• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

‘බැද්දේගම’ ගැන කතාකරන්න අද ඉන්නේ මම විතරයි…! සිහි නැතිකරන ඉන්ජෙක්ෂන් එකක් ගහලයි තිබුණේ…! හිතුවෙ නැති විදියට වෙලාවට කලින් සිහිය ආවා…! අමුඩේ ගහන් හිටපු ජෝ අයියා කරේ තිබුණු සරමෙන් තමයි මගේ නිරාවරණය වුණු පිට වහලා දැම්මේ…! එක්සලන්ට් නදීකා එක්සලන්ට් කියලා ලෙස්ටර් සර් කෑගැහුවා…! Sri Lanka Latest News

November 16, 2025
in Heart
Reading Time: 4 mins read
A A
‘බැද්දේගම’ ගැන කතාකරන්න අද ඉන්නේ මම විතරයි…! සිහි නැතිකරන ඉන්ජෙක්ෂන් එකක් ගහලයි තිබුණේ…! හිතුවෙ නැති විදියට වෙලාවට කලින් සිහිය ආවා…! අමුඩේ ගහන් හිටපු ජෝ අයියා කරේ තිබුණු සරමෙන් තමයි මගේ නිරාවරණය වුණු පිට වහලා දැම්මේ…! එක්සලන්ට් නදීකා එක්සලන්ට් කියලා ලෙස්ටර් සර් කෑගැහුවා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ සම්මානනීය නළු ජෝ අබේවික්‍රම අමුඩයකුත් ඇඳගෙන කොහේදෝ ඈතක බලාගෙන පොළොවට බර වෙන්න ඇණතියාගෙන ඉන්න මේ දර්ශනය තියෙන්නේ 1980 අවුරුද්දේ නිර්මාණය වුණු ‘බැද්දේගම’ චිත්‍රපටයෙයි. සිලිඳුගේ චරිතයට ප්‍රවීණ සිනමා නිර්මාණකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ජෝව තෝරගත්ත වෙලාවේ ජෝ මුලින්ම එය ප්‍රතික්ෂේප කළාලු. එයට හේතුව වුණේ ලෙනාඩ් වුල්ෆ්ගේ පොතේ හැටියට ‘සිලිඳු’ කියන මනුස්සයා ඉතා දිළිඳු පවුලකට අයත් කැහැටු ගැහුණු කෘෂ මිනිහෙක් වීමයි.
‘මේ උස මහත සද්දන්ත මිනිහෙක් කොහොමෙයි සිලිඳුට හරියන්නේ… අනේ වෙන කවුරුන් හරි ගන්න මහත්තයෝ…’ ජෝ, ලෙස්ටර්ට කිහිප වතාවක්ම කිව්වලු.Sri Lanka Latest News

සිනමාවේ හොඳ පදමට තෙම්පරාදු වෙච්ච ලෙස්ටර් ජේම්ස් පීරිස් වගේ දැවැන්තයෙක් ඒ තරම් ලෙහෙසියට ජෝ වගේ නළුවෙක්ව අතාරීද…?
‘මම තමුන්නැහේව සිලිඳුට හරියන්න හදලා ගන්නම්. අපි කරමු…’

ඒ, ලෙස්ටර්ගෙ සුහද අණ. ඒ අණට ජෝ කීකරු වුණා. හැබැයි ජෝව සිලිඳු විදියට හැදුවේ ලෙස්ටර් නෙවෙයි. ජෝම ඊට අනුගත වුණා.
ඔන්න ඔය වගේ හරි කදිම සිද්ධි සමුදායක් එක්කයි ‘බැද්දේගම’ හැදුණේ. ඒ සිදුවීම් අහන්න ‘බැද්දේගම’ චිත්‍රපටයට හවුල් වූ අයගෙන් අදට ජීවතුන් අතර ඉන්නේ එහි හින්නි හාමිට රඟපෑ ප්‍රවීණ නිළි නදීකා ගුණසේකර විතරයි. සම්මානනීය ප්‍රවීණ නිළි නදීකා ගුණසේකර කියන්නේ එවක ප්‍රවීණ නිළියක් නම් නෙවෙයි. අවුරුදු 19ක් වැනි තරුණ වයසකදී නවක නිළියක් විදියට පැමිණි උණුසුමේම තමයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නදීකාව බැද්දේගමට ගන්නේ. පුදුමය කියන්නේ ඈ හින්නි හාමිගෙ චරිතය වෙනුවෙන් හොඳම සහාය නිළිය ලෙස ජනාධිපති සම්මානය ගන්නවා. ඒක පුදුමයක්.

