• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කවුරු වුණත් වෙනසකට කැමති…

June 8, 2021
in Heart
Reading Time: 5 mins read
A A
කවුරු වුණත් වෙනසකට කැමති…
Share on WhatsAppShare on Facebook

◼️ ඒවා අමුලික බොරු…
◼️ හිතට හරියන කෙනා තාම හම්බවෙලා නැහැ…

‘හිරු’ රූපවාහිනියේ මේ දවස්වල විකාශනය වන ‘දිවි තුරා’ ටෙලිය බොහෝ දෙනෙකු අතර අසීමිත ජනප්‍රියත්වයට බඳුන්ව තිබෙනවා. සොඳුරු රුවැත්තියක වූ ඔනාලි සංජනාගමාරච්චිද එහි ප්‍රධාන චරිත නිරූපණයක් හරහා ප්‍රේක්‍ෂක සිත්සතන් වෙත සමීපව සිටිනවා කිවුවොත් එය නිබොරුවකි. සංජනා අඳින, පළඳින විදියට වාගෙම කතාබහ කරන හුරතල් ආකාරයටත් තරුණ කොල්ලන් වාගෙම කෙල්ලන්ද හරිම කැමැතිය. විවාහ යෝජනාවන් සඳහාද සංජනාට ආරාධනා ලැබෙනවාය කියලත් කණින් කොණින් ආරංචිය. ඔය කියන ආරංචි හැම එකම ඇත්තද ඉතින්, කියන්නට දන්නේ නැත. කොයික, කෙසේ වුවද ‘ඔනාලි සංජනා ගමාරච්චි’ට මෙවර මව්රට ‘හාට්’ විශේෂාංගය තුළ ඉඩක් වෙන් කරන්නට අපට හිතුණා. ඒ සිතුවිල්ල මුදුන්පත් කරවමින් සංජනා අප සමග බොහොම සුහදව, නිහතමානීව එක්වුණා.

🔴 අලුත් තොරතුරු එහෙම කොහොමද සංජනා..?
වරදක් නැහැ… සතුටින් ඉන්නවා. කොරෝනා උවදුර මැද රූගත කිරීම්වලටද සහභාගි වෙනවා.

🔴 රූගත කිරීම් කිව්වේ ‘දිවිතුරා’ ටෙලි ඩ්‍රාමා එකේද?
ඔව්… ‘දිවිතුරා’ ටෙලි එකේ රූගත කිරීම් කඩින්කඩ සිද්ධ වෙනවා. සෞඛ්‍ය නීති මැද එයට පරෙස්සමෙන් සහභාගි වෙනවා.

🔴 අලුත් නිර්මාණ සඳහා ඇරැයුම් ලැබුණු බව ආරංචියි..?
ඔව්… තවමත් නමක් තබා නැති ටෙලි නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලයි තියෙන්නෙ. කොරෝනාවෙහි තද අවදානම සමතයකට පත්වූ වහාම ඒ සඳහා දින වකවානු ලැබෙන්නට ගනීවි.

🔴 තිරපිටපත අතට ලැබුණම ඔබ එහි යම් කරුණු ගැන සැලකිලිමත් වෙනවලු?
ඔව්… ලැබෙන්නෙම යොවුන් වියේ දඟකාර චරිත නිරූපණයන්. ඉතින් ඒ ඒ චරිතවල ඇඳුම්, පැළඳුම් සහ සමහර දර්ශන ගැන ටිකක් හිතන්න වෙනවා.

🔴 ගෙදර කට්ටියටත් තිර පිටපත පෙන්නලා අදහස් ගන්නෙ ඒ නිසාද?
හැමවිටම මම පවුලේ අයගේ අදහස් ගැන විමසිලිමත් වෙනවා. එයාලා අදාළ චරිතය ගැන කියන්නේ මොනවාදැයි කියන කාරණය මට ඇත්තෙන්ම හරි වැදගත්.

🔴 ඔබේ පෙම්වතාගේ අදහස් එතැනට වැදගත් නැතිද සංජනා..?
ගොසිප් එකක් හොයා ගන්න නේද ඔයාලා ඔය ඉව අල්ලන්නේ, පැහැදිලි උත්තරය නම්… මට තවම පෙම්වතෙක් නැහැයි කියන එකයි.

