දිනෙන් දින අලුත් වන සංගීතයේ වෙනස් රසයන් නිරන්තරයෙන් සොයා යන M Entertainments ආයතනය, The Voice Sri Lanka Season 3 තරගය ජයග්‍රහණය කල ‘රසිඳු මිහිසර’ගේ ප්‍රථම නිර්මාණය වන “සීරුම් දවා” ගීතය ඔක්තෝබර් මස 4 වන සෙනසුරාදා M Entertainments Youtube නළිකාව ඔස්සේ ආදරණීය ප්‍රේක්ෂක ඔබ වෙත මුදා හැරියා. The Voice Sri Lanka වේදිකාවේ දැක්වූ දස්කම් සහ නැවුම් හඬ හිමිකාරිත්වය නිසා විශාල රසික ආදරයක් ‘රසිඳු’ වටා එක් රොක් වුණා.Sri Lanka Latest News
“සීරුම් දවා” ‘බුද්ධි සංදීප’ අතින් ලියවී, ‘ගයාන් රැන්ඩි පෙරේරා’ අතින් සංගීතමය අත්දැකීමට පරිවර්තනය වී, ‘පුෂ්පිත නිර්මාල්’ විසින් රූප රචනය සිදුවිය.
එදා මෙන්ම අදත් M Entertainments ආයතනය ශ්‍රී ලාංකේය සංගීත කලාව වෙනස් මානයකින් දකින්න වෑයම් කරන අතර, හැකියාවෙන් පරිපූර්ණ ශිල්පීන් ඔසවා තබා ඔවුන්ගේ නිර්මාණ ජනතාව අතරට ගෙනයාමට මුල් වු ආයතන අතලොස්සෙන් එකක් ලෙස නම් කර හැකියි. එම වෑයම් වල ප්‍රතිඵල ලෙස අද වන විට මෙවැනි සංගීතමය නිර්මාණයන් එලි දක්වයි.
‘රසිඳු මිහිසර’ගයන “සීරුම් දවා” ගීතය දැන් ඔබට YouTube, Spotify, Apple Music ඇතුලු අනෙකුත් සංගීත සේවාවන් හරහා රසවිඳිය හැකියි.