ඒ වගේම අහම්බයක්. තවත් අතකට වාසනාවක්. ඒ අතර තවත් වැදගත් කාරණයක් වන්නේ අතිවිශිෂ්ට නිර්මාණයක් වෙච්ච බැද්දේගම චිත්‍රපටය ගැන කතාකරන්න එයට සම්මාදම් වූ කලා ශිල්පීන් අතරින් අද ඉතිරි වෙලා ඉන්න, ජීවත්ව ඉන්න එකම කලා ශිල්පිනිය නදීකා ගුණසේකර විතරමයි. ඒ හින්දාම අපට හිතුණා නදීකා එක්ක බැද්දේගම ගැන පුංචි කතාබහක යෙදෙන්න.

“බැද්දේගම’ වැනි අතිවිශිෂ්ට නිර්මාණයකට දායක වෙන්න ලැබීම ගැන නවක තරුණ ආධුනික නිළියක් හැටියට සම්මානනීය කලා ශිල්පීන් රැසක් එක්ක ගැටෙන්න ලැබීම ගැන එදා වගේම අදත් හිතේ තියෙන්නේ මහා ගෞරවනීය හැඟීමක්….’

නදීකා කතාවට බොහොම කැමැත්තෙන් මුලපිරුවේ ඒ විදියටයි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි මහා කලාකරුවෙක් ඔබව හොයාගෙන එනකොට පුදුමයක් දැනුණද?
අපියි ඔහුව හොයාගෙන ගියේ. අපි කිව්වේ මමයි මගෙ අම්මයි. මම නිළියක් වෙනවට වගේම ලෙස්ටර් සර් වගේ දැවැන්තයකුගේ චිත්‍රපටයක ඉන්නවා දකින්න අම්මගේ ලොකු ආශාවක් තිබුණා. ඒ නිසයි ඔහුව හොයාගෙන ගෙදරටම ගියේ.
ඒ වනවිට ආචාර්ය ලෙස්ටර් ‘බැද්දේගම’ කරන්න යන බව ආරංචි වෙලාද තිබුණේ?
නැහැ. ඊළඟට ඔහු කරන්න යන කුමක් හෝ නිර්මාණයකට මාව සම්බන්ධ කරගන්න කියන්න. නදීකා ගුණසේකර කියන නවක නිළියට චාන්ස් එකක් දෙන්න පුළුවන්ද කියලා ඉල්ලීමක් කරන්නයි අම්මා ගියේ.
හින්නි හාමි වැනි අපූරු චරිතයක් ලැබුණෙ එතැනදීයි?
තවම අපි එතැනට ආවේ නැහැ. මොකද කියනවා නම්, ලෙස්ටර් සර් ඒ දවස්වල ‘විරාගය’ නවකතාව සිනමාවට නගන සූදානමකයි හිටියේ. මට ලැබෙන්න තිබුණේ ‘බතී’ගේ චරිතයයි. පස්සේ කාලෙක ඒ අදහස වෙනස් වුණා. ‘විරාගය’ තිස්ස අබේසේකර මහත්තයා අතට ගියා. ලෙස්ටර් සර් ‘බැද්දේගම’ කරන්න ගත්තා. ඔබ අර කිව්වා වගේ හින්නි හාමිගෙ අපූරු චරිතය මට ලැබුණා.
අපි යමුද ටිකකට දශක ගණනක් ඈත ඒ අතීතයට. රූගත කිරීම් එහෙම ඔබට නව අත්දැකීමක් වෙන්න ඇති?
මොනවට කියනවද ඒ ගැන? ප්‍රවීණයන් මැද මහා ශ්‍රේෂ්ඨයන් පිරිසක් මැද ගතකරපු ඒ දවස් ගණන මට එදා දැනුණේ සිනමාව ගැන හදාරන්න ඇකඩමියක ගතකළ කාලයක් ගානටයි. ලෙස්ටර් සර්ගෙ මෙහෙයවීම ප්‍රවීණයන් වූ විලී බ්ලේක්ගේ සහ ඩොනල්ඩ් කරුණාරත්නගේ කැමරාකරණය සම්මානනීය ප්‍රවීණ නළු නිළියන්ගෙන් ලැබුණු ගුරුහරුකම් අවවාද අතර ගෙවපු ඒ කාලය මිල කරන්න බැරි තරම් අමිලයි.
