• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකෙම හොල්ලන පල්ලේගම…! Sri Lanka Latest News

May 31, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ලෝකෙම හොල්ලන පල්ලේගම…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වෙනකොට අටමස්ථානය පිළිබඳ සමාජය ඇතුළේ විශාල කතිකාවතක් නිර්මාණය වෙලා තියෙනවා. ඒකේ හොඳ නරක ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. මේ වෙලාවේ කියවෙන්නේ ‘පල්ලේගම’ කියන නම. ඉතින් අපි පල්ලේගම කියන නම ගැන හොයලා බලද්දි පල්ලේගමට තියෙනවා පුදුම ඉතිහාසයක්.Sri Lanka Latest News

පල්ලේගම 1844දී අටමස්ථානාධිපති තනතුරේ නමත් එක්ක ගෑවෙන්නේ. පල්ලේගම ශ්‍රී සුමන රේවත නාහිමි 1844 සිට 1864 දක්වා අටමස්ථානාධිපති තනතුර දරලා තියෙනවා. මේ වගේම 1908 සිට 1944 දක්වා පල්ලේගම ශ්‍රී සුමන රතනපාල නාහිමි තමයි මේ අටමස්ථානාධිපති තනතුර දරලා තියෙන්නේ.

ඉන් පස්සේ 1977 – 1997 කාලේ පල්ලේගම ශ්‍රී සුමන රේවත ඥානරතන නාහිමි අටමස්ථානාධිපති තනතුරට එනවා. ඉන් පස්සේ 1987 ඉඳලා 2022 දක්වා පල්ලේගම ශ්‍රී සුමන ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමි තමයි මේ තනතුර දරන්නේ.

ඉන් පස්සේ ආචාර්ය පූජ්‍ය පල්ලේගම ශ්‍රී සුමන රතනපාල හේමරතන නාහිමි මේ තනතුර දරන්න සුදුසුකම් ලබනවා. මේකෙ තියෙන විශේෂත්වය තමයි වසර ගණනාවක්ම පල්ලේගම ඉඳන් ආපු හිමිවරු තමයි මේ තනතුර දරන්න පටන් අරන් තියෙන්නේ.

ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි ලග්ගල පල්ලේගම කියන්නේ ඓතිහාසික හා සංස්කෘතික පසුබිමක් සහිත සුන්දර ග්‍රාමීය ප්‍රදේශයක්. අපි දන්න තොරතුරු අනුව මධ්‍යම පළාතේ, මාතලේ දිස්ත්‍රික්කයේ, ලග්ගල කලාපයේ තමයි මේ පල්ලේගම තියෙන්නේ. පල්ලේගම කියන්නෙ පැරණි වාරි සහ කෘෂිකර්මාන්තය මුල්කරගත් ගැමි ජනාවාස පිහිටලා තියෙන, ඉපැරණි ගැමි සිරිත් විරිත් තවමත් රැකෙන කලාපයක්ලු. කොහොමටත් ඔය මාතලේ අවට තියෙන සමහර ඉසව් හරි ලස්සනයි.

පල්ලේගම කියලා කියනකොට බොහෝම ප්‍රසිද්ධ තැනක් වෙන්නෙ පල්ලේගම අම්බලම. ඓතිහාසික පල්ලේගම තලාව කුඹුරු යායට යාබදව මේ අම්බලම පිහිටලා තියෙනවා. මහනුවර ගැටඹේ ඉඳලා කටුගස්තොට පාරෙ කිලෝමීටර හතරක් විතර ගියාම ජයන්ති මාවතට හැරෙන්න පුළුවන්. ඔය කියන ජයන්ති මාවතේ කිලෝමීටරයකට චුට්ටක් වැඩියෙන් ගිහිල්ලා පල්ලේගම තලාව කුඹුරු යායට ඇති පාරේ යන්න ඕනෙ කියලයි කියන්නෙ. මේ ගමන යනවා නම් පල්ලේගම අම්බලමට විතරක් ගිහිල්ලා බෑ. කුඹුරු යාය මැද තියෙන සෙල්ලාවලි රජමහා විහාරයටත් ගොඩවෙන්න අමතක කරන්න එපා කියලයි කියන්නෙ. වෙල මැද පන්සල කියලා හඳුන්වන මේ පන්සල බොහෝම සුන්දර තැනක්. හරිම ලස්සන පරිසරයක තියෙන මේ විහාරයේ මහනුවර පිළිම ගෙයක් තියෙනවා.

‘සාමාන්‍යයෙන් අපි දකින්නේ ප්‍රතිමා තලයක් මත සෑදූ බුදු පිළිමයක් හා ඒ වටා ඇති රැස් මාලාවක්. නමුත් මෙහි ප්‍රතිමා තලය වෙනුවට ඇත්තේ නාග දරණයක් හා රැස් මාලාවක් වෙනුවට නාග පෙණයයි. මීට අමතරව මෙම විහාරගෙය මහනුවර අවධියේ කලාගාරයක් බඳු වෙනවා’ කියලා මේ ගැන හොයපු අපිට විස්තර ලැබුණා.

කොහොම වුණත් මේ මහා කුඹුරු යාය අද වෙනකොට පුරන් වෙලාය කියලයි හුඟක් තැන්වල සඳහන් වෙලා තිබුණේ. ඒකට හේතුව විදියට ඒ උදවිය කියන්නෙ ජල සැපයුමේ අවිධිමත්කම නිසා එහෙම වුණාය කියලයි.

ලංකාවෙ පල්ලේගම, පහළගම, පාතගම වගේ ගම් නම් හුඟාක් දකින්න පුළුවන්. පහත තියෙන ගම කියලා ගමකට නම වැටෙන්නෙ බොහෝවිට උඩගමක්, ඉහළ ගමක්, කන්දෙගමක් අහලක පහළක තියෙන වෙලාවට.

කොහොම වුණත් අපේ ගමක නමක් ලෝකෙට යන ප්‍රධාන ක්‍රම කීපයක් තිබුණා. එක්කො ඒ ගමේ නම තියෙන හාමුදුරු කෙනෙක් ඉන්න ඕනෙ. එහෙම නැත්නම් ඒ ගමේ චණ්ඩියෙක් එහෙම නැත්නම් නමගිය අපාරාධකාරයෙක් ඉන්න ඕනේ. එහෙම නැත්නම් කවියෙක් හරි මාධ්‍යවේදියක් හරි බිහිවෙන්නම ඕනේ. මේ විදියට කාටත් රහසේ ගැංගිලා තියෙන පල්ලේගම ගැන අපි කතාකරන්න හේතුවක් හැදුණෙත් ආන්න එහෙමම තමයි. මෙහෙම දෙයක් නොවෙන්න අපි පල්ලේගමක් ගැන කතාකරනවයැ නේද?

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

Next Post

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.