• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හැම දෙයක්ම ඕනෑකමින් කැපවීමෙන් කළා! මට ලොකුම හයිය වුණේ මහේන්ද්‍ර අයියා…! ගයාන් වික්‍රමතිලක I Sri Lanka Latest News

December 21, 2025
in Heart
Reading Time: 3 mins read
A A
හැම දෙයක්ම ඕනෑකමින් කැපවීමෙන් කළා! මට ලොකුම හයිය වුණේ මහේන්ද්‍ර අයියා…! ගයාන් වික්‍රමතිලක I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ කලා ලෝකයේ ප්‍රේක්ෂකයන් අතර නොමැකෙන චරිත රැසකට ජීවය දුන්, අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි ගයාන් වික්‍රමතිලක. තමන්ටම අනන්‍ය වූ රංග පෞරුෂයක් ගොඩනගාගත් දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන මොහු රංගනයට අමතරව අධ්‍යක්ෂණයටද පිවිසෙමින් සිය කලා ජීවිතය අලුත් කරමින් සිටී. ඔහු සමග ‘හාට්’ අපි කළ කතාබහ මෙසේ දිගහැරෙයි.Sri Lanka Latest News

මේ දවස්වල ඔබේ කලා කටයුතු කොහොමද?
ලොකු කාර්යබහුලත්වයකුත් නැහැ. නමුත් මේ දිනවල රූගත කිරීම් කටයුතු කිහිපයකට සම්බන්ධ වෙනවා. මේ දිනවල විකාශනය වන ටෙලිනාට්‍ය කිහිපයක රූගත කිරීම්වලටත්, ඉදිරියේදී විකාශනය වීමට නියමිත ටෙලිනාට්‍ය කිහිපයක වැඩකටයුතු කරගෙන සතුටින් ඉන්නවා.
ඔබේ ආදරණීය පවුලේ විස්තර ටිකකුත් කියමුද?
මගේ පවුලේ මමයි, චතුරිකයි, ඒ වගේම මගේ චූටි දුව ආරාධනා තමයි ඉන්නේ.
මේ වනවිට ඔබ රංගන කටයුතු කළ චරිත අතරින් ඔබේ හදවතට සමීපතම චරිත ගැන කතා කළොත්?
හැම චරිතයක්ම ඕනෑකමින් සහ කැපවීමෙන් කරලා තියෙනවා. ඒ අතරින් ගොඩක්ම හදවතට දැනිච්ච චරිත කිහිපයක් ගැන කියනවා නම්, ළඟදී සම්බන්ධ වුණු කඩහපොළ හාමුදුරුවන්ගේ චරිතය. ‘කියාදෙන්න ආදරේ’ ටෙලි ඩ්‍රාමා එකේ සීසර් වසන්තගේ චරිතය. ‘බොඳ මීදුම්’ ටෙලි ඩ්‍රාමා එකේ සාවීගේ චරිතය. ‘සේපාලිකා’ ටෙලි ඩ්‍රාමා එකේ පහන්ගේ චරිතය. මේ වගේ චරිත කිහිපයක් මගේ හදවතට සමීපයි.

