• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සුපිරි නළුවෝ පිස්සු වට්ටපු දකුණු ඉන්දියාවෙන් ආ සිහින කුමරි…

September 29, 2021
in Heart
Reading Time: 5 mins read
A A
සුපිරි නළුවෝ පිස්සු වට්ටපු දකුණු ඉන්දියාවෙන් ආ සිහින කුමරි…
Share on WhatsAppShare on Facebook

මම කිසිම සුපිරි නළුවෙකුගේ අනියම් බිරිය හෝ පෙම්වතිය වුණේ නෑ…
මගේ අම්මා නොසිටින්නට ‘හේමා මාලිනි’ නම් නිළියක් මතු නොවන්නට ඉඩ තිබුණා…

හේමා මාලිනිය උතුරු ඉන්දීය සිනමාවට පැමිණියේ දකුණු ඉන්දියානු සිනමාවේ සිටය. ප්‍රවීණ ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පිනියක වූ ජයා චක්‍රබෝර්තිගේ දියණියක වූ හේමා මාලිනී පළමුව ප්‍රසිද්ධ වේදිකාව ජයගත්තේ මෝස්තර නිරූපණය තුළින්ය. මෝස්තර නිරූපණ සන්දර්ශනයන් සහ තරගයන් සඳහා හේමා මාලිනිය ඉදිරිපත් වූයේ අම්මා විසින්ම නිර්මාණය කරන ඇඳුම් ආයිත්තම් සමගය.

භාරත නර්තනයද හදාරා තිබූ හේමා, විලාසිතා නිරූපණය ඉදිරිපත් කළ විලාසය ඉතාම ආකර්ෂණීය විය. එය කෙතරම් ආකර්ෂණීය වීද යත්, හින්දි සිනමාවේ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්‍ෂවරු ඈ දෙපා තබන නර්තනාත්මක විලාසය දෙස බලා සිටියේ උන්මාදයෙනි. රමේෂ් සිප්පි, මන්මෝහන් දේශායි, ශක්ති සමන්තා වැන්නවුන් ඒ අතර ප්‍රධානීහු වූහ.

පළමු වරට දමිළ චිත්‍රපටයක නර්තන ශිල්පිනියක ලෙස රංගනයෙන් දායක වන විට හේමා මාලිනිය පහළොස් හැවිරිදි කෙල්ලක විය. එයට පසු තෙළිඟු සහ කණ්ණඩ චිත්‍රපටවලින් ඇයට පැමිණෙන ආරාධනයන් ප්‍රබල වුවද, හේමා මාලිනියගේ අම්මා සිය දියණියව උතුරු ඉන්දීය සිනමාවට තල්ලු කර දැමුවාය. 1971 වසරේ ‘අන්දාස්’ චිත්‍රපටයෙහි රඟපාමින් ඈ ‘බොක්ස් ඔෆිස්’ චිත්‍රපට සඳහා උල්පත් පාදන සුපිරි තරුවක ලෙස ඉතා කඩිනමින් ඉහළ අහස් කුස සිප ගත්තාය.

රේඛා, මුම්ටාස්, වහිඪා රෙහමාන්, ෂර්මිලා තාගෝර්, සධනා යන සුපිරි නිළියන් අතර ඊර්ෂ්‍යාවට බඳුන්වන තරමට හේමා මාලිනියගේ ජනප්‍රියත්වය අසීමාන්තිකව තිබිණි.
දඟකාර චරිත සමග තැන්පත් භාරත කාන්තාවන්ගේ චරිතයන් තුළින්ද එකසේ දස්කම් පෑ හේමා මාලිනිය තමා වෙනුවෙන් තෝරන ඇඳුම් ආයිත්තම් සඳහා තම මවගේ උපදෙස් තමා හට අවැසි බව සුපිරි සිනමා තරුවන් හමුවේ අනිවාර්යය කරන තරමටම සිය ප්‍රතිභාව ඉහළ නංවාගෙන තිබිණි.

