• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලෝකෙම වැලඳගත්තා මගේ ට්‍රිප් එක! Sri Lanka Latest News

April 27, 2025
in Heart
Reading Time: 2 mins read
A A
ලෝකෙම වැලඳගත්තා මගේ ට්‍රිප් එක! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ රටේ ගීත ශ්‍රාවකයන් වසඟයට පත්කළ ‘යං යං යං මාතරින් – ටි්‍රප් එක පාන්දරින්’ කියන ගීය මේ දිනවල හැම දෙනාගෙම වගේ මුවග රැව්දෙනවා. වයස් භේදයකින් තොරව හැමෝම මුමුණන මේ ගීයට හඬ මුසුකළ ළමා ගයිකාව තමයි දිනුලි දම්සඳි. අද වෙද්දී ළමා ගායිකාවක් විදියට අභිෂේක ලබලා ඉන්න ඇය ප්‍රසංග වේදිකාවටත් නැතුව බැරි තරුවක් වෙලා ඉවරයි. මේ, දිනුලි ‘මව්රට’ හාට් වෙනුවෙන් ඇගේ හඬ අවදි කළ ආකාරයයි. Sri Lanka Latest News

දිනුලි දුව අලුත් අවුරුද්ද සැමරුවද?
ඔව්, පවුලේ සියලු දෙනාම එක්ක අවුරුදු චාරිත්‍ර ඉටුකළා. අම්මා රසට කිරිබත් හදලා දුන්නා. අපි ඒවා ආසාවෙන් කෑවා. ඒ විතරක් නෙවෙයි. අවුරුදු උත්සවවලට සහභාගි වුණා. ඔය විදියට ඉතින් අවුරුදු සැමරුවා අපි.
දිනුලිට ප්‍රසංග වේදිකාවෙන් ආරාධනා ගලාගෙන එනවා ඇති නේද?
ඔව්. ප්‍රසංග වේදිකාවෙන් ගොඩක් ආරාධනා ආවා. ගිරිඋල්ලෙන්, ආනමඩුවෙන් වගේ විවිධ ප්‍රදේශවලින් ආරාධනා ලැබුණා. කාලය කළමනාකරණය කරගෙන ඒ ප්‍රසංගවලට සම්බන්ධ වුණා. දැන් නම් ප්‍රසංග අඩුයි. මම පාසලේ වැඩකටයුතු කරගෙන යනවා.
කොහොමද ප්‍රසංග වේදිකාවේ අත්දැකීම්?
ඒක වෙනස්ම අත්දැකීමක්. ගොඩක් රසික ප්‍රතිකාර ලැබෙනවා. ගොඩක් සතුටුයි. විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සින්දු කියන එක වෙනස්ම අත්දැකීමක් වුණා.
දිනුලිගේ ‘චාරිකාව’ ගිය දුරක්. මොකද හිතනේනේ ඒ ගැන?

ඇත්තටම මම හිතුවේ නෑ ටි්‍රප් එක මේ තරම් දුරක් යයි කියලා. මහන්සියක් දැනුණෙම නෑ ලැබෙන ප්‍රතිචාරත් එක්ක. ලෝකෙම වැලඳගත්තා මගේ ටි්‍රප් එක. ළමා ගායිකාවක් විදියට යූටියුබ් සම්මාන පවා මට ලැබුණා.
මේ වගේ සින්දුවක් කරන්න අදහස ආවේ කොහොමද?
අම්මයි, තාත්තයි තමයි කිව්වේ සින්දුවක් කරමු කියලා. ඊට පස්සේ ලසිත ජයනෙත්ති මාමා කාලයක් අරගෙන මේ වගේ ලස්සන සින්දුවක් රචනා කළා. දිල්ශාන් එල්. සිල්වා මාමා එයට ලස්සනට සංගීතය මුසු කරලා දුන්නා. චාරුක දුල්ශාන්ත මාමා ඒ ගීතයටම ගැළපෙන රූපරචනාවක් කළා.
ටෙලිනාට්‍ය, චිත්‍රපටවලට තවම ආරාධනා ලැබුණේ නැද්ද?
සුනෙත් වර්ණසූරිය මාමා රචනා කරන අලුත්ම ටෙලිනාට්‍යයක රඟපාන්න ආරාධනාවක් කළා. ඒ වගේම තව නිර්මාණ කීපයකින් කතා කළා.
ඒ කියන්නේ දුවගේ රංගනයන් අපිට ඉදිරියේදී දැකබලා ගන්න පුළුවන් වේවි?
සමහර විට. තවම මම ඒ ගැන හිතලා නැහැ. මම ගොඩක් කැමැති ගායනය පැත්තෙන් ඉදිරියට යන්න. තාත්තයි අම්මයි මගේ ගමනට ලොකු ශක්තියක්. එයාලා කියන දෙයක් මම ආශාවෙන් කරනවා.
දුවගේ ගම කොහෙද?
මම ඇඹිලිපිටියේ. මම අධ්‍යාපනය ලබන්නේ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 6 වසරේ.
ඔබේ ගමනට පාසලෙන් ලැබෙන සහාය මොන වගේද?
ගුරු මණ්ඩලයේ හැමෝම මගේ දක්ෂතාවන් ඔප්නංවා ගන්න උදව් කරනවා. ඒ විතරක් නෙවෙයි මට අතපසු වෙන පාඩම් වැඩවලට මගේ යාළුවෝ ගොඩක් උදව් කරනවා.
දුවගේ හඬ රසිකයන් මේ තරම් වැලඳ ගන්න බලපාපු හේතුව මොකක්ද?
දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 9 එකට මමයි අක්කයි දෙන්නම සම්බන්ධ වුණා. මාව අවසන් අටදෙනා අතරට තේරුණා. මම නැවත ඒ සියලු අභියෝග ජයගනිමින් දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 11ට සම්බන්ධ වුණා. ඒ තරගයේ අවසන් තුන්දෙනා අතරට මම තේරුණා. මම කොහොම හරි අවුරුදු දෙකහමාරේ ඉඳලා සින්දු කියනවා. දෙරණ ලිට්ල් ස්ටාර් තරගය හරහා තමයි මාව හැමෝම දැනහඳුනා ගත්තේ.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මම චරිතවලට පෙරේතයි! Sri Lanka Latest News

Next Post

ෂාරුක් හින්දා ෆර්හාන්ට කෝටි ගානක පාඩුවක්! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.