ඔබේ රංගන ගමන තුළ දැවැන්ත සෙවණැල්ලක් වූ, ඔබට ශක්තියක් වූ පුද්ගලයන් ගැන මතක් කළොත්?
එහෙම පුද්ගලයෙක් තමයි, මහේන්ද්‍ර පෙරේරා අයියා. මගේ කලා ගමනට ලොකුම ශක්තිය වුණේ ඔහු. 2003දී මහේන්ද්‍ර පෙරේරා අයියා රංගනය පිළිබඳ වැඩමුළුවක් සිදුකළා. මම ඒකට සහභාගි වුණා. ඊට පසුව ඔහුගේ ගුරු හරුකම් එක්කම අද වනවිට යාළුවෙක්, සහෝදරයෙක් වගේ ඔහුව මම ඇසුරු කරනවා. කලා ජීවිතය තුළ නළුවෙක් විදිහට ඉදිරියට යන්න ඔහුගේ ශක්තිය මට ලොකු උදව්වක් වෙලා තියෙනවා.
ඔබ මේ වනවිට රංගනය අභිබවා අධ්‍යක්ෂණයට පිවිසිලාද?
ඔව්, අධ්‍යක්ෂණ කටයුතුවලට පිවිසිලා ඉන්නේ. මම අධ්‍යක්ෂණය කළ ‘සහේලි’ ටෙලිනාට්‍යය හිරු නාලිකාව ඔස්සේ විකාශය වුණා. ඒ වගේම ‘එක රෑනේ කුරුල්ලෝ’ කියන්නෙත් මගේ අධ්‍යක්ෂණයක්. මේ දවස්වලත් අලුත් පිටපතක වැඩකටයුතු කරන්න සූදානම් කරගෙන ඉන්නවා.
ප්‍රවීණ රංගන ශිල්පියෙක් ලෙස ජීවිතය දිහා ආපස්සට හැරිලා බලන විට ආපු ගමන ගැන සතුටු වෙන්න පුළුවන්ද?
ඇත්තටම ආපු ගමන ගැන ලොකු සතුටක් තියෙනවා. මොකද මගේ ජීවිතයේ අම්මලා තාත්තලා කවුරුත් කලාවට සම්බන්ධ නැතුව මම කලාකරුවෙක් විදියට යම්කිසි දෙයක් ගොඩනැඟිලා තියෙනවා නම්, ඒ දිහා ආපහු හැරිලා බලද්දි, මම වැඩ කරපු කලා නිර්මාණ ගැන, මම ඇසුරු කරපු පුද්ගලයෝ ගැන හිතනකොට, ඒ සියලු දේ ගැන බලද්දි මම සතුටු වෙනවා. මට මම වෙනුවෙන් දෙයක් වගේම කලාකරුවෙක් විදිහට යම් දෙයක් කරන්න හම්බවෙලා තියෙනවා නම්, ඒ ගැන මට සතුටු වෙන්න පුළුවන්.
ඔබේ කලා ජීවිතයේ ලැබුණු වටිනාම ජයග්‍රහණය මොකක්ද?
ධර්මසිරි පතිරාජ මහතාගේ නිර්මාණයක් වන ‘සක්කාරං‘ චිත්‍රපටයේ රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මට ඒකෙන් සම්මානයක් ලැබුණා. ධර්මසිරි පතිරාජ වගේ ප්‍රවීණයෙක් එක්ක වැඩ කරන්න ලැබුණු එක මම ලබපු ලොකු ජයග්‍රහණයක්.
ඉදිරි වැඩකටයුතු ගැන කතා කරලම, අපේ කතාබහ අවසන් කරමු?
මගේම නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. තව භාරගත්ත තේමා නිර්මාණ කිහිපයක වැඩකටයුතු තියෙනවා. ඒ වගේම ටෙලිනාට්‍ය කිහිපයකුත් ඉදිරියට එන්න තියෙනවා. මගේ නිර්මාණය අධ්‍යක්ෂණය කරන්න ගොඩක් උනන්දුවෙන් ඉන්නවා. ඒ ටික තමයි මගේ ඉදිරි වැඩ කටයුතු.

හිමාෂා නෙත්මිණි

SendShareShare
Previous Post

UNP සභාපති වජිර පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

‘ඔය වගේ දේවල් කරන්න එපා අර පොඩි හාමුදුරුවන්ට…!’ මට කරන්න හම්බෙන්නෙම විලන් රෝල් ! බැණුම් ඇහිල්ලේ ඉවරයක් නැහැ! අනිත් අයත් සතුටු කරලා මාත් සතුටු වෙනවා…! රඟපාන්නේ මිනිසුන්ට යහපතක් කරන්න…!- නදීශානි පේලිආරච්චි I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.