1975 වර්ෂයෙහි ‘ෂෝලේ’ සිනමාපටය උතුරු ඉන්දියාව කලඹාලමින් තිරගත වූයේ හේමා මාලිනියගේ සුපිරි මට්ටම ‘ඕවර් ද ටොප්’ තත්ත්වයට ගෙන එමිනි. ‘ෂෝලේ’හී දුෂ්ටයා වූ අම්ජාද් ඛාන් ඉදිරියේ, ඔහු බිඳ දමන ‘ටියුබ් ලයිට්’ කැබලි මත හේමා මාලිනිය කරන සොඳුරු රංගනයට වශී නොවූයේ කවුරුන් දැයි සොයන පුදුමය සිතට නැඟෙන තරමට එකී රංගනය ශෝභමාන විය.
ඇගේ මිල ගණන් තව තව ඉහළ යන විට කෝටිපති, ප්‍රකෝටිපති සිනමාකරුවන් ඇගේ නිවෙසේ සීනුව නිතර නාද කරන්නට විය. සුපිරි නළුවන් තමා වෙත පැමිණෙන චිත්‍රපට වෙනුවෙන් හේමා මාලිනියව ඉල්ලා හර්තාල් දමන්නට විය.

ඇතැම් හින්දි නළුවන්ගේ මෙන්ම චිත්‍රපට නිර්මාණකරුවන්ගේ බිරින්දෑවරුන්ටද හේමා මාලිනියව වහකදුරු වූයේ, ඇයව උමතුවක් කරගනිමින් ඔවුන් නටන නෙයියාඩම විකාරයක් වූ නිසාය.
එලෙසම හේමා මාලිනිය සමග රඟපාන හැම සුපිරි නළුවෙකුම ඇයව තම අනියම් පෙම්වතිය හෝ බිරිය කර ගැනීමට මානබලනවග එකල සිනමා පුවත්පත්වල පළවූ ගොසිප්වල සටහන් විය.
‘අනියම්ව මම කිසිදුම සුපිරි මිනිසෙකුට බිරිය හෝ පෙම්වතිය නොවෙමි…’

හේමා මාලිනිය එවකට තම සම්මුඛ සාකච්ඡාවන් නිම කරන්නට පෙර නිතර පවසා සිටියේ මාධ්‍යවේදීන් ඒ අලළා අසන ප්‍රශ්න නිසාය.

එනමුදු…

සනී සහ බොබි ඩියොල්ගේ ආදරණීය පියා වූ ධර්මේන්ද්‍රව ඈ තමාගේ ස්වාමිපුරුෂයා කරගත්තේ හින්දි සිනමා පාරාදීසය උඩුයටිකුරු කරවමිනි. ධර්මේන්ද්‍ර සිය බිරිය වූ ‘ප්‍රකාශ් කෞර්ව’ නිරපරාදේ අතහැර තම සිහින කුමරිය වූ හේමා මාලිනියව විවාහ කර ගත්තේ ඈ පිළිබඳ ඇති වූ අසීමාන්තික ප්‍රේමය අතහැර දමන්නට බැරි නිසාය.

ඔබ ධරම්ගේ බිරියගෙන් ඔහුව ඩැහැ ගත්තා… ඔබ නිතර පවසා සිටියා… අනියම් බැඳීමකට නතු වෙන්නේ නැතැයි කියා..’
ධර්මේන්ද්‍ර සමග විවාහයෙන් පසුව ‘ෆිල්ම් ෆෙයාර්’ සඟරාවෙහි කතිකාවකට පැමිණි මොහොතේ ‘විජ්ජු මෙහෙරා’ නම් මාධ්‍යවේදියා ඇගෙන් අසා සිටියේය.

‘ඔව්… අනියම් බැඳීමකට මා නතු නොවන නිසා තමයි මම ධරම්ට කියා සිටියේ… ඔබ මට පෙම් කරන්නේ නම් මා විවාහකර ගන්නටැයි’ කියා.
‘ධරම්ට එක් අයකු තෝරා ගැනීමේ නිදහස තිබුණා. ඔහු මා වෙත පැමිණියා… එයට පසු නීත්‍යනුකූලව අප අඹු-සැමියන් වී එක වහලක් යටට වුණා..,
හේමා මාලිනිය ඇයට සුපුරුදු සුහද සිනහව සමග මෙහෙරාට එලෙස උත්තර දුන්නාය.