පළමු රූගත කිරීම මතකද?
මම හිටපු පළමු සීන් එකට තිබුණේ හින්නි හාමිගෙ මරණය. ගමේ මිනිස්සු හින්නි හාමිව පාරේ ඇදගෙන ගිහින් ගහලා මරනවා. මාලනී අක්කා ජෝ අයියා ටි්‍රලීෂියා ඇන්ටි මාව බදාගෙන අඬනවා.
පාරේ ඔබව ඇදගෙන යනකොට ඇඳුම් ඉරිලා ඔබට තුවාල වුණා කියලා ඒ දවස්වල සරසවිය පත්තරේ තිබුණලු?
මම මේ ඒ සිදුවීම ගැන කියන්න හැදුවා විතරයි. ‘බැද්දේගම’ ලොකේෂන් තිබුණේ හම්බන්තොට දුෂ්කර ප්‍රදේශයක. ලෙස්ටර් සර් ඉර මුදුන් යාමෙට ෂූටින් දාගත්තෙත් නෑ රස්නෙ වැඩි හින්දා. හැබැයි මේ කියන සීන් එකට ගිනි මද්දහන ඕනෙ නිසා ඒක ෂූට් කළේ හොඳට අව්ව තියෙන වෙලාවකයි. ගමේ අය මට පහර දීලා බොරළු පාර දිගේ ඇදගෙන යන විදියට මගේ හැට්ටෙත් ඉරෙන්න ඕනෙ විදියටයි සීන් එක ඩිරෙක්ට් කරලා තිබුණෙ. ලෙස්ටර් සර් මගෙන් ඇහුවා හැට්ටෙ ඉරිලා ඇඟ පිටුපස කොටස නිරාවරණය වෙන දර්ශනයක් තියෙනවා ඒක ඔයාට අවුලක් නැහැ නේද කියලා. මමත් ඉතින් ‘හා’ කිව්වා. කොහොම හරි ඒ දර්ශනය ඉතා සාර්ථකව කෙරුණා. ‘එක්සලන්ට් නදීකා එක්සලන්ට්’ කියලා ඔහු සතුටින් කෑගහනකොට අමුඩෙ ගහගෙන හිටපු අපේ ජෝ අයියා එයාගෙ කරේ ඔතාගෙන හිටපු සරමෙන් මගේ නිරාවරණය වෙච්ච පිට වහලා දැම්මා. ආදරණීය විදියට අද වගේ මතකයි.

එදා දවසේ ෂූටින් ඉවර වෙලා හොටෙල් එකේ රෑ විවේකීව අපි හැමෝම ඉන්න තැනට ඇවිදින් ලෙස්ටර් සර් කිව්වා හිතට සැටිස් වෙන විදියට රූගත කිරීමක් එක පාරින් ඉවරයක් වෙන එක ඩිරෙක්ටර් කෙනකුට වගේම කැමරාමන්ටත් ලොකු සතුටක් කියලා. මට අද වගේ මතකයි. මිස්ටර් බ්ලේක් මගෙ ළඟට ඇවිදින් කිව්වා අනිවාර්යයෙන්ම ඔයාට මේ වෙනුවෙන් සම්මානයක් ලැබෙනවාමයි කියලා. ඒ වෙලාවෙ මාලනී අක්කත් හරි නිහතමානීව මගෙ කනට කරලා ‘ලෙස්ටර් මහත්තයා ඒ ක්‍රෙඩිට් එක දුන්නේ ඔයාටයි නදීකා’ කියලා කිව්වා. අනේ මට ඇයව මතක් වෙනවා. ඇයව වගේම එදා ආධුනික නවකයෙක් විදියට හිටපු මාව දිරිමත් කළ හැමෝවම මට කදාවත් අමතක වෙන්නේ නැහැ.
මාලනී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, විජය කුමරතුංග, ටි්‍රලීෂියා ගුණවර්ධන, හෙන්රි ජයසේන, ඩී.ආර්. නානායක්කාර, නවනන්දන විජේසිංහ, ඩේවිඩ් ධර්මකීර්ති ඒ හැමෝවම මෙතැනදී ආදරෙන් මතක් කරනවා.

