• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අවුරුදු 5ක් තිස්සේ මම තට්ටේ ගානවා! Sri Lanka Latest News

May 19, 2025
in Heart
Reading Time: 3 mins read
A A
අවුරුදු 5ක් තිස්සේ මම තට්ටේ ගානවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මව්රට’ ’හාට්’ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට අද අපි හඳුන්වා දෙන්න යන්නේ සුවිශේෂ චරිතයක්. ඔහු නමින් සචින්ත රන්දීප පෙරේරා. ඒ නම ඔබට අහලා පුරුදු නැති වුණාට ‘නාඩගම්කාරයෝ’ ටෙලියේ පොඩි හාමුදුරුවන් කිව්ව සැණින් ඔහුව ඔබේ මතකයට නැගේවි. සචින්ද මේ වෙද්දී පොඩි ටෙලිනාට්‍ය කීපයකම හාමුදුරුවන්ගේ චරිතය රඟපාලා තියෙනවා. ඔහු පොඩි හාමුදුරුවන්ගේ චරිතයටම කොටුවෙලාද? එහෙම නැත්නම් ඉදිරියේදී ඔහුගේ චරිත නිරූපණය වෙනත් මානයකට යොමුවේවිද? මේ, අපි සචින්තත් එක්ක ඒ ගැන කරපු කතාබහ. Sri Lanka Latest News

සචින්ත, ඔබේ ‘තිලෝශාක්‍ය හිමි’ ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මේ දවස්වල ‘තිලෝශාක්‍ය හිමි’ ගීතය විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙනවා. ඒ අතර පසුගිය වෙසක් සතිය නිසා තොරණ, දන්සල්වලත් ඒ ගීතය වැඩි වශයෙන් ප්‍රචාරය වුණා.

‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයෙන් පසුව එක දිගටම ඔබ පොඩි හාමුදුරුවන්ගේ චරිතයට කොටු වුණා නේද?
‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ පොඩි හාමුදුරුවෝ විදියට තමයි මාව හැම දෙනාම හඳුනාගත්තේ. මම හිතුවේ නැහැ මේ තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මට ලැබෙයි කියලා. පස්සේ ඉතින් මට රඟපාන්න අවස්ථාව ලැබුණේ පොඩි හාමුදුරුවන්ගේ චරිතය තමයි. තවමත් ආරාධනා එන්නේ පොඩි හාමුදුරුවන්ගේ චරිතය වෙනුවෙන්මයි.

මේ දවස්වල ඉස්කෝලේ දකින පොඩි හාමුදුරුවෝ චරිතය තුළ අපි වෙනසක් දකිනවා?
ඔව් ඒක ඇත්ත. හාමුදුරුවන්ගේ චරිතවලට මාව කොටුවුණත් ඒ හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ සුනීත පොඩි හාමුදුරුවෝ ටිකක් සැරයි. ටිකක් දේශපාලනයට නැඹුරු චරිතයක්. මම මේ හැම චරිතයක්ම රඟපාන්නේ ගොඩක් ආශාවෙන්.

සචින්තගේ සැබෑ ස්වරූපය වෙනසක් කළොත් මොකද?
අවුරුදු පහක් තිස්සේ මම තට්ටේ ගානවා. දැන් ඉතින් වෙනසක් කරන්න බැහැ. භාරගත්තු වැඩ නිසා. මමත් උත්සාහ කරනවා වෙනස් විදියේ චරිතයක් රඟපාන්න. මම පොඩි හාමුදුරුවන්ගේ චරිතය රඟපාන්නේ නැහැ කියලා තීරණයක් ගත්තොත් සමහර විට මට නිර්මාණවලින් ආරාධනා නොලැබෙන්නත් පුළුවන්. මමත් ගොඩක් ආශාවෙන් ඉන්නවා අන්ධ, ගොළු චරිතයක් නිරූපණය කරන්න. එවැනි චරිතයකට ආරාධනාවක් ලැබුණොත් මගේ ගමනේ ලොකු වෙනසක් දැකගන්න පුළුවන් වේවි.

යම් හැදෑරීමක් සමගද සචින්ත රංගනයට පිවිසුණේ?
පොඩි කාලේ ඉඳලම මම උත්සාහ කළා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න. පස්සේ මම සද්ධා සර්ගේ රංගන පාසලට සම්බන්ධ වෙලා රංගනය හැදෑරුවා. ඒ වැඩකටයුතු අවසන් කරලා අවුරුදු තුනක් විතර ගෙදරට වෙලා හිටියා අවස්ථාවක් ලැබෙනතුරු. ඔහොම ඉන්න අතරතුර තමයි මට ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව උදාවුණේ.

චීවරය දරාගත්තම ඔබට විවිධ අකරතැබ්බවලටත් මුහුණ පාන්න සිදුවෙන්න ඇති නේද?
ඔව්, ඕනෙ තරම් එවැනි සිදුවීම් වෙලා තියෙනවා. මොකද මගේ ෂූටින් ගොඩක් සිදුවෙන්නේ පන්සල්වල නිසා. පන්සලට එන දායකයෝ මට දණගහලා වඳිනවා මම ඒ පන්සලේ හාමුදුරුනමක් කියලා හිතලා. මේ ළඟදිත් ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ රූගත කිරීමක් අතරතුර එවැනි දෙයක් සිදුවුණා. ඒ වෙලාවට ඉතින් මටත් කරකියා ගන්න දෙයක් නැතුව අසරණ වෙනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ප්‍රභාකරන් මරා දාපු උතුරේ වෙල්ලමුල්ලිවයික්කාල්වල තිබ්බ සැමරුමට දහස් ගණනක ජනගඟක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Next Post

ගාන හොඳටම සැර ෂර්දා! Sri Lanka Latest News

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.