මේ වසරේ ගතවූ මාස හතරක කාලය තුළ අධිකරණ මඟින් පුද්ගලයින් 51 දෙනෙකු චූදිතයින් බවට පත් කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසනවා. මෙලෙස චූදිතයින් බවට පත්වූවන් අතරින් 41 දෙනෙකුම රාජ්‍ය නිලධාරීන් වීම විශේෂත්වයක්.Sri Lanka Latest News
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මාසික ප්‍රගති වාර්තාව උපුටා දක්වමින් එම කොමිසම සඳහන් කරන්නේ, මේ වසරේ ජනවාරි මස 01 වැනිදා සිට අප්‍රේල් මස 30 වැනිදා දක්වා වූ කාලය තුළ මෙම පිරිසට එරෙහිව නඩු ගොනු කර ඇති බවයි.
ඒ අනුව, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් පුද්ගලයින් 03 දෙනෙකු සහ කොළඹ මහාධිකරණය මඟින් පුද්ගලයින් 48 දෙනෙකු ඇතුළුව සමස්ත පුද්ගලයින් 51 දෙනෙකු මෙලෙස අධිකරණ හමුවේ චූදිතයින් බවට පත්ව ඇත.
එම ප්‍රගති වාර්තාවට අනුව චූදිතයින් බවට පත් වූ රාජ්‍ය නිලධාරීන් අතර, පොලිස් දෙපාර්තමේන්තුව: නිලධාරීන් 14 දෙනෙක්, ජාතික රූපවාහිනී සංස්ථාව: නිලධාරීන් 04 දෙනෙක්, නාගරික සංවර්ධන අධිකාරිය: නිලධාරීන් 02 දෙනෙක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව: නිලධාරීන් 02ක්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය: නිලධාරීන් 02ක්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව: නිලධාරීන් 02ක්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව (අඩවි වන නිලධාරීන්) : නිලධාරීන් 02ක් ලෙස එම වාර්තාවෙන් වැඩිදුරටත් දක්වා ඇත.










