• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කොළඹින් ඉතාලියට පැන්න නැට්ටුක්කාරී…

November 17, 2021
in Heart
Reading Time: 4 mins read
A A
කොළඹින් ඉතාලියට පැන්න නැට්ටුක්කාරී…
Share on WhatsAppShare on Facebook

හිතපු තරම් ලේසි වුණේ නෑ…
දවසක මගේම දෙයක් කරනවා…

කොළොම්පුරවරයෙන් හැදී වැඩී හැඩවන මේ නැට්ටුක්කාරි දැන් රංගන ශිල්පිනියක් බවට පත්වෙලා. මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයක සුවිශේෂී චරිත නිරූපණය කරමින් ඔබ හමුවට එන ඇය කිත්මි මුතුමැණිකේ. ඇයගේ රංගන ජීවිතයේ මතක සැමරුම් ගැන ‘මව්රට’ අපිත් එක්ක කතා කළා…

මේ දවස්වල ඔබ ඉතාලියට පනින්න සූදානම් වෙනවා නේද?
තවම කොළඹ ඉන්නේ. එහෙම අදහසක් නැහැ. ‘කොළඹ ඉතාලිය’ ටෙලිනාට්‍යයේ ‘තාරුකි’ ප්‍රශ්න ගොඩක අතරමං වෙලා ගෙදරට කොටුවෙලා ඉන්නේ. මමත් කැමැතියි වටපිටාව දකිමින් ලස්සන ජීවිතයක් ගතකරන්න. ‘තාරුකි’ වගේ අද සමාජයේ ඕනෑ තරම් ගැහැනු ළමයි ඇති. ඉතින් අවසානයේ ‘තාරුකි’ගේ හැම සිහිනයක්ම බොඳවෙනවා.

අපි මේ දකින්නේ පළමු රංගනයද ‘තාරුකි’ ලෙසට?
‘සිහින ගෙනෙන කුමරි’ ටෙලිනාට්‍යයෙත් මම රඟපානවා. හැබැයි මගේ රඟපෑම මුලින්ම දැකගන්නට ලැබුණේ ‘කොළඹ ඉතාලිය’ ටෙලිනාට්‍ය තුළින්.

ඔබට රඟපාන්න හිතුණේ ඇයි?
මට මේ අවස්ථාව ලැබුණේ අහම්බෙන්. මම නර්තන ශිල්පිනියක් ලෙසට තමයි මුලින්ම කටයුතු කළේ. චන්දන වික්‍රමසිංහ රංගායතනයට සම්බන්ධ වුණාට පස්සේ තමයි මට රංගනයට වගේම නර්තනයට ආශාවක් ඇති වුණේ. උපුලි කළුපහන, චන්න විජේවර්ධන, චන්දන වික්‍රමසිංහගෙ ගුරුවරුන් යටතේ මම නැටුම් හැදෑරුවා. පස්සේ මට ප්‍රසංග වේදිකාවේ නර්තනය හදාරන්න අවස්ථාව ලැබුණා.

ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්න කලින් කිත්මි සිනමාවට සම්බන්ධ වුණා නේද?
පත්තිනි, යශෝධරා, අලි කතාව, මහරජ අජාසත් චිත්‍රපටවලට නර්තනයෙන් සම්බන්ධ වුණා. චරිත නිරූපණය කළේ නැහැ. සිනමාවට සම්බන්ධ වෙන්නත් අදහසක් තියෙනවා.

ඔබ රංගනය පිළිබඳ හැදෑරීමක් කළාද?
මට මේ විෂය ගැන ඉගෙනගන්න ලොකු වුවමනාවක් තිබුණා. ඉතින් නර්තනයෙන් මම ලබපු අත්දැකීම් එක්ක තවත් ඉස්සරහට යන්න හිතුවා. පස්සේ මම ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරාගේ රංග පාසලට සම්බන්ධ වුණා. ඔය කාලයේ තමයි මට රංගන වරම් හිමිවුණේ. චාලක රණසූරිය මහතාගේ මග පෙන්වීම යටතේ මට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඔය විදියට තමයි මම මේ ගමන ආවේ.

අහම්බෙන් හරි ඔබ දැන් කලා ශිල්පිනියක් බවට පත්වෙලා, ඒ සතුට ගැන කිව්වොත්?
ගොඩාක් සතුටුයි. වෙනස්ම අත්දැකීමක්. රඟපාන එක පහසුයි කියලා තමයි හිතෙන්නේ. නමුත් කරලම බලන්න ඕනෑ ඒ වෘත්තිය කොයි වගේද කියලා. හිතන තරම් පහසු නැහැ රඟපෑම. හැබැයි හරිම සුන්දර නවාතැනක් මේ කලාව.

තාත්තාගේ විරෝධය මැද ආපු ගමනක් නේද මේ?
තාත්තා නම් කැමැති වුණේම නැහැ මම රඟපානවට. අම්මා කලාවට ගොඩාක් කැමැතියි. ඉතින් අම්මාගෙන් ලැබුණු සහායත් එක්ක මට ගොඩාක් පහසු වුණා මේ ක්‍ෂේත්‍රය ගැන හොයමින් ඉදිරියට යන්න.

ඉදිරි සැලැසුම මේ තුළම රැඳෙන්නද?
තව මගේ බලාපොරොත්තු තිබෙනවා. මම දැනට සෞන්දර්ය විශ්වවිලයේ ප්‍රථම වසරේ නර්තනය හදාරනවා. ඒ අතර හොඳ නිර්මාණවලින් මට ආරාධනා ලැබුණොත් තෝරාබේරාගෙන රඟපානවා.

වේදිකා නාට්‍යයක් නිර්මාණ කිරීමට සූදානමක් තියෙනවා නේද?
ඔව්… දැනටමත් මම වේදිකා නාට්‍ය දෙකක් ලියලා ඉවරයි. මම රඟපාන්න එන්න කලින් වේදිකා නාට්‍ය නැරැඹීමට ලොකු ආශාවක් තිබුණා. ඉතින් මම හිතුවා දවසක මගේම නිර්මාණයක් කරනවා කියලා. ලබන වසරේ මගේම නිර්මාණයක් වේදිකාගත කරනවා. එයට මේ දවස්වල සූදානමින් ඉන්නේ.

කොළඹින් පටන්ගත්ත ගමන නැවැතත් කොළඹ තුළම නතර වුණා නේද?
‘Once upon a time in la‍olombo’ මම සම්බන්ධ වුණු අලුත්ම ටෙලිනාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. ඉදිරියේදී මේ ටෙලිනාට්‍යයේ ‘සරා’ නමින් දමිළ චරිතයක් නිරූපණය කරනවා. එය මට වෙනස්ම අත්දැකීමක් වුණා මම කරපු අනෙකුත් නිර්මාණවලට වඩා.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

චීන අසූචි පොහොර කොම්පැනිය ලංකාවම අන්දන්න යයි! පත්තරවල දාගත්තේ සල්ලි ගෙවලාද?

Next Post

මේනියාකාරයෝ හැම තැනම! සාප්පුවල ඇඳුම් මාරු කරනකොට වටපිටත් බලන්න! (VIDEO)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.