• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

‘දක්ෂකම මගේ බෝන් ටැලන්ට් එකක්’ – දර්ශන් තවරාජා! Sri Lanka Latest News

October 1, 2024
in Heart
Reading Time: 3 mins read
A A
‘දක්ෂකම මගේ බෝන් ටැලන්ට් එකක්’ – දර්ශන් තවරාජා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද ‘හාට්’ එකේ පුංචි කතාබහට සෙට් වෙන්න ආවේ දර්ශන් තවරාජා. එයා කවුද, කින්දමන්ද කියලා බොරු හෑලි ලියන්න ඕනෙ නැහැ. ඒ තරමට දර්ශන් තවරාජා කා අතරත් ජනප්‍රියයි. (Sri Lanka Latest News)

දර්ශන් තවරාජා මේ තරමට කෙල්ලන්ගේ ක්‍රෂ් එක වුණේ කොහොමද? එයාගේ කොණ්ඩෙ නිසාද? අමුතු ස්ටයිල් එකේ රැවුල නිසාද? මහන්සි වෙලා හදාගෙන තියෙන ඇඟ නිසාද? එහෙමත් නැත්නම් ටැමිල් හුරුවට සිංහල කතාකරන කියුට් ගතිය නිසාද?

ඇත්තටම දර්ශන්වත් දන්නෙ නැහැ ඒකට උත්තරය. ඒත් ඔහු ‘හාට්’ එකට ඇවිදින් අපි අහපු ප්‍රශ්නවලට නම් හරි කෙළින් උත්තර දුන්නා.

