• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ආවේ නළුවෙක් වෙන්න හිතාගෙන…! මගේම කියලා ආර්ට් එකකට ටොප් වැඩක් දෙනවා…! බස් ස්ටෑන්ඩ් එකේ නිදාගෙන ෂූටින් ගියේ…! සල්ලි බලන් වැඩකට අතගහන්නේ නැහැ…! කාපු කට්ට ගැන අම්ම තාත්තවත් දන්නේ නෑ…! ලහිරු ප්‍රසංග I Sri Lanka Latest News

February 14, 2026
in Heart
Reading Time: 2 mins read
A A
ආවේ නළුවෙක් වෙන්න හිතාගෙන…! මගේම කියලා ආර්ට් එකකට ටොප් වැඩක් දෙනවා…! බස් ස්ටෑන්ඩ් එකේ නිදාගෙන ෂූටින් ගියේ…! සල්ලි බලන් වැඩකට අතගහන්නේ නැහැ…! කාපු කට්ට ගැන අම්ම තාත්තවත් දන්නේ නෑ…! ලහිරු ප්‍රසංග I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නිර්මාණයක් සාර්ථක කිරීමට නිරන්තරයෙන් කැපවෙන සුන්දර නිර්මාණකරුවෙක් ලෙසට ශක්තියක් වන සහාය අධ්‍යක්ෂවරයකු ගැනයි මෙවර අපි ‘කාපු කට්ට’ විශේෂාංගයෙන් ඔබට කියන්නේ. ටෙලිනාට්‍ය රැසකට සහාය අධ්‍යක්ෂණයෙන් දායක වුණු ලහිරු ප්‍රසංග, ටෙලි නිර්මාණයක කැමරාව පිටුපස සිදුවන රසවත් වගේම දුෂ්කර සිදුවීම් ගැන ‘හාට්’ අපි එක්ක කතාබහ කළේ මේ විදියට.Sri Lanka Latest News

