• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම චරිතවලට පෙරේතයි! Sri Lanka Latest News

April 27, 2025
in Heart
Reading Time: 3 mins read
A A
මම චරිතවලට පෙරේතයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සම්මාන නොලැබුණත්, මිනිස්සුන්ගේ හිත්වලට ‘කික්’ එකක් වෙච්ච ජනකාන්ත නළුවො ඕනෑතරම් ඉන්නවා.
විරාජ් පෙරේරා කියන්නෙත් අන්න එහෙම නළුවෙක්. ඔහුට තියෙන්නේ මලයාලම්, තෙලිඟු ටයිප් එකේ බයිස්කෝප් ස්ටයිල් එකක් කියලා බොහෝ දෙනා කියනවා.Sri Lanka Latest News

චරිතයෙන් චරිතයට තමන්ගෙ පෙනුමට වෙනසක් එක්කරන දක්ෂ චරිතාංග නළුවකු වූ විරාජ් අපි එක්ක දොඩමලු වුණේ මේ විදියටයි.

පහුගිය දවස්වල විරාජ් ගොඩක් බිසී වෙලා හිටියේ?
ඔව්. අවුරුදු ප්‍රෝග්‍රෑම් එක්ක තරමක් වැඩ වැඩිවුණා. ඩුබායි, අබුඩාබි, සාජාවල ෂෝවලටත් සහභාගි වෙන්න වුණු නිසා ටිකක් බිසී වුණා කිව්වොත් ඒක හරි.
කොයි තරම් බිසී වුණත් ඔබ ‘හාට්’ එක වෙනුවෙන් ටයිම් එකක් දුන්නා?
මම එහෙමයි කා සමගත් සුහදයි. හරි වෙලාවට වැඩ. සෙට් එකට වුණත් ටයිමින් නම් ටයිමින් තමයි. මේ ෆීල්ඩ් එකේ නමක් හදාගන්න නම් කැපකිරීම් අවශ්‍යයි. නිහතමානීකම සහ සුහද මිත්‍රශීලීකම අවශ්‍යයි. නැත්නම් රැඳෙන්න අමාරුයි.
ඔබ වැඩ ගොඩක ඉන්නේ ඒ කැපකිරීම නිසා වෙන්නැති?
ඒක එහෙමයි. මම ඇවිදින් දැනට අවුරුදු 14යි. ලොකුකමකට එහෙම කියනවා නෙවෙයි. මං එක්ක ආපු අනෙක් අය අද මේ ෆීල්ඩ් එකේ හොයාගන්නත් නෑ. ඒත් මං තවම ඉන්නවා. ඒ කාලයක් තිස්සේ විරාජ් පෙරේරා කියන නම හදාගන්න මං දරපු මහ්නසියේ ප්‍රතිඵල තමයි. මේ දවස්වල වුණත් මගේ ටෙලි 5ක් විකාශය වෙනවා. පාට කුරුල්ලෝ, සිත නිදි නැහැ, ආලවන්ති, ප්‍රේම රස්තියාදුව සහ දෙවෙනි ඉනිම සීසන් 2.
ඔබ හරි ආඩම්බරෙන් කතා කරන්නේ?
ඔව්. ඇත්තටම මං ගැන මට මාරම සතුටුයි. ඒ වගේම මං ආවේ හෙමින් ගමනක්. මට කා එක්කවත් තරගයක් තිබුණේ නෑ. කලබලයක් නැතිව කා එක්කත් සුහදව මගේ ගමන ආවා.
විරාජ් චරිත රිජෙක්ට් කරන්නේ නැහැලු?
ඔව්. මම මට ලැබෙන චරිත රිජෙක්ට් කරන්නේ නැහැ. කවුරු කොහොම කිව්වයි කිව්වත් චරිත තෝරන්න බේරන්න තරම් මේ ඉන්ඩස්ටි්‍රය ලොකු නැහැ. අනෙක චරිත රිජෙක්ට් කරනවා කියන්නේ මොකක්ද? විලන්ට රඟපාන්න කැමැති නැහැ, ප්‍රධාන චරිතය නෙවෙයි නම් දෙවැනි හෝ මැද චරිත භාරගන්න කැමැති නැහැ. ටෙලියෙ තමන්ට තියෙන්නේ කොටස් දෙක තුනයි නම් ඒකට එන්න කැමැති නැහැ. වියපත් චරිතවලට කැමැතිම නෑ. ඕවා තමයි එතැන තියෙන අවුල්. හැබැයි මම එතැන නැහැ. මට තියෙන්නේ අන්තිම කොටස් දෙක තුන විතරයිද? සීන්ස් හතරයි පහයිද? මට ඒ ගැන වගක් නැහැ. සාධාරණයක් හෝ මතක හිටින යමක් කරන්න පුළුවන් නම් මම ඒ චරිතය භාරගන්නවා.
මම චරිතවලට පේරේතයි. ඇක්ටිං කියන්නේ මට උමතුවක්. මං කවදා හරි මැරෙන්නේ වෘත්තීය මට්ටමේ දක්ෂ චරිතාංග නළුවෙක් විදියටයි. මගේ ජීවිතේ සතුට ඒකයි.
