• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

“අපි කැපකළ සියල්ලේම තේරුම කුමක්ද? එය නිෂ්ඵල වී තිබේද?” යුද පෙරමුණේ සිටි යුද වීරයා චාගි ගාල්ලගේ එහෙම ලිව්වේ ඇයි? Sri Lanka Latest News

February 14, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
“අපි කැපකළ සියල්ලේම තේරුම කුමක්ද? එය නිෂ්ඵල වී තිබේද?” යුද පෙරමුණේ සිටි යුද වීරයා චාගි ගාල්ලගේ එහෙම ලිව්වේ ඇයි? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේජර් ජෙනරල් ගාල්ලගේට එරෙහිව මඩ බළකායක් දැන් දින කිහිපයක සිට ක්‍රියාත්මක වී ඇත.. මඩ ගහන එවුන් දෙස බලන විට ඒවාට පිළිතුරු දිය යුතු නැති වුවත්, මඩ ගහන එවුන් ඒ මහා පුරුෂයාගේ පාදයේ ගෑවෙන දූවිල්ලක් තරමටවත් වැදගත්කමක් නැති එවුන් වුවත්, ඒ ගැන යමක් නොකියා සිටීමටද නොහැක.Sri Lanka Latest News

ජෙනරල් ගාල්ලගේ යනු කිසිදු වරදානයක් වරප්‍රසාදයක් උදෙසා මවුබිමට එරෙහි ක්‍රියාවකට දශමයකින්වත් නම්මාගත හැකි චරිතයක් නොවේ. ඔහුගේ ජීවිතයේ කිසිම දිනක කිසිවකු පසුපස ගොස් තනතුරු වරප්‍රසාද ලබාගත් පුද්ගලයෙකුද නොවේ. ඔහු කිසිදු ආණ්ඩුවක් පසුපස නොගිය අතර ඔහු හැමදාම සිටියේ රාජ්‍යය වෙනුවෙන්ය. රාජ්‍යයට අහිතකර යමක් සිදුවේ නම් ඔහු කොන්දේසි විරහිතව එයට එරෙහිව නැගීසිටියේය. කතා කළේය.

මෙරට ගිලගත් බිහිසුණු ත්‍රස්තවාදයට එරෙහි සටනේ ඔහු ඔටුනු නොපලන් රජකු විය. යුද පිටියේ දීද ඔහු පිටුපස සිට අණදුන් සෙනෙවියකු නොව, පෙරමුණේ ඉදිරියේ සෙබළුන් සමග මරුවාට බිය නැතිව සටන් කළ මිනිසෙකු විය.

තමාගේ මිතුරෙක් වුවත්, නැති වුවත්, පිටියේ සැබෑ සටන්කරුවාට ඔහු ගරු කළේය. අගය කළේය. එමෙන්ම පෙරමුණේ සටන් කරද්දී යුද හමුදාපතිවරයාගේ වුවද වැරදි නියෝගයකට එරෙහිව අභියෝග කිරීමට තරම් ආත්මශක්තියක් ඔහුට විය.

මේජර් ජෙනරල් චාගි ගාල්ලගේගේ නම බිහිසුණු ත්‍රස්තවාදීන් බියගන්වන නමක් විය. ඒ බිහිසුණු ත්‍රස්තවාදය විනාශ කරදැමීම සඳහා පෙරමුණේ සටන් කළ ඔහුට, එම ජයග්‍රහණයට අහිතකර දෙයක්, අවමානයක් වන දෙයක්, සිදුවන විට නිහඬව බලාගෙන සිටීමට නොහැකි වීම සාධාරණය. විශේෂයෙන්ම ඔහු වැනි කශේරුකාවක් ඇති සෙන්පතියන්ට එය කළ නොහැකිය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉතිහාසයේ ගරුකටයුතු නමක් ලෙස ඉහළින්ම රඳවා ඇති නමක් ඔහු හිමි කරගෙන ඇත. ඔහු යමක් ප්‍රකාශ කරන විට ඒ පිළිබඳ අවබෝධයක් නැතුව ප්‍රකාශ කරන්නෙක් නොවේ. කෙසේ වෙතත් ඔහුගේ ප්‍රකාශයකින් පසුව සමාජයේ යම් කතාබහක් ඇතිවී එම ප්‍රකාශයට අදාළ කරුණ සිදු නොවන බවට දැන් සහතිකයක් ලැබී ඇත. එසේ සහතිකයක් ලබාගැනීමට හැකි වූයේ ඔහු යම් ප්‍රකාශයක් කළ නිසාය.

මිනිසුන්ට ජීවිතේ වටිනා සිහිවටන සහිත ඡායාරූප තිබේ. මගේ ජීවිතයේ මම එවැනි ඉතා වටිනාකමක් විශ්වාස කරන ඡයාරූපයක් මෙහි ඇතුළත් කළෙමි. මේ මවුබිම ආරක්ෂා කිරීමේ මහා සටනේ පතාක යෝධයන් වැනි මහා සෙන්පතියන් දෙදෙනකුට මැදිව සිටිය ඡායාරූපයක් ලබාගැනීම හැකිවීම මම වාසනාවක් කොට සලකමි.

ඒ බිහිසුණු ත්‍රස්තවාදය අවසන් ගමන් යැවූ සටනේ නියමුවන් දෙදෙනකු හෝ මේජර් ජෙනරල් චාගී ගාල්ලගේ සහ මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය අතර සිට ගන්නා ලද ඡායාරූපයයි.
මේ රටේ ඉතිහාසයේ හිමිදිරිය ගැන සිතන විට වේළුසුමන සහ නන්දිමිත්‍ර මහා සෙනෙවියන් අතර සිට ගන්නා ලද ඡායාරූපයක් තරමට එය හදවතට දැනෙන එකකි. මේ මහ පොළොවට ආදරය කරන මිනිසුන් ඔබටද ආදරය කරති. එය කිසිදා වෙනස් නොවන සත්‍යයකි.

අමනයන්ගේ මඩවලින් ඔබව අපිරිසිදු කිරීමට නොහැක. එසේ අපිරිසිදු කිරීමට නොහැකි තරම් ඔබ සුවඳවත් ලංකා පුත්‍රයන්ය.

ලාල් ද අල්විස්

SendShareShare
Previous Post

ආවේ නළුවෙක් වෙන්න හිතාගෙන…! මගේම කියලා ආර්ට් එකකට ටොප් වැඩක් දෙනවා…! බස් ස්ටෑන්ඩ් එකේ නිදාගෙන ෂූටින් ගියේ…! සල්ලි බලන් වැඩකට අතගහන්නේ නැහැ…! කාපු කට්ට ගැන අම්ම තාත්තවත් දන්නේ නෑ…! ලහිරු ප්‍රසංග I Sri Lanka Latest News

Next Post

තිබ්බ ගෙය තිබ්බ විදියටම හදනවා කිව්වා! සභාව යෝජනාවක් සම්මත කළා කිව්වා! මිනිස්සුන්ගේ බදු මුදල්වලින් හදනවා කිව්වා! ගේ හදලා නංගිට භාරදෙනවා කිව්වා! ප්‍රභාකරන්ගේ ගෙදර ගැන මාධ්‍ය ගහපු අතේ රෝල! මෙන්න ඇත්ත කතාව! Sri Lanka Latest News

MORE NEWS

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

Load More
ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ පාලක...

Read more
ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.