• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ look එකෙන් තමයි game එක run කරන්නේ…! කොහොම හරි අල්ලන් ඉන්නවා…! දුලාන්ජ් ඩිල්ෂාන් I Sri Lanka Latest News

April 4, 2026
in Heart
Reading Time: 2 mins read
A A
මගේ look එකෙන් තමයි game එක run කරන්නේ…! කොහොම හරි අල්ලන් ඉන්නවා…! දුලාන්ජ් ඩිල්ෂාන් I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විවිධ චරිත හරහා ඉතාමත් අපූරුවට චරිත ජීවමාන කළ ඔහු අපට මේ දිනවල දකින්නට ලැබෙන්නේ ‘පට්ටිගෙදර’ ටෙලිනාට්‍යයේ උක්කු අයියා, ඒ වගේම ‘ජහුටා’ නාට්‍යයේ චමියා ලෙසයි. ඔබට සමීප වෙන රංගවේදියා දුලාන්ජ් ඩිල්ෂාන් සමග කතාබහ කළේ අපි මේ විදියට.Sri Lanka Latest News

කොහොමද ඉතින් දුලාන්ජ්?
හොඳින් ඉන්නවා. මේ දිනවල නම් ගුරු වෘත්තියේ කටයුතු සමග තමයි කාලය ගතකරන්නේ.
අපි කැමැතියි ඔබ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු විදිය දැනගන්න?
මගේ අම්මට තමයි ලොකුම වුවමනාවක් තිබුණේ කලාවට මාව සම්බන්ධ කරන්න. අම්මා මාව නැටුම්වලට එහෙම සම්බන්ධ කරලා මගේ ගමන ආරම්භ කරන්න සිහින දැක්කා. මම පාසල් ගියේ බෝපිටිය මහා විද්‍යාලයට. උසස් අධ්‍යාපනය සඳහා හෙන්ඩියගල රතනපාල විද්‍යාලයට ගියා. ගීතානි සිරිවර්ධන ගුරුතුමියගේ මගපෙන්වීම යටතේ රංගන කලාව හදාරලා සරසවියට පිවිසුණා. කැම්පස් කාලේ යාළුවෝ එක්ක එකතු වෙලා වේදිකා නාට්‍ය කළා. පසුව මම රංගනය හදාරන්න ඉම්පාස් ආයතනයට සහ කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මියගේ ප්ලේ හවුස් රංග පාසලට සම්බන්ධ වුණා. ඔය විදියට තමයි මගේ ගමන පටන් ගත්තේ. නාට්‍ය හා රංග කලාව මට උගන්වපු ගීතානි සිරිවර්ධන මිස් මට මේ පාර හදලා දුන්නේ නැත්නම් ඉතින් අද මම මේ වගේ තැනක ඉන්නෙ නැති වෙන්න පුළුවන්.
මුලින්ම ඔබව අපට ටෙලිනාට්‍යයකින් දැකගන්න ලැබුණේ ‘හාරකෝටිය’ හරහා නේද?
වේදිකා නාට්‍යවල වැඩකරන කාලයේ මට පොඩි ආශාවක් ආවා ටෙලිනාට්‍යයක රඟපාන්න. ඒ නිසාම තමයි මම රංගනය හැදෑරුවේ. පස්සේ තමයි ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ‘හාරකෝටිය’ ටෙලිනාට්‍යයේ ‘කුලේ’ චරිතය රඟපෑවේ. ඒ චරිතය මම හොඳට කළා කියලා සද්ධා සර් කිව්වා. පස්සේ තමයි කුලේ චරිතය ‘කෝටිපතියේ’ ටෙලිනාට්‍යය දක්වා දිගටම කරගෙන යන්න මට අවස්ථාව ලැබුණේ.
පසුකාලීනව ඔබව ගොඩ දෙනෙක් දැනහඳුනා ගත්තේ නන්දසිරි චරිතය හරහා?
නන්දසිරි කියන්නේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයකුගේ චරිතයක්. ‘නාඩගම්කාරයෝ’ හරහා තමයි මාව ගොඩ දෙනෙක් දැනහඳුනා ගත්තේ. ඒ වගේම පාරක බැහැලා යන්න බැරි තරමට පුදුමාකාර ප්‍රේක්ෂක ආදරයක් මටත් ලැබුණා. ඒ තරමට ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යය ගොඩක් ජනප්‍රියවුණා. මගේ රංගන ජීවිතයේ අමතක නොවන සිදුවීම් රැසක් නන්දසිරි මල්වත්තගේ චරිතය සමග මතකයන් තියෙනවා. මට ඒ චරිතය දැනුණේ ලංකාවේ ඉස්සර සහ වර්තමානයේ හිටපු මන්ත්‍රීවරයෙක්. සමාජයේ දකින චරිතයක්. සැබෑ චරිතයක්. මගේ චරිතය හරහා පෙන්වන්න උත්සාහ කරපු චරිතයක් විදියට මම දකින්නේ.
