ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා සම්බන්ධයෙන් වූ නඩුව ලබන නොවැම්බර් 02වන දින ජාත්‍යන්තර හේග් අධිකරණය ඉදිරියේ පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා විභාග වීමට නියමිතය.
මීට අමතරව, මිගෙල් ඇන්ජල් ලෝපෙස් වෙලස්කෝ සහ නබිල් අල්-ෂර්බාජි යන අයගේ ඝාතන සඳහා යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙක්සිකෝවේ සහ සිරියාවේ රජයන් වෙත ද චෝදනා ගොනු කිරීමට මෙහිදී කටයුතු කරනු ඇති බව පැවෙසේ.
විවෘත නඩු විභාගය සඳහා ප්‍රසිද්ධ මානව හිමිකම් නීතීඥ අල්මුදෙන බර්නබියු විසින් පැමිණිල්ල මෙහෙයවනු ඇත.
මාධ්‍ය නිදහස පිළිබඳ ඉහළ පෙළේ නීති විශාරද මණ්ඩලයේ සාමාජිකාවක් වන ෂාස් බැරොනස් හෙලේනා කෙනඩි විසින් ප්‍රධාන දේශනයක් පවත්වනු ඇත.