ලහිරු මේ දවස්වල කොහොමද කලා කටයුතු?
මේ දවස්වල ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන ‘බැද්දේගම’ ටෙලිනාට්‍යයේ සහාය අධ්‍යක්ෂවරයකු විදියට මම කටයුතු කරනවා.
අපි කැමැතියි ඔබගේ වෘත්තීය කටයුතු ගැන මුලින්ම දැනගන්න?
මම සහාය අධ්‍යක්ෂවරයකු ලෙස තමයි කටයුතු කරන්නේ. නිර්මාණයක ප්‍රධාන මුල් අතරින් තවත් එක් මුලක්. මුල ශක්තිමත් වුණොත් තමයි නිර්මාණය සාර්ථක වෙන්නේ. නිර්මාණයේ සියලු සැලසුම් නිර්මාණය කරමින් අධ්‍යක්ෂවරයාට ශක්තියක් වෙන්නේ සහාය අධ්‍යක්ෂවරයා. ඔහුට නිර්මාණය පිටුපස වගකීම් ගොඩක් තියෙනවා. ඒ සියල්ලම ක්‍රමානුකූලව සැලසුම් කරන්න ඕනෙ. ඒ විතරක් නෙවෙයි. නිෂ්පාදකව බේරාගැනීමත් සහාය අධ්‍යක්ෂවරයාගේ වගකීමක්.
ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ නළුවෙක් වෙන්න හිතාගෙන?
ඔව්. මහේෂ් උයන්වත්ත අයියා හරහා තමයි මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. කිසිම දෙයක් නොදැන තමයි මම මේ රාජකාරියට එකතු වෙන්නේ. මම මුලින්ම සම්බන්ධ වෙන්නේ ප්ලස් වන් ආයතනයට. එහිදී මම අජිත් ජයවර්ධන මහතා හඳුනා ගන්නවා. ඔහු මට කිව්වේ කිසිම දේකට බයවෙන්න එපා, මම ඔයාට උදව් කරනවා කියලා. ඔහුගේ ඒ වචනය මට ආශීර්වාදයක් වුණා. මම ඉතින් නොදන්න නිසා හැමදේම උපරිම ඉගෙන ගත්තා. ප්‍රියන්ත ශ්‍රී සමරකෝන්, මංජුල කරුණාරත්න, සිසිකිරණ පරණවිතාන ඇතුළු දැවැන්ත පිරිසකගෙන් මට ලොකු සහායක් ලැබුණා. නිර්මාණයක් පිටුපස ඉන්නේ ටීම් එකක්. ඒ සියලු දෙනාගේ නිර්මාණ හැකියාවන් තමයි අවසානයේ එළියට එන්නේ.
ඔබ ආපු ඒ ගමන ඒ තරම් සුන්දර නැතිව ඇති?
කොළඹ ගැනවත් නොදැන තමයි මම ආවේ. සමහර අවස්ථාවල ෂූටින් ඉවර වෙලා මට ගෙදර යන්න විදියක් නැති නිසා කොළඹ බස් ස්ටෑන්ඩ් එකේ නිදාගෙන පහුවදා නැවත ෂූටින්වලට ගියා. ඒ වගේ අමතක නොවන කටුක ජීවිත කතාවක් මා සතුව තියෙනවා. හරිම වේදනාකාරී කටුක ගමනක් ආපු කෙනෙක් මම. මම විඳපු ජීවිතය මගෙ මවුපියන්ටවත් කියලා නැහැ. හැබැයි මගේ මවුපියන් කිව්වේ වැටෙන්න එපා, ශක්තිමත්ව අල්ලගෙන යන්න කියලා. අද මගේ ගමන් මග පිටුපස මගේ බිරිඳ ලොකු ශක්තියක් වෙනවා. ඇය මා ගැන තබන විශ්වාසය හොඳටම ඇති.
කාපු කටුවල ප්‍රතිඵල හොඳයි නේද දැන්?
අනිවාර්යයෙන්ම. කන්දක් නගින්නම ඕනෙ පල්ලමක් බහින්න. අදටවත් මම මුදල් බලාගෙන නිර්මාණයකට යන්නේ නැහැ. මට මුලින්ම වැදගත් නිර්මාණය. ඒ වෙනුවෙන් මොන වගේ කැපකිරීමක් කරන්න පුළුවන්ද කියලා තමයි මම මුලින්ම බලන්නේ. මම විඳින ලොකුම සතුට තමයි මම වැඩකරන නිර්මාණය ඇගයීමකට ලක්වෙලා ඒ ශිල්පීන්ගෙන් එන දුරකතන ඇමතුම්. ඒ එන වචනය මට මුදලට වඩා ලොකු සතුටක් ගෙන දෙනවා. ජීවත් වීමට මුදල් අවශ්‍යයි. හැබැයි ඉතින් ඒ සියල්ලම සැලසුම් කරගෙන මගෙ වගකීම හරියට කරනවා.
ඔබ මේ ලබපු අත්දැකීම් එක්ක නිර්මාණයක් කරන්න සැලසුමක් එහෙම ඇති?
මටත් තියෙනවා මගේම කියලා හොඳ ආර්ට් වැඩක් කරන්න බලාපොරොත්තුවක්. යම් දවසක මමත් අධ්‍යක්ෂවරයෙක් විදියට මේ ක්ෂේත්‍රයේ හොඳ නිර්මාණ ටිකක් එළදක්වයි. ඒක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ආදරය පිරුණු සතියක්…! Sri Lanka Latest News

Next Post

“අපි කැපකළ සියල්ලේම තේරුම කුමක්ද? එය නිෂ්ඵල වී තිබේද?” යුද පෙරමුණේ සිටි යුද වීරයා චාගි ගාල්ලගේ එහෙම ලිව්වේ ඇයි? Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අද රට පාලනය කරන්නේ වැඩ බැරි කර්මාන්ත කෘෂිකර්මාන්තය හා සේවා අංශය දියුණු කරන්න බැරි වැරදි දත්ත මත තීන්දු තීරණ ගන්නා...

Read more
දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.