චීනයෙන් ගෙන්වූ කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා රහිත බවට තුන්වන පාර්ශ්වයක් වන Schutter Global Inspection and Survey Company නම් ආයතනය විසින් විසින් නිකුත් කොට ඇති සහතිකය මීට සති කිහිපයකට ඉහතදී නිකුත් කර ඇති එකක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.
කෙසේවෙතත් මෙම ආයතනය මගින් ලබා දී ඇත්තේ මිනිසුන්ට අහිතකර බැක්ටීරියා නොමැති බව පමණක් බවද දැනගන්නට ඇත.
නමුත් ශාකවලට අහිතකර බැක්ටීරියා මෙම පොහොර තොගයේ අඩංගු බව ඒ පිළිබද විශේෂඥයන් විසින් දැනටමත් තහවුරු කොට ඇත.
ඒ අනුව පොහොර තොගයේ බැක්ටීරියා රහිත බවට වූ පුවත මුදල් ගෙවා මාධ්‍යවල පළ කොට ඇති බවට බරපතළ සැකයක් මේ වනවිට එකී විශේෂඥයන්ට මතුව තිබේ.
ඒ පිළිබද විශේෂ හෙළිදරව්වක් ඉදිරි දින කිහිපය තුළ සිදුකිරීමට එම විශේෂඥයන් සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.