ඉතින් කොහොමද දර්ශන්?
වරදක් නැහැ. සතුටින් ඉන්නවා අපි.
හාට් එකට සෙට් කරගත්තෙ අමාරුවෙන්. ඔයා ඒ තරම් බිසීද?
පසුගිය දවස්වල නම් ගොඩක් බිසී වුණා. මගේ වර්ක්ෂොප් එක නිසා.
වර්ක් ෂොප් එක කිව්වේ?
ඒක ඇවිදින් පේන්ටින් වර්ක්ෂොප් එකක්. චිත්‍ර අඳින්න දක්ෂ අයව, ඒකට ලොකු කැමැත්තක් තියෙන අයව එකතු කරගෙනයි ඒ වර්ක්ෂොප් එක කළේ.
චිත්‍රවලට ඔයා ඇලුම් කරනවද?
පුංචි කාලේ ඉඳලම මගෙ හීනේ වුණේ දක්ෂ ආර්ටිස්ට් කෙනෙක් වෙන්නයි. ඒක මගේ බෝන් ටැලන්ට් එකක්. ඒ ටැලන්ට් එක තව දියුණු කරගන්න මම ඉන්දියාවටත් ගියා.
වර්ක්ෂොප් එක ඔයා හිතපු විදියට සාර්ථකව තිබුණද?
හිතුවට වඩා ඒක සාර්ථකව තිබුණා. ඇත්තටම ඒක ලොකු සතුටක්. ලංකාව පුරාම මේ වගේ වර්ක්ෂොප් තියන්නයි මම ටාර්ගට් කරගෙන ඉන්නේ.
ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත කියන කතාව ඔයා බොරු කළා?
ඒක නම් ටිකක් අපැහැදිලියි වගේ මට. ආයෙම අහන්න බලන්න.
ඉවෙන්ට් එකක්ම ඔයා ජය අරන්…?
ඔව් නේද… එහෙම එකකුත් තියෙනවා. සතුටුයි ඉතින් අවංකවම. ඒ වගේම තව යන්න ලොකු දුරක් තියෙනවා. මම මහ ලොකු මිනිහෙක් නෙවෙයි.
වැඩිපුර හිට් වුණේ ‘සී යූ’ ටෙලිය හරහා කියලා කිව්වොත්?
හුඟ දෙනෙක් ‘සී යූ’ එකෙන් මාව දැනගත්තා. ලොකුවට ප්‍රතිචාර එන්න ගත්තා.
මෙයා කවුද, කොහෙන් ආවද, උදඅ කියලා වැඩිපුර කමෙන්ට් කළේ යං කෙල්ලෝ?
එක එක්කෙනා එහෙම කියනවා ඉතින්. අනේ මන්දා ඕවා…
‘සී යූ’ ටෙලිය ඉවර වෙනකල් වෙන ටෙලි බාරගන්නේ නැහැයිලු…?
මම ටෙලියක ඇක්ට් කරනකොට ඒ කැරැක්ටර් එකට බැහැලම වැඩේ කරනවා. ටෙලි ගොඩක් එකපාරට බාර ගන්න එක ටිකක් කරදරයි. ඒ නිසා දැනට යන්නේ මේ විදියට.
‘සී යූ’ ටෙලියෙදි ශලනිට වැඳලා සමාව ගත්ත කතාව ප්‍රසිද්ධ කළේ හිට් වෙන්නද?
අයියෝ… ඒ වගේ බාල වැඩ මං ළඟ නැහැ. එක දවසක් ෂූටින්වලට එන්න ලේට් වුණා. හැමෝම මං එනකල් සෑහෙන කට්ට කාලා. ඒ හැම කෙනකුගෙන්ම මම වැඳලා සමාව ගත්තා. ටී දෙන අයියා නිශ්ශංකටත් වැන්දා. ඔය අතරේ ශලනි අක්කට වඳින එක විතරක් වීඩියෝ කරලා සෝෂල් මීඩියාවල දාලා. මමත් දන්නේ පස්සෙයි. ඒක ධනුෂ්ක අයියගේ වැඩක්. කොහොමත් හිතුවට වැඩිය ඒක වයිරල් වුණා. හැබැයි මම ඕවට නැහැ. එච්චරයි.
මියුසික් වීඩියෝවලට එන ආරාධනා බොහොමයක් ඔයා රිජෙක්ට් කරනවලු දර්ශන්?
මං ගැන ඕනෑවට වඩා ලොකු ලොකු සීන් දාන්න කයිවාරු කතා කියන්න මම ආසා නැහැ. අහපු ප්‍රශ්නෙට සරලව උත්තර දෙනවා නම් මම බාරගන්නේ මගේ හිතට තදින් දැනෙන මියුසික් වීඩියෝස් විතරයි.
‘ආල තරණය’, ‘මුලාවී’ ඔයාගේ හිතට දැනුණාද?
ඔව්. ආල තරණය අපේ හෙක්ටර් ඩයස්ගෙ දුව ඩියෝනගේ. ඒකේ මට තිබුණෙ රජ කෙනකුගේ කැරැක්ටර් එකක්. ‘මුලාවී’ එකට කතා කළේ ‘හොට් චොක්ලට්’ බෑන්ඩ් එකෙන්. එයාලා කිව්වා මාවම තමයි ඒකට හරියන්නේ කියලා. වෙනසක් හොයනවා කිව්වා. ඩියෝනා ඩයසුත් කිව්වේ වෙනසක් හොයන නිසා මට ඉන්වයිට් කලා කියලයි. වෙනසකට එයාලා මාව හොයපු එක මට ලොකු සතුටක් ආශ්වාදයක් වුණා.
වීඩියෝස් දෙකම ටේ‍රන්ඩින්…?
ඔව්. ඇත්තටම සතුටුයි. හිතට දැනෙන කමෙන්ට්ස් එනවා. හොඳ ඕඩියන්ස් එකක් හැදෙනවා. ඉතින් මාරම සතුටුයි.
දර්ශන් තවරාජා කියන ජනප්‍රිය චරිතයෙන් බැහැරව ඔයා ගැන කියනවා නම්?
ජිම් යන පොරක්. සනීපෙට නිදාගන්න, ෆිල්ම් එකක් බලලා හොඳට කාලා බීලා සරලව ආතල් එකේ ඉන්න කැමැති ෆන් කොල්ලෙක්.
විශේෂ ටාගට්, බලාපොරොත්තු එහෙම?
ආටිස්ට් කෙනෙක් විදියට නමක් හදාගන්න. ලස්සනට චිත්‍ර අඳින්න කැමැති අයට ඒ ටැලන්ට් එක දියුණු කරගන්න කැමැති අයට උදව් කරන්න ලොකුවට හිතාගෙන ඉන්නවා. දැනට එච්චරයි.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අනුරගේ ‘ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක’ දුමින්ද හුළංගමුව කිසිම වැටුපක්-වරප්‍රසාදයක් නොගෙන සේවය කරන්න තීන්දු කරලා! රනිල්ගේ කාලේ නම් කිසිම සුදුසුකමක් නැති එවුන්ට උපදේශක තනතුරු දීලා තිබ්බේ කෝටි ගණන් වටින සුපිරි කාර්-වරප්‍රසාද-වැටුප් එක්කමයි!  I Sri Lanka Latest News

Next Post

පොලිසියට ලොකු සුද්දයක් ලෑස්තියි! CIDය අම්පාවිලට? අජිත් රෝහණ බස්නාහිරට? චෝදනා ඇති නිලධාරීන් රැසක් CCD එකෙන් එළියට?  I Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.