‘බැද්දේගම’ සම්මානනීයත්වයට පත්කළ ඒ හැමෝම අද අපි අතර නැහැ…?
සත්තකින්ම ඔව්. ‘බැද්දේගම’ ගැන අද මේ විදියට කතාකරන්න ඉන්නේ මම විතරයි.
හින්නි හාමිගෙ මුවා ගැනත් රසවත් සිදුවීම් තිබුණා නේද?
ඔව්. ෂූටින්වලට ආව මුවා නතර වෙලා හිටියෙත් අපි හිටපු හොටෙල් රූම් එකේ. ඒ ගමේම කට්ටියගෙන් තමයි මුවාව ඉල්ලාගත්තේ. මුවා මැරෙන සීන් එකේදී මම මුවාව බදාගෙන අඬනවා. මැරුණු විදියට මුවාව නිහඬ කරවන්න, සිහි නැතිකරන ඉන්ජෙක්ෂන් එකක් ගහලයි තිබුණේ. හරි වැඩේ කියන්නේ හිතුවෙ නැති විදියට වෙලාවට කලින් මුවාට සිහිය ආවා. මම මුවාව බදාගෙන අඬනකොට මට වැඩේ තේරුණා. මම මොකද කළේ මුවාගේ කකුල් තද කරලා අල්ලගෙන ඔළුවත් බදාගෙන හිටියා. සීන් එක ඉවර වෙනකල්ම මුවා මට හතර පස් පාරක් පයින් ගැහුවත් මම ඒ සීන් එක අතෑරියෙ නැහැ. පස්සේ විස්තරේ කියනකොට හැමෝටම හරි හිනා. එහෙම හිනාවෙන අතර මිස්ටර් බ්ලේක් ‘නදීකා ඔයා නම් හරි අපූරුයි නොවැ’ කියලා කිව්වා.
විලී බ්ලේක් කිව්වා වගේම ඔබ හින්නි හාමිනේගේ රංගනය වෙනුවෙන් සම්මාන ගත්තා?
ඔව්. සරසවිය සම්මාන උළෙලේදී හොඳම නැගීඑන නවක නිළියට හිමි සම්මානයත්, ජනාධිපති සම්මාන උළෙලේ හොඳම සහාය නිළියට හිමි සම්මානයත් මට ලැබුණා.
‘බැද්දේගම’ ගැන තව කියන්න තියෙන සුවිශේෂ මතක මොනවද?
තව බොහෝ දේ තියෙනවා. ඒ හැම දේම ලියන්න ගියොත් පත්තර පිටු හතරක් පහක් ඕනෙ වෙයි. ඒ තරමට ඒ මතකයන් ‘බැද්දේගම’ චිත්‍රපටය තරමටම අද්විතීයයි. ඒ ගැන කතාකරන්න මට ලැබුණු මේ වරම ගැන සතුටුයි ඇත්තටම.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

පොඩි මිනිස්සුන්ගේ ණය ගැන බය හිතෙන හෙළිදරව්වක්! ගෙදර තියෙන රත්තරන් බඩු උකස් කරන එක දරුණුවටම ඉහළ ගිහින්! රන් උකස් ණය රුපියල් බිලියන 356ක් දක්වා වැඩිවෙලා! I Sri Lanka Latest News

Next Post

මෙගා කරන්නේ නෑ කියලා හිතන් ඉන්න කොට තමයි ආලේ ආවේ…! තාම ගර්ල් කෙනෙක් නෑ… ! හරියන කෙනෙක් ලැබුණොත් බඳිනවා… ! යෂ් වීරසිංහ! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.