• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මිලියන ගණනක් අඬවපු හඳ මාමට දුක කියපු අවුරුදු පහේ පුංචි කෙල්ල! Sri Lanka Latest News

February 22, 2026
in Heart
Reading Time: 3 mins read
A A
මිලියන ගණනක් අඬවපු හඳ මාමට දුක කියපු අවුරුදු පහේ පුංචි කෙල්ල! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හඳ මාමේ හඳ මාමේ ඔයා අහසෙ නැති දවසක
අනේ අපිට වින කෙරුවා ගමට උඩින් තිබුණු කන්ද
වැස්ස ඇවිත් කඳු මුදුනට අපි ගැන වරදක් කිව්වද
හඳ මාමේ අපේ ගමම කොච්චර නම් අහිංසකද?

පහුගිය දවස්වල මේ පද අවුරුදු 5ක චූටි වයසක ඉන්න දරුවෙක්ගෙ හඬින් ගීතයක් විදියට එළියට ආවා ඔබ අහන්න දකින්න ඇති. ඒකෙ විශේෂම දේ ගීතයෙ අර්ථය තියෙන්නෙ පහුගිය දිට්වා කුණාටුවත් එක්ක නාය ගියපු ගමක තනිවුණු කුඩා දරුවෙක්ගෙ ශෝකාලාපයක්. සංජක ප්‍රසාද් දොලේවත්ත නිර්මාණකරුවාගේ අතිශය සංවේදී පද රචනයක් වගේම ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ මහතාගේ ශෝක රසය පිරුණු තනුවක් එක්ක නිර්මාණය වුණු මේ ගීතය ෆේස්බුක් තුළ පමණක් දින කිහිපයක් තුළ මිලියන ගානක් නරඹලා තිබුණා. ඒ ගීතයට ලැබුණු ප්‍රතිචාරවල දැකපු ප්‍රධානම දේ තමයි මේ ගීතය නරඹපු බහුතරයක් දෙනාට ගීතයෙ අවසානයෙ දෙනෙතට කඳුළක් උනලා තිබුණු එක.
මේ ගීතය ගායනා කරන්නෙ තෙනුදි රනායා කියන පුංචි දැරිය. ඇයට තවම අවුරුදු 5යි. ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන පුංචි රනායා මේ ගීතයේ වචන ටිකට උපරිම සාධාරණයක් කළා කියලා ගීතයේ සංගීත අධ්‍යක්ෂ නවරත්න ගමගේ මහතා අපි සමග ප්‍රකාශ කළා.

‘ඇත්තටම මේ ගීතය ගායනා කරන්න ටිකක් අපහසු ගීතයක්. සංජක මේ වචන ටික මට එව්වට පස්සෙ මම මේ දුවව මගේ නිවසට ගෙනල්ලා තනුවක් දාන්න කලින් මේ දුවගෙ හඬ පරාසය ගැන අවබෝධයක් ගත්තා. නමුත් මේකෙ සම්පූර්ණ ට්‍රැක් එක ගහලා ඉවර වෙනකොට මම මේක හැදුවෙ පුංචි දරුවෙක්ටනෙ කියන එක මටත් අමතක වුණා. ඒක ගායනා කරන්න ඇත්තටම ටිකක් අපහසු ගීතයක්. මේ ගීතය වාදනය කරපු ශිල්පියො පවා ඒක මට කිව්වා.’

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ නවරත්න ගමගේ මහත්මයා මේ ගීතය ගැන එහෙම කියනකොට ගීතය රචනා කරපු සංජක ප්‍රසාද් දොලේවත්ත නිර්මාණකරුවාගෙ අදහස වුණේ මෙවැන්නක්.

