• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ ප්‍රතිරූපේ පාවා දෙන්නේ නෑ…

August 22, 2021
in Heart
Reading Time: 3 mins read
A A
මගේ ප්‍රතිරූපේ පාවා දෙන්නේ නෑ…
Share on WhatsAppShare on Facebook

රඟපාන එකත් නතර කරනවා එහෙම වුණොත්…
අපි හොඳයි නම් කාගෙන්වත් බලපෑම් එන්නේ නෑ…

‘දෙරණ අවුරුදු කුමරිය’ ලෙසට අභිෂේක ලබමින් චරිතාංග රංගන ශිල්පිනියක ලෙසට රංගන දිවියේ හැඩ වන ඇය කස්තුරි ජයවර්ධන. මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකින් ඔබට සමීප වන මේ රුවැත්තිය ගැන කතා කරන්න අපි හිතුවා.

කස්තුරි දැන් ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා නේද?
2019 ‘දෙරණ අවුරුදු කුමරි’ තරගාවලියේ මට දෙවැනි ස්ථානය හිමිවුණා. මාව ඉන්පසු ගොඩදෙනෙක් දැනහඳුනා ගත්තා. මම ටෙලිනාට්‍යයක් ලෙසට පළමු වතාවට රඟපෑවේ ‘හුස්මක් තරමට’ නිර්මාණයේ. ඒ අවස්ථාව මට හිමිවුණේ සංගීත් ප්‍රභූ අයියා හරහා.

මේ දවස්වල චරිත කිහිපයකින් ඔබ අප හමුවට එනවා. ඒ ගැන කතා කළොත්?
‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ ‘මහිමා’ ලෙසට තමයි මම රඟපාන්නේ. ‘මහිමා’ චරිතය මගේ ජීවිතයට සමනාකම් තිබෙනවා. ගමෙන් කොළඹට ඇවිත් ගෙවන ජීවිත කතාවක සිදුවීමක් තමයි මම නිරූපණය කරන්නේ. පෝර්ක් වීදියේ ‘ගුරුතුමිය’ක් ලෙසටත්, ‘සැප්තැම්බරයේ දිග දවසක්’ ටෙලිනාට්‍යයේ ‘කුමී’ ලෙසටත් රඟපානවා.

ඔබ නිරූපණය කරන ‘කුමී’ චරිතය තුළින් වෙනස් පැතිකඩකට රැගෙන ගියා නේද?
‘සැප්තැම්බරේ දිග දවසක්’ ටෙලිනාට්‍යයේ ‘කුමී’ චරිතය මම ගොඩාක් කැමැතියි. එවැනි චරිතයක් කිරීමට ආශාවෙන් හිටියේ. ගැමි කාන්තාවක් වයසින් වැඩි පිරිමියෙක් සමග විවාහ වෙලා ඒ ජීවිතයට එන හැලහැප්පිලිත් එක්ක තමයි ‘කුමී’ට ජීවත් වෙන්න සිදුවෙලා තියෙන්නේ.

අවුරුදු කුමරියක් ලෙසට ඔබ ජයග්‍රහණය නොකළා නම් අද මෙතරම් ජනප්‍රිය චරිතයක් බවට පත්නොවන්නත් ඉඩ තිබෙන්නට තිබුණා?
ඔව්… ඒක හරි… ඉතාමත් කෙටි කාලයක් තුළ මගේ ජීවිතයට නොසිතූ විදියට වාසනාව වගේම ආදරය ලැබුණා. ආදරය කියලා මම අදහස් කළේ ප්‍රේම සම්බන්ධයක් නෙවෙයි. ප්‍රේක්‍ෂක ආදරය වැඩිවීමත් එක්ක මාව ඉබේටම ජනප්‍රිය චරිතයක් බවට පත්වීම එක ගැනත් මම සතුටු වෙනවා.

මේ දවස්වල ‘කොවිඩ්’ ප්‍රශ්නත් එක්ක මෙගා නිර්මාණවල රඟපෑමට කලා ශිල්පීන් විරුද්ධත්වයක් ප්‍රකාශ කරනවා, ඔබත් එහෙමද?
‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ තමයි මම එක දිගට වැඩ කරගෙන යන්නේ. ‘නීල පබළු’ නිෂ්පාදන කණ්ඩායම අපිට පුදුම ආරක්‍ෂාවක් දෙනවා. ඒත් දැන් තියෙන තත්ත්වෙත් එක්ක රඟපෑමට යන්න අපිත් බයයි. මොකද නිතරම අපිට මාක්ස් දාගෙන ඉන්න බැහැ. මම වැඩ කරපු නිර්මාණවල සමහර අයටත් ‘කොවිඩ්’ රෝග ලක්‍ෂණ මතු වුණා. ඒත් අපිට දෙවියන්ගේ පිහිටෙන් එහෙම ප්‍රශ්න මතු වුණේ නැහැ. ඒත් එක්ක ‘නීල පබළු’ රූගත කිරීම් කටයුතු නතර කරලා තියෙන්නේ.

ඔබේ ආදරණීය පෙම්වතාගෙන් මොනවගේ සහායක්ද ඔබට තියෙන්නේ?
ආදරය ගැන මම දැම්ම හිතලා නැහැ. මම තවම පොඩි කෙනෙක්. ආදරය ගැන හිතන්නවත් වෙලාවක් නැති තරමට මේ තියෙන වැඩකටයුතුත් එක්ක.

ජනප්‍රිය චරිත නිසා ඔබට විවිධාකාර මිනිසුන්ගෙන් ප්‍රශ්න මතුවෙනවා ඇති නේද?
අපෝ… ඒව නම් ඕනෑ තරම්. නමුත් මගේ ප්‍රතිරූපය පාවා දීමට මම සූදානම් නැහැ. මම රඟපෑමෙන් වුණත් අයින් වෙනවා එවැනි බලපෑම් ආවොත්. හැබැයි අපි හොඳට හිටියොත් අපිට කිසිම කෙනෙක්ගෙන් බලපෑමක් නැහැ.

අද ඔබ මේ සිටින තැන ගැන සතුටුද?
අනිවාර්යයෙන්ම… මගේ රඟපෑම මම වගේම පවුලේ අය දැකලා විඳින තරම් සතුටක් මට තවත් නැහැ. මගේ ගමන හෙමින් ඉදිරියට යන්න තමයි හිතාගෙන ඉන්නේ.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

නිල් ‘මාස්ක්’ ගැන භයානක හෙළිදරව්වක්!

Next Post

ගෝඨා හමුදාවට කොරෝනා බාරදුන්නේ ඇයි? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.