• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම අද ඉන්න තැන ගැන සතුටු වෙනවා…

July 2, 2021
in Heart
Reading Time: 3 mins read
A A
මම අද ඉන්න තැන ගැන සතුටු වෙනවා…
Share on WhatsAppShare on Facebook

නොහිතපු විදියට ආපු ගමනක් මේක…
පෙනුම වෙනස් කරන්න අවුරුද්දක ඉඳලා මම කැපවීමක් කළා…

තම දරුවන්ට මවුපියන් මොන තරම් ආදරය කරනවාද කියලා මිනුම් දණ්ඩකින් මැනලා සීමා කරන්න බැහැ. ඉතින් ඔහු එලෙස ආදරය කරපු තම දියණිය සොයමින් මහමඟ සැරිසරන ආදරණීය පියෙක්. ඔහු නමින් මාලක. ‘මාලක’ වැනි පියවරුන් අප සමාජයේ තම දරුවන් වෙනුවෙන් පීඩා විඳිමින් ගෙවන ජීවිතය ගැන වගේම මාලකගේ චරිතය හරහා ඔබට සමීප වන නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පියෙකු වන චානුක ප්‍රබුද්ධගේ රංගන ජීවිතය ගැන කතා කරන්න පසුගියදා පැවැති පියවරුන්ගේ දිනය නිමිති කරගෙනම අපි මේ කතාබහට මුලපිරුවා.

🔴 මේ දවස්වල ඔබව ගොඩදෙනෙක් දැනහඳුන ගන්නේ ‘මාලක’ ලෙසින්. ඉතින් අපිත් කැමැතියි ඒ ගැන මුලින්ම කතා කරන්න?
‘මාලක’ මගේ ජීවිතයේ කොටසක් වෙලා අවුරුදු කිහිපයකම ඉඳලම. මුලින්ම ‘මාලක’ ‘සකු’ ටෙලිනාට්‍ය තුළින් මගේ ආදරණීය ප්‍රේක්‍ෂක පිරිස අතරට සමීප වුණා. දැන් ‘සකුගේ ලෝකය’ තුළින් නැවැත වරක් ‘මාලක’ ලෙසට මම ජීවත් වෙනවා කියලා මටම දැනෙනවා. මමත් ‘සකු’ දුව අතරත් තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. ලැබෙන ආදරණීය ප්‍රතිචාර අමුතුවෙන් කිව යුතු නැහැ. ‘සකු’ ටෙලිනාට්‍ය තුළින් ‘මාලක’ට ලැබුණු ප්‍රතිචාර අදටත් මාව ගොඩදෙනෙක් දැනහඳුනන්නේ ‘මාලක’ ලෙසින්.

🔴 ‘සකු’ තුළින් අපි දැකපු ‘මාලක’ට වඩා දැන් අපි වෙනසක් දකිනවා?
ඔව්… වෙනස අනිවාර්යෙන්ම දැකිය යුතුයි. එදා දැකපු ‘මාලක’ට වඩා ‘සකු’ගේ ලෝකය තුළින් සමීප වන මාලක හාත්පසින්ම වෙනස්. මාලක චරිතය නිසාම මගේ බාහිර ස්වරූපය වෙනස් කිරීමට අවුරුද්දක ඉඳලා මම කැපවීමක් කළා. මොකද ඒ තරමට මමත් ‘මාලක’ චරිතයට ආදරය කරන නිසා.

🔴 ඔබේ බාහිර ස්වරූපය වෙනස් කිරීමත් එක්ක තවත් පැත්තකින් ඔබට පාඩුවක් වන්නටත් ඇති?
ආරාධනා ලැබුණු ගොඩාක් නිර්මාණ මම ප්‍රතික්‍ෂේප කළා මගේ බාහිර පෙනුම වෙනස් වීමත් එක්ක. ලංකාවේ රූපවාහිනී නාලිකා සියල්ලගේම, නිර්මාණවල සියල්ලගේම මම හිටිය යුතුයි කියලා අදහස් කරන්නේ නැහැ. අවුරුද්දට එක නිර්මාණයක් හරි මට කරන්න තිබුණොත් හොඳටම ඇති.

