• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අඩනිරුවත් චරිත හැමෝටම රඟපාන්න බැහැ! කොටට අඳිනවා කියන්නේ අමුතු දෙයක්ද?

January 18, 2022
in Heart
Reading Time: 4 mins read
A A
අඩනිරුවත් චරිත හැමෝටම රඟපාන්න බැහැ! කොටට අඳිනවා කියන්නේ අමුතු දෙයක්ද?
Share on WhatsAppShare on Facebook

සමහරු වැඩි කැමැත්තක් නැහැ…
මට කියලා විශේෂයක් කරන්නේ නෑ…

‘දූවිලි අහසේ’ පියාසර කරමින් ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරන සුන්දර හැඩකාරියක් තමයි පියුමාලි පාලමකුඹුර. ඇය කලාවට පිවිසෙන්නේ ‘දූවිලි අහස’ ටෙලිනාට්‍ය තුළින්. ඉන්පසු ටෙලිනාට්‍ය රැසක චරිත නිරූපණය කරපු ඇය මේ දවස්වල ‘ෂැඩෝ’ ටෙලිනාට්‍යයේද ‘නුරි’ලෙස රංගනයෙන් දායක වෙනවා. ඉතින් ඇගේ මේ රංගන චාරිකාව ගැන අකුරු කිරීමට අපි පියුමාලිට කතා කළා…

පියුමාලි ඉතින් කොහොමද මේ දවස්වල වැඩකටයුතු..?
සුපුරුදු පරිදි හෙමීට කරගෙන යනවා.

මේ දවස්වල ඔබ වෙනස්ම රංගනයකින් ‘නුරි’ ලෙස අපට සමීපවෙනවා. කොහොමද එහි වැඩකටයුතු..?
‘නුරි’ – ‘ෂැඩෝ’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් එක්ක තමයි මේ දවස්වල කාලය ගතකරන්නේ. සාමාන්‍යයෙන් එදිනෙදා දකින චරිතවලට වඩා වෙනස් චරිතයක් තමයි ‘නුරි’ චරිතය.

ඒ වෙනස ගොඩාක් දැණුණේ ‘නුරි’ කරන විලාසිතාවලින් නේද..?
ඔව්… ‘ෂැඩෝ’ ටෙලිනාට්‍ය වෙනස්ම මාදිලියේ කතාවක් නිසා අපිට කොටට අඳින්න සිදුවුණා. ඉතින් ‘ෂැඩෝ’ ටෙලිනාට්‍ය කණ්ඩායමට උපරිම නිදහස දුන්නා අපේ ඇඳුම් විලාසිතාවට.

එහෙම කොටට ඇඳලා රඟපානකොට ප්‍රේක්‍ෂකයන්ගේ වැඩි ආකර්ෂණයක් ඇති නේද..?
‘ෂැඩෝ’ ටෙලිනාට්‍ය ගොඩදෙනෙක් නරඹනවා. ඒ නිසාම හොඳ ප්‍රතිචාර තියෙනවා. හැබැයි ඉතින් ඔය අතර සංස්කෘතිය පැත්තෙන් බලලා කතා කරන පිරිසකුත් ඉන්නවනේ. ඒ අය වැඩි කැමැත්තක් නැහැ එහෙම අඳිනවට. සාමූහික පැත්තෙන් බැලුවොත් ගොඩදෙනෙක් එහෙම වරදක් කියන්නේ නැහැ. මොකද වර්තමාන සමාජයේ කොටට අඳිනවා කියන එක අමුතු දෙයක් නොවන නිසා.

ඔබ හිටිහැටියේම ‘දෙවනි ඉණිම’ ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණේ ඇයි..?
අදටත් මාව ගොඩදෙනෙක් අඳුරන්නේ ‘දෙවනි ඉණිමේ – ටිනා’ ලෙසට තමයි. සමහරු අහනවා ඇයි මම දැන් නැත්තේ, ඉදිරියේදී මොකද වෙන්නේ කියලා විවිධ ප්‍රශ්න අහනවා. ඇත්තටම මම ‘දෙවනි ඉණිමෙන්’ ඉවත් වුණේ මම ගුවන් සේවිකාවක් ලෙසට කටයුතු කරන නිසා. රාජකාරි කටයුතු සඳහා කාලය කළමනාකරණය කරගැනීමට අපහසු නිසා. මම සියලුමදෙනා සමග සුහදව කතාබහ කරලා ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණා.

පියුමාලි ඉදිරියේදී අඩනිරුවත් චරිත එහෙම රඟපෑමට කැමැත්තෙන්ද ඉන්නේ..?
එවැනි චරිත රඟපාන අයට මම දොස් කියන්නේ නැහැ. එහෙම චරිත හැමෝටම රඟපාන්න බැහැ. ඉතින් එවැනි චරිතයක් මට රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් මම රඟපාන්නේ නැතිවෙයි. මොකද එවැනි චරිතයකට මට සාධාරණයක් කරන්න අපහසු නිසා.

ඔබේ සැමියා ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු සමග වැඩ කරද්දි ඔබට විශේෂත්වයක් දක්වනව ඇති?
නාලක විතානගේ තමයි මගේ සැමියා. ඔහු තමයි ‘ෂැඩෝ’ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය කරන්නේ. ඇත්තටම ඔහු සුන්දර හදවතක් තියෙන කෙනෙක්. ඔහු සමග නිර්මාණයේදී පවා වැඩ කරන්න හරිම පහසුවක් දැනෙනවා. ඔහු මට කියලා විශේෂයක් කරන්නේ නැහැ. ටෙලිනාට්‍යයේ වැඩ කරන සියලුමදෙනාට උපරිම සහායක් දෙනවා. ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී ඔහු මාව දිරිගන්වන්න උත්සාහ කරමින් මගේ සෙවණැල්ල වගේ මගේ ළඟින් ඉන්න එකම මට ලොකු ශක්තියක්.

කුඩා කාලයේ ඉඳලම තිබුණු ආශාවක්ද මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්න..?
එහෙම ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අවස්ථාවක් ලැබුණොත් කරනවා කියලා හිතාගෙන තමයි හිටියේ. හැබැයි දැන්නම් බලාපොරොත්තුවක් තියෙනවා රාජකාරි කටයුතුවලට බාධාවක් නොවන විදියට කරන්න.

රැකියාව එක්ක රංගන කටයුතු කරගෙන යෑමට පුළුවන්ද..?
එහෙම ප්‍රශ්නයක් නැහැ. ආයතනයේ නීති-රීතිවලට අනුව වැඩකරගෙන යනවා. ආයතනයෙන් පවා ලොකු සහායක් ලැබෙනවා.

මේ වන විට රටවල් කීයකට විතර ගිහින් තියෙනවද..?
හැම රටකටම වගේ ගිහින් සුන්දර තැන් බලලා තියෙනවා.

හිතපු තරම් සුන්දරද කලාව..?
හැම දෙයක්ම හොඳ විදියට දකිනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න නැතුවාමත් නෙවෙයි. හැබැයි ඒ සියල්ලටම සිනහමුවින් මුහුණ දුන්නාම සුන්දර කලාවක් ලෙසට දකින්න පුළුවන්.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

පී.බී.ගේ ගෙදර යාමත් එක්ක ‌ලේකම්වරු සෙට් එකකටම මාරුවීම්!

Next Post

සුසිල් 40කින් පස්සට විසිවෙයි!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.