🔴 පෙම් සබඳතා සඳහා ඔබට ලැබෙන ඇරැයුම් අසීමාන්තිකයිලු?
ඒක නම් අමූලික බොරු… අසීමාන්තිකව නම් එහෙම යෝජනා එන්නේ නැහැ. සාමාන්‍ය විදියට යෝජනා කිහිපයක් ආවා. හැබැයි මම ඒ ගැන උනන්දු වුණේ නැහැ තවම.

🔴 විවාහ යෝජනා අරගෙන ගෙදරට ආව අයත් ඉන්නවලු නේද සංජනා?
ඔව්… එහෙම දේවල් ඉතින් ඕනෑම තරුණ නිළියකට සිද්ධ වෙනවා. ඒක මහා ලොකු දෙයක් නෙවෙයි මං හිතන්නෙ.

🔴 ඒ එක විවාහ යෝජනාවකටවත් ඔබේ හිත ගියේ නැතිද තවම?
නැහැ… තවම මම එහෙම දේවල් ගැන උනන්දුවක් දැක්වූයේ නැහැ. විවාහය සඳහා කෙනෙකු තෝරා ගැනීම ටෙලිනාට්‍යයක ගිවිසුමක් අස්සන් කරන තාලයට කරන්න බැහැනෙ. අවැසි කාලයට මට හිමි කෙනා පැමිණේවි. ඒ නිසා ඒ කාරණය ගැන ඕනෑවට වඩා ඔළුවට ගන්නෙ නැහැ.

🔴 ‘පළමු පෙම’ අහිමිව ගිය නිසා ඔබ පෙම් සබඳතාවලට බයයි දැයි ඇහුවොත්?
පළමු පෙම මා හැරගිය කාරණය ශෝකාන්තයක් තමයි. හැබැයි මම නැවැත එවැන්නකට මැදි නොවන්නට එය හේතුවක් නෙවෙයි. මම හිතන්නෙ මගේ හිතට හරි යන අය මට තවම මුණගැහුණෙ නැහැ.

🔴 පළමු පෙම ඔබව හැර ගියේ ඔබ රංගනයට අවතීර්ණ වූ හේතුවටද?
මම හිතන්නේ අපි ඔය කාරණයට දැන් තිත තිබ්බොත් හොඳයි කියලයි. මම ඒ හැමදේම අතීතයට බාර දී අවසානයි.

🔴 හැමදාමත් ඔබට ලැබෙන්නෙ දඟකාර යොවුන් චරිත, වෙනසකට කැමැති නැතුවද?
වෙනසක් සිදුවන තුරු පුලපුලා බලා ඉන්නවා. තරමක් හෝ සංකීර්ණ චරිතයක් සඳහා යම් නිර්මාණකරුවකු මට ආරාධනය කරන තුරු මම බලා සිටින්නේ නොඉවසිලිමත් ආශාවකින්.

🔴 ඒ සංකීර්ණ චරිත ස්වභාවය කෙසේ විය යුතු දැයි යන රූපයක් ඔබේ යටි හිතේ ඇඳී තියෙනවද?
සංකීර්ණ චරිත කිහිපයකම රූප රාමු මා සතුව තිබෙනවා. එයින් එකක් වන්නේ රැඩිකල් විදියට හිතන, පතන සරල කෙල්ලකගේ ගුප්ත ස්වභාවයක චරිතයක්.

🔴 එවැන්නකට කැමැති හේතුවක් තියෙනවද?
මෙහෙමයි… සාමාන්‍ය චරිතයනට වැඩිය යම් අසාමාන්‍ය චරිතයනට ප්‍රේක්‍ෂකයන් හරි ඉක්මනට සමීප වෙනවා. ටෙලිනාට්‍යය විකාශනය වී කාලයක් ගියත් ඒ චරිත ඔවුනට මතක හිටිනවා. මට හිතෙන හැටියට නළුවෙකුට හෝ නිළියකට යම් ප්‍රතිරූපයක් දිගුකාලීනව හදා ගන්නට යම් සංකීර්ණ චරිත ස්වභාවයක්ද අවශ්‍යයයි. මොකද… අපි කවුරු වුණත් වෙනසකට ඇල්මක් දක්වන නිසයි.
– දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගොවියො ඉවරයි! සාගතයකුත් එනවා!! සජිත් ‌ගොවියො ගැන කට අරියි!!!

Next Post

කොමිස් ගැහිල්ලක් ගැන ජනනායක සර් රටට කියයි

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.