• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා හමුදාවට කොරෝනා බාරදුන්නේ ඇයි? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

August 22, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ගෝඨා හමුදාවට කොරෝනා බාරදුන්නේ ඇයි? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

කොරෝනා රෝගය රට ඇතුළේ ව්‍යාප්ත වෙන්න පටන්ගත් මුල් කාලයේ එන්නත්කරණ වැඩපිළිවෙළ සකස් කරනු ලැබුවේ තමන්ගේ ගමේ තියෙන එම්.ඕ.එච්. කාර්යාල හරහා ජනතාවට එන්නත ලබාදීමටය. ඊට අමතරව නගර සභා කිහිපයකද එන්නත්කරණ වැඩපිළිවෙළ දියත් කිරීමට සැලසුම් සකස් කොට තිබිණි. ආණ්ඩුව හිතුවේ එන්නත් පිටරටින් රැගෙන විත් එම්.ඕ.එච්. කාර්යාල හා නගර සභා හරහා ජනතාවට ලබා දෙද්දී ගමේ වැඩේ කරට අරගෙන හරියාකාරව එන්නත ජනතාවට ලැබේවි යැයි කියාය.

හැබැයි වැඩේ හරියට කෙරෙන්නේ නැති බව ආණ්ඩුවට දැකගන්නට ලැබුණේ මාධ්‍ය හරහා එන්නත්කරණ වැඩපිළිවෙළේ හිල් රටටම පෙන්වන විටය. මොකද ඒ වන විටත් එන්නත්කරණ වැඩේ ගමේ දේශපාලන ප්‍රබලයන් අතට අරගෙන තිබිණි.

එන්නත ලැබුණේ නිසි පිළිවෙළකට, වයස් කාණ්ඩ අනුව නොව, ගමේ දේශපාලන ප්‍රබලයාගේ තුණ්ඩුවට අනුව බව දැනගන්නට ලැබිණ. ඒ තුණ්ඩු අරගෙන දේශපාලන හිතවතුන්, පාක්ෂිකයන් සහ පවුල්වල ඥාතීන් පෝලිමේ ගිහින් එන්නත විදගන්නා ආකාරය මාධ්‍ය මගින් පෙන්වා දී තිබිණි. සමහර තැන්වල එන්නත් විදින්න ආ වෛද්‍යවරුන් සමග මේ ප්‍රාදේශීය දේශපාලකයන් ගෝරි දමාගන්නා ආකාරයද මාධ්‍ය මගින් පෙන්වා දී තිබිණි.

“මහ ලැජ්ජා නැති වැඩක්. ආණ්ඩුව වසංගතයත් තමන්ගෙ දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්කරගෙන හෙංචයියන්ට විතරක් එන්නත ලබාදෙනවා. ආණ්ඩුවට වසංගතය වසන්තයක් වෙලා…”

විපක්ෂය එකල ආණ්ඩුවට චෝදනා කළේ ඒ ආකාරයටය. විපක්ෂය විතරක් නොව ආණ්ඩු විරෝධී කොටස් එකල මේ එන්නත්කරණ වැඩපිළිවෙළ බරපතළ ලෙස විවේචනය කරන ආකාරයත් දැකගන්නට ලැබිණි.

ගෝඨාභය මැදිහත්වී මේ එන්නත්කරණ වැඩපිළිවෙළ ගමේ දේශපාලකයන්ගේ තුණ්ඩු කෑල්ලෙන් ඉවත් කරන්නට තීන්දු කළේ මේ සිදුවීමත් සමගය. තුණ්ඩු කෑල්ලෙන් හිතවතුන්ට එන්නත් ගැසූ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුට හිරේ යන්නට සිදුවිය. ගෝඨා ප්‍රසිද්ධියේම මොරටු නගරාධිපතිගේ ක්‍රියාකලාපය විවේචනයට ලක් කළේය.

ගෝඨා කරපු ඒ වැඩෙන් අනෙක් ප්‍රදේශවල ප්‍රාදේශීය දේශපාලකයන් එන්නත්කරණ වැඩපිළිවෙළ අතට අරන් ලකුණු දාගන්න කරපු වැඩ නතර විය. හැබැයි සමහර තැන්වල ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයන්ද මේ එන්නත්කරණ වැඩේට සම්බන්ධ වෙලා සිටි නිසා ගෝඨා කළේ එන්නත්කරණය සම්පූර්ණයෙන්ම හමුදාවට භාර කිරීමය. මොකද හමුදාව එන්නත්කරණයේදී පක්ෂ පාට භේද නොසලකන බව ගෝඨා දැන සිටියේය. ජාතිය, ආගම, කුලමල භේද නොසලකන බව ගෝඨා දැන සිටියේය. අවශ්‍යතාව අනුව හමුදාව හැකි උපරිමයෙන් එන්නත් ලබාදෙන බව ගෝඨා දැන සිටියේය.

“හමුදාවෙන් එන්නත්කරණ වැඩසටහන අයින් කරලා සෞඛ්‍ය අංශවලට භාරදෙන්න. යුද්ධ කරනවා වගේ වසංගතයක් එක්ක සටන් කරන්න බෑ…”

