මීට පෙර ආණ්ඩු පක්සයේ 31 වැනි ආසනයේ සිටි රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ පාර්ලිමේන්තුවේ ආසනයද වෙනස් කරමින් ඔහුට මේ වනවිට පසුපෙළ 71 වැනි ආසනය ලබා දීමට පියවර ගෙන ඇත.
ඔහු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේ ඔහුට පාර්ලිමේන්තුවේ වෙන්වී තිබුණේ ආණ්ඩු පක්ෂයේ 31 වැනි ආසනයයි.
මේ අනුව ඔහු ආසන 40කින් පිටුපසට ගොස් ඇත.
ප්‍රේමජයන්ත මහතා ආණ්ඩු පක්ෂයේ 71වැනි ආසනයේ ඊයේ(18) අසුන් ගෙන සිටිනු දැකගත හැකි විය.










