• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරු අල්ලන්න ආ අධිකරණ ඇමැතිවරුන්ගේ ඉරණම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

January 31, 2026
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
හොරු අල්ලන්න ආ අධිකරණ ඇමැතිවරුන්ගේ ඉරණම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘හොරු සමග හෙළුවෙන්…’

‘හොරු සහ බොරු…’

‘චරිතෙ හොරු අරන්…’

‘අලුත් හොරෙක් ඕනෑ…‍’

‘හොරු නැතුව බෑ…’

මේ, 2015 ජනාධිපතිවරණයට පසු ලංකාවේ ජනප්‍රිය වූ නාට්‍ය රැල්ලය. හේතුව 2015 ජනාධිපතිවරණයේදී දේශපාලන වේදිකාවේ ජනප්‍රිය වූ සටන් පාඨය හොරු ඇල්ලීම නිසාය.
හොරු ඇල්ලීම ලංකාවේ දේශපාලනයේ ජනප්‍රිය සටන් පාඨයක් කළේ හිටපු කතානායක කරු ජයසූරියගේ නිදහස් සහ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සහ එහි නායක සෝභිත හිමිය. මේ ව්‍යාපාරයට පසුව පුරවැසි බලය ඇතුළු සංවිධාන ගණනාවක් එක්විය. මේ ව්‍යාපාරය ඉලක්ක කළේ 2015 ජනාධිපතිවරණයට හොරුන්ට එරෙහිව පොදු අපේක්ෂකයෙක් ගෙන ඒමය. ඒ, රාජපක්ෂවරුන්ගේ හොරකම් සහ මැරකම්වලට එරෙහිවය. 2015දී මේ ව්‍යාපාරය සමග එජාපය, ෆොන්සේකාගේ පක්ෂය සහ ජවිපෙ එකතු විය. පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රීලනිප ලේකම් මෛත්‍රීපාල ආණ්ඩුවෙන් එළියට ආවේ රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු ගණනාවක් සමගය. මෛත්‍රී සහ ඇමැතිවරු කීවේ තමන් එළියට ආවේ රාජපක්ෂලාගේ හොරකම්වලට එරෙහිව කියාය. රාජපක්ෂ පවුල චෞර වළල්ලක් බව ඔවුහු රස කර කර කීහ. ජනතාව ඒ කතා විශ්වාස කොට මෛත්‍රීපාලව ජනාධිපති කළහ. රනිල්ට ආණ්ඩුව දුන්නේය. ඒ ආණ්ඩුවට කිව්වේ යහපාලන ආණ්ඩුව කියාය. ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වුණේ හොරු ඇල්ලීමය. මේ නිසා ආණ්ඩුවේ අගමැති ධුරයටත් මුදල් ඇමැති ධුරයටත් වඩා ජනතා ආකර්ෂණය දිනාගත් ඇමැති ධුරය වූයේ හොරු ඇල්ලීමේ විෂය භාර අධිකරණ ඇමැති ධුරයය. Sri Lanka Latest News

මෛත්‍රී සහ රනිල් අධිකරණ ඇමැති ධුරයට තෝරාගත්තේ නීතිඥ මණ්ඩලයේ හිටපු සභාපති සහ නීතිඥ විජයදාස රාජපක්ෂය. විජයදාස රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වූයේ පාර්ලිමේන්තු කෝප් කමිටු සභාපති ලෙස 2006 රාජපක්ෂලාට එක්වූ යූ.ඇන්.පී. හිටපු ඇමැතිවරුන්ගේ දූෂණ වංචා හොයන්න ගිහිල්ලාය. විජයදාස ආණ්ඩුවේ ප්‍රධානතම සහ ජනප්‍රියතම ව්‍යාපෘතිය වූ හොරු ඇල්ලීමේ ව්‍යාපෘතියට සුදුසු බව හැමෝගේම මතය විය.

ඒත් ටික කලක් යනවිට ආණ්ඩුවේ ප්‍රබලතම නායකයන් වූ සරත් ෆොන්සේකා, චම්පික රණවක, රාජිත සේනාරත්න, විජයදාස රාජපක්ෂ සමග ඩීල් දමා හොරු ඇල්ලීම කඩාකප්පල් කරන බවට චෝදනා කළහ. මේ චෝදනාවට ප්‍රබල හේතුවක් වූයේ පාවෙන අවි නැව අයත් ඇවන්ගාඩ් ආයතනයට එරෙහි විමර්ශනය. ඇවන්ගාඩ් සභාපති සහ විජයදාසගේ මිත්‍රත්වය නිසා විජයදාස නීතිපති දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ යටගහන බවට ෆොන්සේකා, චම්පික සහ රාජිත ප්‍රසිද්ධියේම චෝදනා කළහ.