විලන්ගෙ චරිතයට ඔයාව කොටුවෙලා කියලා හිතෙන්නේ නැද්ද?
වෙන්න පුළුවන්. මට වැඩිපුරම ලැබෙන්නේ විලන්ගේ පාට් එක. හැබැයි ඒ විලන්ලාගේ චරිත හාත්පසින්ම එකිනෙකට වෙනස්. ස්වරූපය, වෙස්ගැන්වීම, ඇඳුම පැලඳුම පවා එහෙමයි. ඉතින් එහෙම බැලුවම මට එතැන ඒකාකාරී බවක් දැනෙනවා අඩුයි.
විලන්ගෙන් වෙනසකට යන සූදානමක් නැද්ද?
මම සූදානම් වෙන්න කලින් මට ඒ අවස්ථාව ලැබුණා කියලා සතුටින් කියනවා. හිතුවෙවත් නැති විදියට සංකීර්ණ ප්‍රබල චරිත කිහිපයකට මම සම්මාදම් වෙලා ඉවරයි. ඒ, එක් චරිතයක් වඩාත් විශේෂයි. බොහෝ විට එය මගේ රංගන ජීවිතයේ ටර්නින් පොයින්ට් එක වෙනවා නිසැකයි.
කුතුහලයට මැදි නොකර ඒ ගැන අටුවා ටීකා ටිකක් අපිට කියමුද?
දැනට මේ ටික ඇති. ඊට එහා මම යන එක හොඳ මදියි කියලා මම හිතන්නේ. කුතුහලය කියන්නේ කලා නිර්මාණ හමුවේ සොඳුරු අත්දැකීමක්. ඒ හින්දා මෙතැනින් අපි ඒ කතාව නවත්තමු.
පෙපර්-සෝල්ට් ෆැෂන් එකට රැවුලයි කොණ්ඩෙයි හදන්න හිතුවෙ ඇයි?
සිත නිදි නෑ ටෙලියෙ මම රඟන වියපත් චරිතය වෙනුවෙනුයි ඒක කළේ.
‘ආලවන්ති’ ඇතුළු තව ටෙලිවලත් විරාජ් ඒ පෙනුමෙන් රඟනවා?
හැමෝම ඒ ෆැෂන් එක අපූරුයි කිව්වා. ආලවන්ති අධ්‍යක්ෂ ශිවගුරුනාදන් පවා ඒක මරු කිව්වා. ඒ හින්දා ආලවන්ති එකටත් ඒ ෆැෂන් එක භාවිත කළා.
ඔබ මලයාලම් තෙලිඟු නළු පෙනුම කොපිකරනවා කියලයි කවුරුත් කියන්නේ?
මම ආසයි එහෙම හිතනවට. සමහර අවස්ථාවල මම තෙලිඟු කොලිවුඩ් චිත්‍රපට බලනකොට මම ඔවුන්ගේ සිත්කලු නිරූපණයන් හිතට ගන්නවා. ඒ ඒ අයට විශේෂ වූ ඔවුන්ගේ බැල්ම කැල්ම හිනාව වෙනත් සුවිශේෂ ඉරියව් මොන තරම් අපූරුයිද? මම සූර්යා විදියට විජය විදියට රඟන්න හදනවා කියලා මාව නරඹන කවුරුන් හෝ කියනවා නම්, ඒක මට සතුටක්. මොකද අපට වඩා ප්‍රවීණයන්ගෙන් ගන්න දේවල් අපිට තියෙනවා.
ටෙලි කලාව තුළ ඔබ දිනුම් කියලා හිතනවද?
එහෙමත් හිතනවා. තව යන්න තියෙන දුර, කරන්න තියෙන වැඩ බොහොමයි කියලත් හිතනවා.
ඒ බොහොමයක් දේ අතර තියෙන එක ඉලක්කයක් ගැන කියමුද?
මගේ හිත ගත් ප්‍රවීණයන් රැසක් ඉන්නවා. ඔවුන්ගේ එකම එක නිර්මාණයකට හෝ දායක වීමේ විශාල බලාපොරොත්තුවක් මා තුළ තියෙනවා.
ඒක ඔබේ රංගන ජීවිතයේ හීනයක්ද විරාජ්?
සත්තකින් ඔව්. මා රඟපාන ටෙලිනාට්‍ය පෙළ දකින ඔවුන් කවදාක හෝ ඔවුන්ගේ නිර්මාණ කාර්යයක් වෙනුවෙන් මට ආරාධනා කරයි කියා හිතනවා. කාලයට ඉඩදී බලාගෙන ඉමු.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

පච මාලිමාවේ මාස 7ක ප්‍රගති වාර්තාව! ආණ්ඩුව බොරුවෙන් රජ වුණා! සමාජය මිලේච්ඡත්වයෙන් රජ වුණා! ජනතාව අන්ත අසරණ වුණා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ලෝකෙම වැලඳගත්තා මගේ ට්‍රිප් එක! Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.