‘මට මේ ගීතයට ආරාධනාව ආවෙ රනායගෙ තාත්තගෙන්. අද කාලේ කුඩා දරුවන්ට ගොඩක් ගීත නිර්මාණය වෙන්නෙ අම්මා, තාත්තා, රට, පාසල, වගේ පොදු කාරණා පදනම් කරගෙන. හැබැයි මේ ගීතය එහෙම නෑ. අපි පරිසරය පදනම් කරගෙන ගීතයක් නිර්මාණය කරමු කියලා හිතනකොට තමයි මට අදහසක් ආවෙ මීට මාස 2කට වගේ මේ රටට දිට්වා කුණාටුවත් එක්ක සිද්ධවුණු විනාශය. ඒක මුළු රටම කම්පනයට පත්කළා. ඒ අතර එක ප්‍රවෘත්තියක් තිබ්බා හසලක නෙලුම්මල ගමේ යහන්ගල කන්ද නාය ගිහින් මුළු ගමම පස්වලට යටවෙලා එක දරුවෙක් ඉතිරි වුණු කතාවක්. ඒ වගේ අවස්ථාවක ඒ දුවට දුක කියන්න තැනක් නෑ. ගමේ සියලු දෙනා පස් යට. එහෙම ගම් කීපයක්ම තිබුණා මම දැක්කා. ඉතින් ඒ දුවට දැනෙන හැඟීම තමයි මම ගීතයක් විදියට පෙරළලා මේ නිර්මාණය කළේ. පුංචි වුණත් රනායා දුව ඒ ගීතයට ඉතාම සාධාරණයක් කළා.’

මෙහි රූප රචනය කරපු ධනුශ්ක කුමාරතුංග සමගත් අපි මේ ගීතයේ රූප රචනය ගැන කතා කළා.
‘මේ ගීතය මට සංජක අයියා එව්වට පස්සෙ මට තිබුණු ප්‍රධානම අභියෝගය තමයි කොහොමද මේකට රූප රචනාව කරන්නෙ කියන එක. එකට හේතුව ගීතයේ තිබෙන අර්ථය සහ සංගීතමය භාවමයට හානියක් නොවන රූප කතාවක් ගොඩනැගෙන්නේ කොහොමද කියන එක. මුලින්ම අපි හිතුවේ නිර්මාණය කරන ලද පසුතලයක් තුළ මේ ගීතය පටිගත කරන්න. ඒත් මෙහි තිබෙන සංවේදීතාවන් සහ අපට ළඟම ඇති අද්දැකීමක් නිස සැබෑ පසුතලයක් තුළම නිර්මාණය කරන්න පෙලඹුණා. නමුත් තෝරාගත් ස්ථාන කීපයක්ම පරීකෂා කළ පසු සහ ඉන් පෙර සිටම නෙලුම්මල ගම්මානය හරහා නිතර ආ ගිය කෙනෙක් විදිහට ඒ සමාජමය වටපිටාව පිළිබඳ තිබූ අත්දැකීම් සහ හැදෑරීම් නිසා එම ස්ථානයේම රූගත කිරීමට යොදාගත්තා. ඒ වගේම පුංචි රනායා එක්ක සහ පොඩි දරුවන් එක්ක මේ වැඩේ කිරීම සඳහා අපි මුල ඉඳලම සැලසුම් කළා. ඒ වගේම නිර්මාණයට යොදාගත් සියලු චරදචි එම ස්ථානයේ තිබුණු සැබෑම නායගිය නෙලූම්මල ගම්මනයේ තිබුණු දේවල් ඒවා හරි සංවෙදී භාණ්ඩ ළමයින්ගෙ පොත්පත්, ඇඳුම්, සපත්තු ඇත්තටම ඒ ගමේ නැතිවුණු දරුවො පාවිච්චි කරපුවා. ඒ වගේම මේ ගීතය රූප රචනය කරන්න ලේසි වුණේ නෑ. ඒ යටවුණු හරියෙ යන්න බෑ තවම එරෙනවා. හැබැයි අපේ කණ්ඩායමට පුළුවන් වුණා ප්‍රේක්ෂකයට දැනෙන නිර්මාණයක් කරන්න. මේ ගීතයට වගේම රූප රචනයට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි.’

SendShareShare
Previous Post

ලොකු රැවටීමක් වුණේ…! මානසිකව ගොඩක් වැටුණා…! නිවාඩුවක් ලැබෙනකම් ඉන්නේ ගමට යන්න…! විනෝලි දිශානායක I Sri Lanka Latest News

Next Post

කාලෙකට පස්සේ ඉෂාරා ආයෙත් වැඩ අල්ලයි…! මම ආපහු රඟපාන්න කැමැත්තෙන් ඉන්නේ…! දරුවන් වෙනුවෙන් මම පොඩි විවේක කාලයක් ගත්තා විතරයි…! ඉෂාරා සඳමිණි I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ සිදු කිරීමට ගිය වෙඩි තැබීමේ උත්සාහයක් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති...

Read more
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.