් ගොවියන්ට එතුමිය සමග දිවා භෝජන සංග්‍රහයක් ලබාදී සහතිකයක් ලබාදී මූල්‍ය ආධාර ලබාදී තිබුණා. ඒ සහතිකය මගේ පියාටත් ලැබුණා. එය ඇය දැක්කා දශක තුනකට පසු. එයත් එතුමිය අතීතයට මොහොතක් රැගෙන ගියා.

එසේම එවෙලේම එතුමියගේ අත්අකුරෙන් ලියූ වදනක් සහිත කෘතියක් මට ලබාදුන්නා. ඒ, 94 යුග පෙරළිය පිළිබඳ මතකයන් සහිත කෘතියක්.
ලංකාවේ එක් පරිවර්තනීය යුගයක, පුරුෂ මූලික සමාජයක්, දශකයක් අයෝමය හස්තයකින් පාලනය කළ නායිකාවක් සම්මුඛ වුණා. මහින්ද රාජපක්ෂ, එස්.බී., මංගල, කිංස්ලි, ධර්මසිරි, මෛත්‍රිපාල සේනානායක, සී.වී., මහින්ද විජේසේකර, දි.මු. ජයරත්න වැනි නියම පිරිමි සිටි කැබිනට් මණ්ඩලයක් පාලනය කළ කාන්තාවක්.

මමත් එතුමියව නිරීක්ෂණය කරනවා. එතුමියට ඒක වැටහෙනවා. එතුමියත් මම සංග්‍රහය භුක්තිවිඳින අවස්ථාවේ මාව නිරීක්ෂණය කරනවා. මටත් ඒක වැටහෙනවා.
කෙතරම් දෙස් විදෙස් පුරුෂයන්, ස්ත්‍රීන් මෙසේ ඇයගේ කියවීමට හසුවී ඇත්දැයි මම ඒ මොහොතේම කල්පනා කළා. සිය පියාගේ යුගයේ, මවගේ යුගයේ, තම පාලන යුගයේ, තම ස්වාමිපුරුෂයාගේ නායකත්වයෙන් දේශපාලනය කළ යුගයේ.

පියා අහිමි වනවිට වයස 14යි. ස්වාමියා අහිමි වන විට වයස 43යි. දරුවන් දෙදෙනාම විදෙස්ගතයි. නිල නිවස අහිමියි. කයින් දුබලයි. ඒත් දෘෂ්ටිය ඍජුයි. වචනයේ ආධිපත්‍යය එසේමයි. ගින්නෙන් පන්නරය වූ මුවහත් අසිපතක්.

ජයවර්ධනයන්ගේ අයෝමය පාලනයට මුහුණ දුන්, ජවිපෙ බිහිසුණු අවියට මුහුණ දුන් ශක්තිමත් ගැහැනු ආත්මයක්. පීඩනයන් නිසාම, දරාගැනීම් නිසාම තියුණු වුණු මනසක්.
‘අපට කෙතරම් දෑ ඉගෙන ගන්න තිබෙනවාද? අපි මොනවද ජීවිතේ අභියෝග කියලා මුහුණ දීපු දේවල්? ඒව ඇත්තටම අභියෝගද…?’ මට හිතුණා.

මට අපේ සමාජය හෝ නායකයන් ගැන වෛරයක් නෑ. නව යොවුන් වියේ ආවේගයන් දැන් තුනීවෙමින් යනවා. ද්වේෂය වසක්. මම එය පානය කරන්නෙ නෑ. මගේ උපතෙන් පසු මට උරුම වූ පරිසරයන් පසු කරගෙන මා හුඟක් දුර ඇවිත්. හිටපු රාජ්‍ය නායිකාවක් මට හමුවන්න එන ලෙස ඇරයුම් කරන තෙක් මම දුරක් ඇවිත්. එය අධ්‍යාපනයේ බලයයි. මා ලද උගත්කමේ, ශික්ෂණයේ බලයයි. බෞද්ධයෙක් ලෙස මා පෙර කළ පින් බලයයි. ජීවිතයේ මට ලැබුණු අවස්ථාවන් සබුද්ධිකව කළමනාකරණය කරගැනීමේ ප්‍රතිඵලයයි. මට ලැබුණු පහසුකම්වලින් මගේ කුසලතාවන් මුවහත් කරගැනීමේ ප්‍රතිඵලයයි.

එතුමිය පොදු, නිර්පාක්ෂික, ජනහිතකාමී වැඩපිළිවෙළක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා. එයට සුබ පැතුම්.
එසේම මගේ දැක්ම, පක්ෂ විනය තුළ උපරිම සහයෝගය එතුමියට ලැබෙනවා ඇති.
චන්ද්‍රිකා මැතිනියට නිරෝගී සුව හා දීර්ඝායු පතමි.

ප්‍රියංකර මහගම්මුල්ලගේ

SendShareShare
Previous Post

මාලිමා ඇමැතිවරු විතරද උද්දච්ච? හිටපු උන් උද්දච්ච නෑ…? Sri Lanka Latest News

Next Post

සෑහෙන්න කටු කලා තමයි හැමදේම ලබාගත්තේ…! නාවික හමුදාවෙන් ලැබූ පන්නරය තමයි අද මාව මෙතැනට ගෙනාවේ… ! ජීවිතේ කරපු වැරැදි ආපහු නිවැරැදි කරගන්න බැහැ…! දිමංක වෙල්ලාලගේ! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අදටත් රටේ ගොවි ජනතාවට සිදුවන ඛේදවාචකය ගැන කණගාටුවට පත් වන බවත් පසුගිය මැතිවරණ සමයේ ගොවි බිමට බැස ගොයම් කකා වීවලට...

Read more
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.