ලංකා ප්‍රිමියර් ලීග් (LPL) සමාරම්භක තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම වන යාපනය ස්ටැලියන්ස් හි නව හිමිකරු ලෙස ශ්‍රී ලංකාවේ උපත ලැබූ බ්‍රිතාන්‍ය ව්‍යවසායකයෙකු වන අලිරාජා සුබාස්කරන් මහතා පත්වී ඇත.
සිය ව්‍යාපෘතිය ගැන සුභාස්කරන් මහතා පැවසුවේ “ LPL හි ක්‍රමාණුකූල දියුණුව ගැන මම අවධානයෙන් සිටියා. එය ආකර්ෂණීය ක්‍රීඩා ඉසව්වක් බවට පත් වුණා වගේම LPL ක්‍රිකට් දින දර්ශනයේ ප්‍රධාන අංගයක් බවට පත්වෙයි කියලා මම තදින්ම විශ්වාස කරනවා. ලොව පුරා බොහෝ ශ්‍රී ලාංකිකයින් මෙම තරඟාවලිය දෙස බලා සිටින අතර වඩා හොඳ අරමුදල් සහ විශාල නම් කෙටුම්පත් කිරීමත් සමඟ ලීගය ගෝලීය සංසිද්ධියක් වෙනවා නිසැකයි. ඒනිසා මට මෙය හැර යාමට අවශ්‍ය වන්නේ නැහැ” යනුවෙනි.
සුබාස්කරන් යනු එක්සත් රාජධානියේ Lyca සමාගම් සමූහයේ නිර්මාතෘ සහ සභාපතිවරයායි.
යාපනය කණ්ඩායම තෝරා ගැනීම පිළිබඳව සුබාස්කරන් මහතා පැවසුවේ “ගිය වසරේ ජයග්‍රහණය කළ කණ්ඩායමට ලන්සු තැබීම සාධාරණ දෙයක් සහ සෑම කෙනෙකුම එවැනි කණ්ඩායමකට ලන්සු තැබීමට කැමතියි. ඒ වගේම ලංකාවේ උතුරු ප්‍රදේශය ගැන මට තියෙන්නේ සානුකම්පිත හැඟීමක් වගේම ආත්මීය බැඳීමක්” බවයි.
නව හිමිකරු පිළිගනිමින්, LPL හි නිල ප්‍රවර්ධක ඩුබායිහි මූලස්ථානය කරගත් IPG හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා පැවසුවේ “Lyca සමූහ ව්‍යාපාරයේ සභාපති අලිරාජා සුබාස්කරන් මහතා යාපනය කණ්ඩායමේ හිමිකරු වශයෙන් පිළිගැනීමට ලැබීම මට ඉමහත් සතුටක්. ඔහුගේ ක්‍රීඩාව කෙරෙහි ඇති දැඩි ඇල්ම නිසා ඔහුට කණ්ඩායම සමඟ සම්බන්ධ වී සිටින ක්‍රීඩා ලෝලීන් හා එහි සියලුම පාර්ශවකරුවන් සමඟ සාර්ථක ඉදිරි ගමනක් යාමට හැකි වන බව මට විශ්වාසයි” යනුවෙනි.
මෙම තරගාවලියට ක්‍රීඩකයින් තේරා ගනු ලබන LPL Player’s Draft ලබන මාසයේ දී පැවැත්වීමට නියමිතය.