හොරු අල්ලන සටන් පාඨයේ නිර්මාතෘ වූ සෝභිත හිමි තැටිය රත්වෙච්ච වෙලාවේ රොටිය පුච්චාගන්න ඕනෙ කියමින් ආණ්ඩුව හොරු අල්ලන්නේ නැහැ කියා ආණ්ඩුව හොල්ලන මහා හඬක් නැගුවේ මේ කාලයේදීය. පුරවැසි බලය ඇතුළු සිවිල් සංවිධානද විජයදාස අධිකරණ ඇමැති ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් සටනක් පටන් ගත්හ. විජයදාසත් තනියම තමන්ට එරෙහිව කතා කරන ඇමැතිවරු සහ සිවිල් සංවිධාන සමග ප්‍රසිද්ධියේ සටන් කරන්න පටන් ගත්තේය. මෛත්‍රී, විජයදාසව ඉවත් කරන්න එතරම් කැමැත්තක් නොදැක්වීය. හේතුව විජයදාස සහ මෛත්‍රී අතර තිබූ සමීප මිත්‍රකමය. විජයදාස මෛත්‍රීගේ වුවමනාවට රනිල්ට සහ රවීට එරෙහි බැඳුම්කර චෝදනාව විමර්ශන කරමින් මෛත්‍රීගේ හිත දිනාගත්තේය.

ඒත් යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී විජයදාස අධිකරණ ඇමැති ධුරයෙන් ඉවත් කරන්න තීරණය කළේය. ඒ සඳහා හේතුව ලෙස යූ.ඇන්.පී.ය නිවේදනය කළේ හොරු අල්ලන්න දුන් ජනවරම විජයදාස කඩාකප්පල් කරන බවය. යූ.ඇන්.පී.යේ බලපෑම සහ ආණ්ඩුව බලයට ගෙන ආ සිවිල් සංවිධානවල බලපෑම හමුවේ මෛත්‍රීට නිශ්ශබ්දව සිටිය නොහැකි විය. ඔහු විජයදාසව අධිකරණ ඇමැති ධුරයෙන් පමණක් නොව සියලු ඇමැති ධුරවලින් ඉවත් කළේය. විජයදාස විපක්ෂයට ගොස් ආණ්ඩුවේ පතුරු ඇරියේය. හොරු අල්ලන්න ආ විජයදාස අන්තිමට හොරු ලෙස හංවඩු ගහපු රාජපක්ෂලාටම එකතු විය. විජයදාස ඉවත් කළේ 2017 අගෝස්තුය. 2018 පෙබරවාරි 10 පවත්වපු පුංචි ඡන්දයෙන් හොරු අල්ලන්න ආ ආණ්ඩුව අන්ත පරාජයකට පත්වී හොරු යැයි කී රාජපක්ෂවරු අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.

ආණ්ඩුවේ ඒ පරාජයට හේතු වූයේ අනෙකක් නොවේ. ආණ්ඩුව හොරු අල්ලන පොරොන්දුව අමු අමුවේ උල්ලංඝනය කරමින් හොරු ඇල්ලීම දේශපාලන සංදර්ශනයක් බවට පත්කර ගත් නිසාය.
සෝභිත හිමි සහ කරු ජයසූරිය ඇතුළු සිවිල් සංවිධාන තමන්ට අභියෝග කළ සරත් ෆොන්සේකාව හිරේ දමා තමන්ට එරෙහිව තීන්දු දුන් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකව ගෙදර යවා තම හයිය පෙන්වමින් සිටි රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව හොරු අල්ලන සටන් පාඨය ගෙන එන විට මෛත්‍රීපාල සහ ඔහු සමග ආ ඇමැතිවරු හිටියේ රාපක්ෂලා ආරක්ෂා කරමින්ය. අවසන් මොහොතේ පොදු අපේක්ෂක වී එළියට ආ මෛත්‍රීපාල ඇතුළු ඇමැතිවරු සෝභිත හිමියන්ගේ සටන් පාඨය ඩැහැගත්තේය.

