• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දවසක මගේ නම Global ගෙනියනවා…! ගොඩක් කට්ටිය මට බණිනවා…! දැන් ඒ කිසි දෙයක් මම හිතන්නෙ නැහැ…! හේට් කමෙන්ට්ස් දැක්කම මට හිනා යනවා…! Sri Lanka Latest News

January 31, 2026
in Heart
Reading Time: 3 mins read
A A
දවසක මගේ නම Global ගෙනියනවා…! ගොඩක් කට්ටිය මට බණිනවා…! දැන් ඒ කිසි දෙයක් මම හිතන්නෙ නැහැ…! හේට් කමෙන්ට්ස් දැක්කම මට හිනා යනවා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දඟකාරී, කටකාරී වගේම හරිම හැඩකාරී… මේ හැම දේකටම කලින් ඇය අපේ හිත් දිනාගත්ත ඒ පුංචි කෙල්ලයි. එදා වගේම අදත් ඒ දඟකාර හිනාවෙන්ම හැමෝම අතරට යන අශාන්‍යා ප්‍රේමදාස, මේ දිනවල ‘ළංවී ආවා’ ගීතයෙන් මුළු රටම තමන්ගේ හඬට වසඟ කරගෙන ඉන්නවා. ඉතින්, ඇගේ අලු‍ත්ම තොරතුරුත් එක්ක අශාන්‍යා අද අපේ ‘හාට්’ හැඩකරන්නේ මෙන්න මෙහෙමයි…Sri Lanka Latest News

ඉතින් අශාන්‍යා වැඩකටයුතු කොහොමද?
වැඩකටයුතු නම් හොඳින් කරගෙන යනවා. මගේ අලුත් ගීතයකුත් ළඟදි රිලීස් කළා. ඉතින් ඒකේ වැඩ කටයුතුත් එක්ක ටිකක් කාර්යබහුලයි.
‘ළංවී ආවා’ නිර්මාණය ගැනත් කතාකරමු?
මේ ගීතයේ ලිරික්ස් කළේ ලසිත ජයෙනත්ති, මෙලඩි සහ රීමික්ස් කළේ දිල්ෂාන් එල්. සිල්වා. වීඩියෝ එක කළේ ඉරුෂ්ක බෝගොඩ.

ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. මගේ අනිත් සින්දුවලට වඩා ඒක වෙනස් ආකාරයේ සින්දුවක්. බොලිවුඩ්, පන්ජාබ් මියුසික් එකට ටිකක් සමානයි. මේක වෙනස් ආකාරයේ නිර්මාණයක් නිසා හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා.
නිතරම ඉන්නෙ හිනාවෙලා නේද?
ඔව්. මම නිතරම හිනාවෙලා ඉන්න එක හරිම සාමාන්‍යයි. මොන ප්‍රශ්නෙ ආවත් හිනාවෙලා ඉන්න ඕනෙ කියලයි මම හිතන්නේ.
ඔබට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මගේ පවුලෙන් ඇත්තටම ලොකු සහයෝගයක් මට ලැබෙනවා. පොඩි කාලේ ඉඳන් ආසාව තිබ්බෙත් සිඟර් කෙනෙක් වෙන්න. ඉතින් දැන් මට ඔවුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
අශාන්‍යා කියන්නේ කොහොම චරිතයක්ද?
අශාන්‍යා කියන්නේ ඇත්තටම ගොඩක් කතාකරන කෙනෙක්. මම ගොඩක් කියවනවා ඉතින්.
විදේශ ප්‍රසංගවලින් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
දැනට මම විදේශ රටවල ප්‍රසංග කිහිපයකට ගිහින් තියෙනවා. ළඟදී යූ.කේ.වල ප්‍රසංගයකට සම්බන්ධ වුණා. ඒවගෙනුත් මට හොඳ ප්‍රතිචාර ලැබුණා.
ඔබේ හීනය ගායිකාවක් වීමද?
මම කොහොමත් පොඩි කාලේ ඉඳන් සිඟර් කෙනෙක් වෙන්න තමයි කැමැති. ඒක තමයි මගේ සිහිනය. මම රේස් පදින්නත් කැමැතියි. මගේ තාත්තයි අයියයි රේස් පදිනවා. ඒක ටිකක් භයානක නිසා අම්මා නම් වැඩි කැමැත්තක් නැහැ.
ඔබටම ගායන ශෛලියක් තියෙනවද?
ඔව් අනිවාර්යයෙන්ම. මම ගායනා කරන්නේ මගේම ස්ටයිල් එකකට අනුවයි. ගොඩක් කට්ටිය ඒකට මට බණිනවා. ඒකට හේතුව වෙන්නෙ මම පොඩි කාලේ ඉඳන් ඉංග්‍රීසි සින්දු තමයි වැඩියෙන් කියන්නෙ. ඒ ආභාෂයත් එක්ක තමයි මට මේ වගේ ගායන ශෛලියක් ආවේ. ඉතින් ඇත්තටම ඒක හොඳයි. මම ඒක වෙනස් කරන්නෙත් නැහැ. අශාන්‍යා කියන්නෙත් වෙනම ශෛලියක්.
අශාන්‍යා දැන් ගොඩක් ජනප්‍රියයි. කොහොමද ඉතිං දැනෙන්නේ?
ජනප්‍රියත්වය කියන්නේ ලස්සන දෙයක්. මම පොඩි කාලේ සිඟර් කෙනෙක් වෙන්න ආසාවෙන් හිටියේ. ජනප්‍රියත්වය කියන දෙයත් වෙලාවකට හරි අමාරුයි. එළියට යද්දී වුණත් ඒ ගැන හිතන්න ඕනේ. මිනිස්සු අතරට අපේ සින්දු ගෙනියන්න පුළුවන්.
ආපු මුල් කාලේ සෑහෙන්න කතා හැදුණා නේද?
ආව මුල් කාලෙනම් හේට් කමෙන්ට්ස් ගොඩක් ආවා. එතකොට කොහොමද ඒවාට මුහුණ දෙන්නෙ කියලා තේරුමක් නෑ. නමුත් දැන් ඒවා කිසි දෙයක් මම හිතන්නෙ නැහැ. මිනිස්සු විවිධාකාර දේවල් කියන්න ගත්තා, සිංහල කතා කරන විදිහ වෙනස්, එයාට වැඩිය සිංහල කතාකරන්න බැහැ කියලා. හැබැයි ඉතින් ඒ කවුරුත් දන්නෑ පොඩි කාලේ ඉඳලම මම ඉගෙනගත්තේ ඉන්ග්ලිෂ්වලින් කියලා. අපි පොඩි කාලේ ඉඳන් ගෙදරත් ඉන්ග්ලිෂ්වලින් කතා කරන්නෙ. ඉතින් ඒ නිසා පොඩි කාලේ ඉඳන්ම සිංහල සින්දු කිව්වේ නැහැ. සිරස වොයිස් ටීන්ස් ගියාට පසුව තමයි සිංහල සින්දු කියන්න පුරුදු වුණේ. ඒ වගෙ සිදුවීම් තියෙනවා. නමුත් දැන් ඉස්සර වගේ හේට් කමෙන්ට්ස් දැක්කම මට හිනා යනවා. ඒවා දැන් ගණන් ගන්නෙත් නැහැ බලන්නෙත් නැහැ. ඒවා ගැන දැන් හිතන්නෑ. මට කාත් එක්කවත් තරහක් නෑ. මට හුඟාක් ආදරේ කරන කට්ටිය ඉන්නවා. මට ඕනෙ දවසක මගේ නම ලෝකෙට ගෙනියන්න. ඉතින් දැන් මම ඒකට මහන්සි වෙනවා.
ඉදිරි වැඩ කටයුතු ගැනත් දැනගන්න කැමැතියි?
අලුත් නිර්මාණ ගොඩක් එන්න තියෙනවා. සමහර නිර්මාණ ගැන මට දැන්ම කියන්න බැහැ.

හිමාෂි මධුවන්ති

SendShareShare
Previous Post

සියල්ල අත්‍යවශ්‍ය සේවා කරයි! අනුර අතිවිශේෂ ගැසට් එකක් ගහයි! විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා-ඉන්ධන- ඛනිජ තෙල් නිෂ්පාදන-ගෑස් සැපයීම හෝ බෙදාහැරීම-රෝහල්-බෙහෙත් ශාලා-මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය-විදුලි සංදේශ-ජල සැපයීම-බැංකු-කෘෂි ආදී ඔක්කොම ඇතුළත්! I Sri Lanka Latest News

Next Post

හොරු අල්ලන්න ආ අධිකරණ ඇමැතිවරුන්ගේ ඉරණම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.