‘ඔබ ධරම් ජී’ට පෙම් කළා කොහොමත් මුල සිටම.
මෙහෙරා සුහද උපහාසයකින් එසේ අසන විට..,

සිනමාවට එන්නට පළමුව සිටම මම ධරම්’ට සහ ඔහුගේ රංගනයට ආකර්ෂණය වී සිටියා… ‘ෂෝලේ’ චිත්‍රපටය සමග අප පෙම්වතුන් වූවා… හැබැයි ‘හේමා මාලිනී’ද, ‘ප්‍රකාශ් කෞර්’ද යන දෙදෙනාව තෝරා ගැනීමේ නිදහස මම ධරම්ට සුහදව බාර දුන්නා.

හේමා මාලිනියගේ කෙළින් උත්තරය ඒ විය.., මෙහෙරාට කටඋත්තර නැති විය. එදා සේම තවමත් සිනමාවෙන් සමුගෙන ගිය සුපිරි තරු අතර බිඳී නොයන ප්‍රතිරූපය හේමා මාලිනිය සතුව ඇත. අමිතාබ් වාගේම හේමා මාලිනියද අදටත් රසික ගෞරවය සිය නිළිකම තුළ රඳවාගෙන සිටින්නීය.

පසුගිය දවසකද ‘ෆිල්ම් ෆෙයාර්’ හී සම්මුඛ සාකච්ඡාවකට පැමිණි හේමා මාලිනිය තම මවගේ වියෝව ගැන දුකින් දෙඩුවාය. මගේ අම්මා නොසිටින්නට ‘හේමා මාලිනි’ නම් උතුරු ඉන්දියානු නිළියක් කිසිවිටෙක මතු නොවන්නට ඉඩ තිබුණා.

‘සමකාලීන බොහෝ හින්දි තාරකාවියන් එදා මට ඊර්ෂ්‍යා කළේ වැඩි හරියක්ම මා අඳින – පලඳින විලාසිතාවටයි… ඒ විලාසිතාවන් මට තිළිණ කළ ‘ජයා චක්‍රබෝර්ති’ නම් ප්‍රවීණ මොස්තර නිර්මාණ ශිල්පිනියට මම හැමදාමත් ගරු කරනවා…’

හේමා මාලිනිය කී ඒ කතාව කෙතරම් ඇත්ත දැයි.., ඈ රඟපෑ චිත්‍රපට පෙළ දකින කාට වුවද වැටහෙනු නිසැකය.

ඒ වාගෙම.., තරුණ විය ඉක්මවමින් මැදිවියට ළං වන හේමා මාලිනිය කන්ජිපුරම් සාරිය ඇඳ කොණ්ඩගෙඩිය ගෙල පිටුපසට බැඳ රෝස මලක් කුඩාවට ගසන විටදී වුවද මැදිවියේ පිරිමින් සේම තරුණයන්ද ඇයට ප්‍රිය කළ වග ‘අන්ධා කානුන්’ (Andha Kanoon) චිත්‍රපටය නිෂ්පාදනය කළ රාම් රාඕ පවසා සිටියේය.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රන්ජන් බලන්න හිරේට ගිය කාවින්දයි-හෙක්ටරුයි FB ලයිව් ඇවිත් රටට කියපු කතාව…! (VIDEO)

Next Post

මහා කොටියෙක් කියපු මහා බ්‍රිතාන්‍යයේ ඉන්න සුබාෂ්කරන් බය නැතිව එළිපිටම ලංකාවේ වැඩ පටන් ගනී! (VIDEO)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක් බවත්, එය ගෙවීමට ජනතාවට සිදුවනු ඇති බවත් මුදල් කමිටු ලේකම් හර්ෂ ද...

Read more
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.