2024 වුණේත් ඒකමය. 2022 රට බංකොලොත් කළ හොරුන්ට දඬුවම් දෙන අරගලය සංවිධාන කළේ පෙරටුගාමීන් ඇතුළු සමාජ මාධ්‍ය නායකයන්ය. ජවිපෙ ඊට එක්වූයේ පසුවය. හැබැයි අන්තිමේදී අරගලකාරීන්ගේ හොරුන්ට දඬුවම් දෙන සටන් පාඨය ජවිපෙ ඩැහැගත්තේය.

2015 මෛත්‍රී මෙන් 2024 අනුර ජනාධිපති වී ජවිපෙ බලයට පත්විය. මේ ජවිපෙ ආණ්ඩුවේත් ජනප්‍රියතම සහ ප්‍රධානතම අමාත්‍යාංශය වූයේ හොරු අල්ලන අධිකරණ අමාත්‍යාංශයය. මෛත්‍රී සහ රනිල් රාජපක්ෂලාගෙන් වෙන්වී ආ විජයදාසට ඒ ඇමැති ධුරය දුන්නා වගේ අනුර අධිකරණ ඇමැති ධුරය දුන්නේ සාම්ප්‍රදායික දේශපාලන පවුලකින් පැවැත එන සාම්ප්‍රදායික දේශපාලනයට අක්මුල් ඇති හර්ෂණ නානායක්කාරටය.

විජයදාසට තිබුණු ප්‍රශ්නය විජයදාස රාජපක්ෂලා සමග සටන් කොට එළියට ආවාට රාජපක්ෂලාගේ ව්‍යාපාරික මිතුරන් සහ රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිවරු සමග තිබූ මිත්‍රකම්ය. හර්ෂණගේ පියා මහජන පක්ෂයේ හිටපු ප්‍රබලයෙකි. 88-89 ජවිපෙට එරෙහිව විජය සහ වාමාංශික නායකයන් සමග සටන් කළ අයෙකි. පියාගේ එක් සහෝදරයෙක් වූ වාසුදේව රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයෙකි. අනෙක් සහෝදරයා හේමකුමාර යූ.ඇන්.පී. ආණ්ඩුවේ හිටපු ප්‍රබලයෙකි.

2015ට පසු හොරු අල්ලන්නේ නැතැයි විජයදාසට ආ චෝදනාවම දැන් හර්ෂණට එරෙහිව එල්ල වෙමින් තිබේ. ඒ, ජවිපෙ ආණ්ඩුවට බලයට එන්න අරගලය දියත් කරපු තරුණ සමාජ මාධ්‍ය නායකයන්ගෙනි.

2015 ආණ්ඩුවට හොරු අල්ලන්න ලැබුණු ජනවරම ශක්තිමත් ජනවරමක් නොවේ. 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රී දින්නේ සුළු ජාතික ඡන්දවලින්ය. මහින්ද පරාජය වුවත් බහුතර සිංහල බෞද්ධ ඡන්ද ඔහුට හිමිවිය.

2015 මහ මැතිවරණයේදී රනිල්ට 113ක් ලැබුණේ නැත. ලැබුණේ ආසන 106කි. අනෙක රනිල්ගේ ආණ්ඩුව හවුල් ආණ්ඩුවකි. ජනාධිපති විපක්ෂයේ පක්ෂ නායකයාය.

ජනතාව හොරු අල්ලන්න අනුරට සහ ජවිපෙට දුන්නේ සියලු හිටපු මැති ඇමැතිවරු පරාජය කොට තුනෙන් දෙකක බලයකි. අනුරගේ වචනවලින්ම ජනතාව අනුරට දුන්නේ සුන්බුන් විපක්ෂයකි. ජනතාව මෛත්‍රී-රනිල්ට දුන්නේ ශක්තිමත් විපක්ෂයකි.

2015 ආණ්ඩුව වැට්ටුවේ රාජපක්ෂලා නොව ආණ්ඩුව බලයට ගෙන ආ සංවිධාන හොරු අල්ලන්නේ නෑ කියා නගපු අඳෝනාවය.

‘මේ ආණ්ඩුව වට්ටවන්නෙත් විපක්ෂය නොව ඒ අඳෝනාවමද…?’

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දවසක මගේ නම Global ගෙනියනවා…! ගොඩක් කට්ටිය මට බණිනවා…! දැන් ඒ කිසි දෙයක් මම හිතන්නෙ නැහැ…! හේට් කමෙන්ට්ස් දැක්කම මට හිනා යනවා…! Sri Lanka Latest News

Next Post

ලබන සතියේ පාර්ලිමේන්තුවේ මහා හෙළිදරව්වක්! Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.