තමනට ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මාස කිහිපයක් තිස්සේ වරින් වර පැවසීම හේතුවෙන් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ මහින්ද විදානපතිරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත තම ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙමින් ඔහු පෙන්වා දී ඇත්තේ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ බලපෑම හමුවේ තමන්ට තවදුරටත් රාජකාරි කළ නොහැකි බවයි.
තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද ලිඛිතව පැහැදී කරුණු පැහැදිලි කිරීමක් කිරීමට ඒ මහතා සූදානමින් සිටී.