🔴 ‘කොළඹ ඉතාලියේ’ විඳින ජීවිතය කොයි වගේද?
හරිම සුන්දරයි. ‘කොළඹ ඉතාලිය’ ටෙලිනාට්‍යයේ මම ‘සුලලිත’ චරිතය තමයි රඟපාන්නේ.

🔴 ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ ප්‍රියන්ත කොළඹගේ සමග ඔබ වසර ගණනාවක ඉඳලා එක දිගට වැඩ කරනවා. මෙයට විශේෂ හේතුවක් ඇති නේද?
මාව මේ ක්‍ෂේත්‍රයේ බීජයක් ලෙස රෝපණය කළේ සාන්ත සොයිසා මහතා ඔහුගේ ‘මිතු’ ටෙලිනාට්‍යයේ. නමුත් ‘මිතු’ ටෙලිනාට්‍ය අතරමග නතර වුණා. ඉතින් එදා රෝපණය කළ ඒ බීජයට ශක්තිමත් ලෙස වැඩීමට ප්‍රියන්ත අයියා ශක්තියක් වුණා. ඔහු මගේ රංගනයට විතරක් නොව පෞද්ගලික ජීවිතයට පවා පිහිට වුණා. ඔහු මට දැනෙන්නේ මගේ පියෙක් වගෙයි. ඒ තරමට මම ඔහුට ගරු කරනවා.

🔴 ‘මිතු’ ටෙලිනාට්‍යයෙන් පසු ඔබේ ගමන උඩුයටිකුරු වෙයි කියන සිතුවිල්ලකින් නේද ජීවත් වුණේ?
ඇත්තටම ඔව්… මම හිතුවා මගේ ගමන මෙතැනින්ම නතර වෙයි කියලා. එහෙම හිතින් පීඩා විඳිමින් ඉන්න කාලයක තමයි මට ප්‍රියන්ත අයියා ‘සකු’ ටෙලිනාට්‍යයේ ‘මාලක’ චරිතයට ආරාධනා කළේ. ‘මාලක’ට මම ජීවිතයක් නොදුන්නා නම් අද මම කොහේ ඉඳීවිද, මොනවා කරාවිද කියලා හිතාගන්න බැහැ.

🔴 අද ඔබ ලබන ජනප්‍රියත්වයත් එක්ක ආපසු හැරී බලන විට මොකද හිතෙන්නේ?
නොසිතූ මොහොතක ආපු ගමනක් මේ. මම රංගනයට කලින් කාලයක් නිරූපණ ක්‍ෂේත්‍රයේ වැඩ කළා. කලාවට මම ගොඩාක් ආදරය කරනවා. හැබැයි මම මේ බුක්ති විඳින ආදරය, ගෞරවය හිමිවන්නේ ‘මාලක’ චරිතය නිසාමයි. එහෙම හිතන කොට මම අද ඉන්න තැන ගැන සතුටු වෙනවා.

🔴 චනුක දැන් විවිධ චරිත හරහා ප්‍රේමයෙන් බැඳිලා කාලය ගෙවනවා. සැබෑ ජීවිතයේදී ඔබ ආදරය කරන පෙම්වතෙක්ද?
තරුණයෙක් වශයෙන් අපේ ජීවිතයට ආදරය අවශ්‍යයයි. ආදරයට මගේ දිග, පළල බේදයක් නැහැ. මට ආදරය කරන්නේ කවුද මම ඔහුට ආදරය කරනවා. ඒ ආදරයත් එක්ක තමයි අපිට මේ ක්‍ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ඇසූ දෙයට මම පිළිතුරක් දෙනවා නම් මම දැන් ආදරය කරන පෙම්වතෙක්. හැබැයි ඒක ගැන විස්තරාත්මකව මම දැන්ම කියන්න කැමැති නැහැ.
– වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රාජ්‍ය ඇමැතිගේ බලපෑම් හමුවේ සභාපති ගෙදර යයි! කැබිනට් ඇමැතිට ලියුම බාරදෙයි!

Next Post

ලංකාවට ඔස්කාර් සම්මානයක්! ජනපතිගේ වැඩපිළිවෙළත් හේතුවක්!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.