දුලාන්ජ් පුංචි තිරයට නැතුවම බැරි චරිතයක් බවට දැන් පත්වෙලා නේද?
මම එහෙම හිතන්නේ නැහැ. මම නැතුව බැරුව ඇති කියලා. ලැබෙන චරිතත් සමග ටෙලිනාට්‍ය කලාවේ උපරිමව රැඳිලා ඉන්න මම උත්සාහ කරනවා. ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව.
‘සසංකාරා’ ටෙලිනාට්‍යයේ ලෙස්ලි චරිතය හරහා ඔබේ රංගනයේ සුවිශේෂ බවක් අපට දැකගන්න ලැබුණා.
ඇත්තටම මම නිරූපණය කරපු ලෙස්ලි චරිතය සංකීර්ණ වගේම වගකීම් වැඩි බැරෑරුම් චරිතයක් ලෙස මට දැනුණා. ඒ වගේම හොඳ අධ්‍යක්ෂවරයකු සමග මට වැඩකරන්න ලැබුණා. ප්‍රියන්ත ප්‍රනාන්දු අයියා මාව ගොඩක් විශ්වාස කළා. මේ වගේ සංකීර්ණ චරිතයක් මම කරපු පළමු අවස්ථාව තමයි මේ. සියලු දෙනා සමග තිබුණු බැඳීමත් සමග නිර්මාණය ලස්සනට කරගෙන යන්න ලැබුණා.
නෝනා සමග බැඳුණු ආදරය නැවත ලැබෙයි කියලා ඔබ විශ්වාස කරනවද?
හදවතට දැනුණු ආදරයක් කොහොම අමතක කරන්නද? උක්කු අයියා ඒ ආදරය නෝනාගෙන් ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඇත්තටම මට ‘පට්ටිගෙදර’ ටෙලිනාට්‍යයේ උක්කු අයියා චරිතය ලැබෙන්නේ රෙබෙකා දිල්රුක්ෂි හරහා. අහිංසක ආදරණීය පෙම්වතෙක්ගේ චරිතයක් තමයි මම රඟපාන්නේ. පට්ටිගෙදර දැන් පවුලක්. ‘සසංකාරා’ ටෙලිනාට්‍යයේ වගේම මටම දැනුණු ආදරණීය චරිතයක් තමයි උක්කු අයියා චරිතය.
එදා රෑ සමග ගෙවන ජීවිතය?
සුන්දර විදියට එදා රෑ සමග ජීවිතය ගතකරනවා. අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන එදා රෑ චිත්‍රපටයේ මිල්ටන් මල්ලවාරච්චිගේ සහෝදරයෙක් විදියට තමයි මම රඟපාන්නේ. මිල්ටන් මල්ලවාරච්චිගේ චරිතය රඟපාන්නේ රොෂාන් රවීන්ද්‍ර. මේක මගේ රංගන ජීවිතයට ලැබුණු වටිනාම අවස්ථාවක්. මම ආශාවෙන් ඉන්නවා එදා රෑ චිත්‍රපටය සමග පුළුල් තිරයේ දකින්න.
ඔබ මෙතෙක් රඟපාපු ටෙලිනාට්‍යවල චරිත සමග කොටු වීමක් වුණාද?
විශේෂයෙන්ම මගේ පෙනුමත් එක්ක තමයි මේ වගේ චරිත ලැබෙන්නේ. හැබැයි එකිනෙකට වෙනස් චරිත විදියට මම දකින්නේ. මගේ මේ පෙනුම නිසා තමයි මට මේ තරම් දුරක් එන්න ලැබුණේ. එදා රෑ චිත්‍රපටයේ සනා පට්ටිගෙදර ටෙලිනාට්‍යයේ චරිතවල මම වෙනසක් දකිනවා. මේ හැම චරිතයක්ම අපිට සමීපයි. ඒ හැම චරිතයක්ම මම උපරිමව ජීවමාන කිරීමට උත්සාහ කළා.
ඔබ රංගන ශිල්පියෙක් වගේම ගුරුවරයෙක්. ඉතින් ඔබගේ රංගන කටයුතු සඳහා බාධාවක් වෙන්නේ නැද්ද ගුරු වෘත්තියේ කටයුතු කරන එක?
බාධාවක් නම් නැහැ. හැබැයි පාසල සහ කලාව තැන් දෙකක තියෙන නිසා කරගෙන යන්න යම් අපහසුවක් දැනෙනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ජවිපෙට කැරකෙන කුමාර රෝදය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

Next Post

අනුර වැට උඩ – කුමාර කොට උඩ ! අප්‍රේල් 10 මහා ජංජාලයක් ! Sri Lanka Latest News

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට මාධ්‍යවල පළව ඇති පුවත සම්බන්ධව ජනාධිපති මාධ්‍යඅංශය නිවේදනයක් නිකුත් කර තිබේ.  Sri...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.