හමුදාව නිසි විදියට එන්නත්කරණ වැඩේ කරනවා දකින එක ඇහැට කටු අනිනවා වගේ දැකපු විපක්ෂය කීවේ එහෙම කතාය. හැබැයි ගෝඨා එන්නත්කරණය සම්පූර්ණයෙන්ම හමුදාවට භාර දුන්නේ දේශපාලකයන්ගේ තුණ්ඩු කෑලිවලට ජනතාව යට කරන්නට බැරි නිසා බව මේ විපක්ෂය ජනතාවට පැහැදිලි කර දුන්නේ නැත.
ඕනෙ නම් මේ එන්නත්කරණ වැඩසටහන ගෝඨාට තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය වර්ධනය කරගන්නා කැම්පේන් එකක් බවට පත්කරගන්නට හැකියාව තිබිණි. දිස්ත්‍රික් මට්ටමින් දේශපාලන කමිටු පිහිටුවා ප්‍රාදේශීය දේශපාලකයන්ද ඇතුළත් කොට එන්නත්කරණ සැණකෙළියක් බවට මේ වැඩේ පත් කොට තමන්ගේ ජනප්‍රියතාව තවත් වැඩි කරගන්නට හැකියාව තිබිණි. නමුත් ගෝඨා එහෙම කරන්න ගියේ නැත. ගෝඨා කළේ රටේ අවශ්‍යතාව අනුව ජනතාවට එන්නත් ලබාදී කොරෝනාවෙන් ජනතාව මුදාගැනීමට පියවර ගන්න එකය.

ගෝඨා සෞඛ්‍ය සම්බන්ධයෙන් ගෙන යන නිර්දේශපාලන වැඩපිළිවෙළට තවත් එක් උදාහරණයක් වන්නේ සුවසැරියය. සුවසැරිය ආරම්භ කළේ යහපාලන ආණ්ඩුවය. එදා සිට අද වන තුරු එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටියේ යහපාලන ආණ්ඩුවෙන් පත් කළ පුද්ගලයන්ය. හැබැයි සුවසැරිය තමන්ගේ ග්‍රහණයට නතු කරගන්න දත කෑ දේශපාලකයන් මේ ආණ්ඩුව ඇතුළේ නොසිටියා නොවේ. ඔවුන්ට වුවමනා වුණේ සුවසැරිය තමන්ගේ දේශපාලන සැරිය සරු කරගන්න යොදාගන්නටය. හැබැයි ගෝඨා ඒකට ඉඩ තිබ්බේ නැත. ගෝඨා එතැන දේශපාලනයක් බැලුවේ නැත. ඒ නිසා ගෝඨා කළේ සුවසැරිය දිගටම පවත්වාගෙන ආ කණ්ඩායමටම යළිත් එය භාරදීමය.
සුවසැරිය ලංකාවට ගෙන ඒමට විශාල දායකත්වයක් දැක්වූ සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වා, ගෝඨා වර්ණනා කරමින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තිබ්බේද ඒ නිසාමය.

හැබැයි ලංකාවේ කිසිම ජනාධිපතිවරයෙක් මේ විදියට සෞඛ්‍ය නිර්දේශපාලනය කරන්නට ගියේ නැත. යහපාලන ආණ්ඩුවවත් එහෙම කළේ නැත. හැබැයි කරුමෙ කියන්නේ විපක්ෂයේ අය විතරක් නොව ආණ්ඩුවේ අයවත් ගෝඨාගේ ඒ ක්‍රියාමාර්ගය ඇගයීමට ලක් නොකරන එකය. ඒ පැත්තෙන් ගෝඨා ඉන්නේ දැඩි ස්ථාවරයකය.

රට වහන තීන්දුව පැත්තෙන් ගත්තත් එහෙමය. අද විපක්ෂයේ ලොකුම වීරයා වෙලා තියෙන්නේ වෙන කවුරුවත් නොව නවසීලන්තයේ අගමැතිනි ජසින්ඩා ආර්ඩ්න්ය. පසුගියදා එක රෝගියකු හමුවුණා කියා ආර්ඩ්න් නවසීලන්තය දවස් 03කට වැහුවේය. රෝගියා හමුවූ ඕක්ලන්ඩ් නගරය සතියකට වැහුවේය.

“නවසීලන්තයේ එක්කෙනෙක් අහුවෙලා රටම වැහුවා. අපේ තුන්දාස් ගණන් අහුවෙනවා. එකසිය ගණන් මැරෙනවා. මෙහේ තවම ඇරගෙන…”

මේ, විපක්ෂය කියන කතාවය.

නවසීලන්තය කියන්නේ අති ධනවත් රටකි. නවසීලන්තයට තම රට දවස් 03ක් නොව මාසයක් වුවත් වහගෙන ඉන්න තරම් ආර්ථික හයිහත්තියක් තිබේ.

හැබැයි අපට එහෙම කරන්න බැරිය. මොකද ගෝඨාට භාර වුණේ හිස් වුණු භාණ්ඩාගාරයකි. ඒ භාණ්ඩාගාරයත් එක්ක දවසක් නෙවෙයි පැයක් රට වැහුවත් රටට යන්න වෙන්නේ හොම්බෙන්ය.

එහෙම වුණත් සෞඛ්‍ය අංශයි, මහනායක හිමිවරුයි අවසානයේදී පෙන්වා දුන් කරුණු අනුව ගෝඨා රට වහන්න තරම් නම්‍යශීලී විය. ‌එතන කිසිම දේශපාලනයක් තිබුණේද නැත.

ඒ වගේම පසුගිය කාලයේ එන්නත්කරණ වැඩසටහනත් දේශපාලනයෙන් තොරව සාර්ථකව කරගෙන ගියේය. සුවසැරියත් දේශපාලනයෙන් තොර තැනක් කළේය.

ඒ නිසා විපක්ෂයත් මේක තේරුම් අරගෙන කොරෝනා එක්ක කරන දේශපාලනය නොකර සිටිනවා නම් රටේ සෞඛ්‍යයට හොඳය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

මගේ ප්‍රතිරූපේ පාවා දෙන්නේ නෑ…

Next Post

අමෙරිකා යන කතා බොරු! අනේ අපිට සමාවෙන්න! තුන්කට්ටුව ක්‍රිකට් ආයතනයට වැඳ වැටෙයි!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.