ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීමත් සමග අමාත්‍යංශ ලේකම්වරුන් රැසක්ම මාරු කර යැවීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීන්දු කර ඇති බව ආණ්ඩුවට සමීප ආරංචිමාර්ග සදහන් කරයි.
මෙම ලේකම්වරුන් සියලු දෙනාම පාහේ ජයසුන්දර මහතා සමග සමීප හිතවත්කම් පැවැත්වීම ඊට හේතු වී ඇති බව දැනගන්නට ඇත.
එම ලේකම්වරුන් අතර ප්‍රබලම අමාත්‍යංශයක ලේකම්වරයෙකුද සිටින බව දැනගන්නට තිබේ.
ඉදිරි දින කිහිපය ඇතුළත මෙම වෙනස්කම් සිදුකිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.










