• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ පෙනුම හින්දා වෙනස් විදියේ චරිත ලැබෙනවා…

September 29, 2021
in Heart
Reading Time: 3 mins read
A A
මගේ පෙනුම හින්දා වෙනස් විදියේ චරිත ලැබෙනවා…
Share on WhatsAppShare on Facebook

අනුරාධාට සිනමාවේ දොර වැහිලද?
මොකක් හරි හේතුවක් නිසා තවම සිනමාවෙන් එළියට එන්න බැරි වුණා…

අනුරාධා එදිරිසිංහ රංගන ශිල්පිනියගේ රඟපෑමේ සුවිශේෂතාව ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. විවිධ චරිත නිරූපණය කරමින් ටෙලි නාට්‍ය තුළ ප්‍රතිභාවක් පෙන්වන ඇය තවමත් රිදී තිරයෙන් අපට දැකගන්න ලැබුණේ නැහැ. ඒ ගැන වගේම ඇගේ ඉදිරි කලා කටයුතු ගැනත් අපි ඇයගෙන්ම විමසා බැලුවා.

අනුරාධා මේ දවස්වල පොතට බරවෙලා වගේ නේද?
ඔව්, මේ දවස්වල ගෙදරට වෙලා තමයි ඉන්නේ. නවකතා කියවනවා. චිත්‍රපට බලමින් කාලය ගතකරනවා. වෙන ඉතින් විශේෂ වැඩකටයුතු මොනවත් සිදුවෙන්නේ නැහැ. රටේ තිබෙන තත්ත්වයත් එක්ක එළියට යන්න සුදුසු කාලයක් නෙවෙයි දැන්.

එතකොට ඔබ භාරගත්ත නිර්මාණ කටයුතු කල් දැම්මාද?
මම සම්බන්ධ වුණු නිර්මාණවල රූගත කිරීම් කටයුතු අවසන් කරලා තියෙන්නේ. අලුතෙන් ආරාධනා කරපු නිර්මාණ මේ කොවිඩ් ප්‍රශ්නත් එක්ක පොඩ්ඩක් කල් ගියා.

ඔබ මේ දවස් වල රඟපාන පිංකෙත ටෙලිනට්‍යයේ චරිතයේ වෙනසක් දකිනවා?
ඔව්. මම විවිධ චරිත නිරූපණය කළා. නමුත් දෙවැනි චරිතය වැනි චරිතයක් මම මෙයට පෙර කරලා නැහැ. ඒ නිසාමද කොහෙද මටත් මේ චරිතය තුළ විශේෂත්වයක් දැනුණා.

මෙවැනි සුවිශේෂ චරිත ඔබට ලැබෙනවද නැත්නම් ඔබ චරිත හොයන් යන්වද?
එහෙම විශේෂයක් නැහැ. හැබැයි මම නිරූපණය කරන චරිත දැකලා මට වෙනස් විදියේ චරිත සඳහා ආරාධනා කරනවා, ඒ චරිතවලටත් මම සාධාරණයක් කරයි කියලා විශ්වාසයෙන්. ගැමි චරිත වගේම බටහිර පන්නයේ චරිතත් මම නිරූපණය කරලා තියෙනවා. සමහර විට මගේ බාහිර පෙනුමත් ඊට බලපානවා ඇති.

එක රැයකින් ජනප්‍රිය වෙන ටෙලිනාට්‍ය නළු නිළියෝ ඊළඟට එන්නේ සිනමාවට. ඒත් තවම ඔබට සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ නේද?
චිත්‍රපට සඳහා මම තවම සම්බන්ධ වෙලා නැහැ. එයට හේතුව මොකක්ද කියන්න මම දන්නේ නැහැ. සමහර විට තවම මට ගැළපෙන චරිතයක් නොතිබෙන්නට ඇති. මේ ළඟදි නම් සිනමා නිර්මාණයකට ආරාධනාවක් ආවා. ඒකත් මේ කොරෝනා වසංගතය නිසා කල්ගියා. ගොඩාක් ආශාවෙන් ඉන්නවා හොඳ සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මේකට කියන්නේ කුහකකමද-ඉරිසියාවද-දේශපාලනයද? ලෝකයම ජයගත් යොහානි වෙනුවෙන් කලාකරුවන් කතා නොකරන්නේ ඇයි?

Next Post

ලසන්තගේ මිනීමැරුම ජාත්‍යන්තර උසාවියට යයි! නොවැම්බර් 2 හේග් අධිකරණයේ උදේ 9ට වැඩේ පටන් ගනී!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.