• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගැලරියේ කොල්ලන්ගේ තදට වැදෙන විසිල් පාරවල් මැද්දේ
හිතට ගතට වැදෙන්න නටන නාටිකාංගනාවෝ…

August 25, 2021
in Heart
Reading Time: 5 mins read
A A
ගැලරියේ කොල්ලන්ගේ තදට වැදෙන විසිල් පාරවල් මැද්දේ  හිතට ගතට වැදෙන්න නටන නාටිකාංගනාවෝ…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී දේවියගේ සුන්දර ආලිංගන…
මාධුරිගේ ඇස්වල චංචලනමය ලතාව…
උර්මිලාගේ හැඩ…
කට්රිනාගේ සරාගය…
අයිෂ්චර්යාගේ ආශ්චර්ය…

ඉන්දියානු සිනමාව යනු… නර්තනයන්ගෙන් පිරුණු සොඳුරු පාරාදීසයකි. ගැහැනුන් පමණක් නොව පිරිමින්ද යම් තාලයකට අනුව දෙපා තබමින් ඈත අතීතයේ සිටම දශක ගණනාවක් පුරාවට ඉන්දීය සිනමාව වර්ණවත් කළේය. ආවාරා, බව්ජි බව්රා, මධුමතී මෙන්ම සංගම්ද එයට අපූර්වතම නිදසුන් සේ දැක්විය හැකිය.

නිළියන් යාර අටේ ප්‍රමාණයට මැසූ දිගු සාය කරකවමින් නටන විට ගැලරියේ කොල්ලන්ගේ විසිල් පාර තදට වැදුණේ නිෂ්පාදක මහත්වරුන්ගේ මල්ල ඉන්දියානු රුපියල්වලින් පුරවමින්ය. ‘මධුමතී’හී වෛජයන්ති මාලාගේ රංගනය වාගේම ‘භාරත මාතා’හී නර්ගිස් දත්ගේ රංගනය කිසිදුම ඉන්දියානුවෙකුට තවමත් අමතක නැත.

ඒ ගැමි ලාලිත්‍යයට වෙනසක් එක්කරමින් හෙලන් කුමාරි කැබරේ රංගනය උතුරු ඉන්දීය නැටුම් කලාවට අරගෙන ආවේ 1971 ‘කැරවැන්’ චිත්‍රපටයෙහි ‘පියාතු අප්තු ආජා’ ගීතය තුළිනි. එය එලෙස ගලා යන විටෙක කෙමෙන් කෙමෙන් රේඛා සහ හේමා මාලිනිය භාරත රැඟුම් කලාව වෙනමම ගෙන ගියාය. ‘ෂෝලේ’ මෙන්ම ‘සුහාග්’ චිත්‍රපටයෙහි ඔවුන්ගේ අනගි නර්තනයන් ප්‍රේක්‍ෂක සිතින් බැහැරව නොයන්නේ එහි වූ මධුර සුමධුර බව නිසාය.

දශකයෙන් දශකයට තව තව ලස්සන නිළි කෙල්ලෝ විවිධ වූ නර්තනයන් ඔස්සේ හින්දි චිත්‍රපට සිය ගණන් මිහිරෙන් මත් කරවූහ. ශ්‍රී දේවියගේ ‘සුන්දර ආලිංගන’ය ඒ අතර අති උත්කර්ෂවත් විය.
‘නගීනා’ චිත්‍රපට මාලාව ඔස්සේ ශ්‍රී දේවි කළ වනමෝහනීය නර්තන හරඹයන් ගැන වර්ණනා කරන්නට හෝඩි පොතක අකුරුත් මදි තරම්ය.

‘මිස්ටර් ඉන්ඩියා’ සමග ‘චාන්දනී’ ද ඒ අතර අමතක කළ නොහැකිය. හිටපු ප්‍රවීණ නැටුම් ශිල්පී සරෝජ් ඛාන් කීයේ, ශ්‍රී දේවිගේ නර්තන හැකියාව ඇගේ ඇඟෙන් නොව ලෙයින්ම උපන් දෙවියන් විසින්ම ඇයට තිළිණ දුන් විස්මිත දායාදයක් බවය.

එතකොට මධුරිගේ දෙපා චලනයන් සමග වූ ඇස් නැටවීම් සහ අතැඟිලි ලතාවන් කෙසේ අමතක කරන්නද? සත්තකින්ම එය අපූර්තමයක් නොවේද..?

මධුරි ගැන වර්ණනා කිරීමට චිත්‍රපට දහයක, දොළහක නම් අවැසි නැත.., ‘කල්නායක්’හී ‘බෝලිකේ පීචේ ක්‍යාහේ’ පමණක් ඇගේ දක්‍ෂතම තීන්දු කරන්නට හොඳටම ඇතිය… මාධුරි නටන විට ඇස්වල චංචලනමය ලතාවත්, දෙතොලින් කරන සොඳුරු ඉඟියත් කිසිවෙකුටවත් පිහිටා නැතැයි අනිල් කපූර් ප්‍රසිද්ධියේම පැවැසුවේ රූපවාහිනී වැඩසටහනකදීය. අනිල් ඒ සඳහා පාදක කොට ගත්තේ ‘කේෂාබ්’හී ‘එක්, දෝත් තීන්’ ගීතයයි.

අයිෂ්චර්යා රායිද නර්තනමය අංශයෙන් ගත් කල ආශ්චර්යයකි..,

මධුරි සමග තමාට කරට කර නටන්නට හැකි බව ඈෂ් මනාව ‘දේව්දාස්’හිදී ඔප්පු කර පෙන්වූ අතර ‘හම් දිල් දේ චුකේ සනම්’හී ඇගේ සිරුර කොටස් කිහිපයකට තබමින් ඈ කළ රංග ප්‍රතිභාව දකින විට ඈ මධුරිට වඩා දෙවැනි වන්නේ කොතැනදී දැයි සිතෙනු නොඅනුමානය.

කරීනා කපූර් සතු හැකියාවද උතුරු ඉන්දීය නාටිකාංගනාවන් ගැන කතා කරන විට සුළුකොට තකන්නේ කොහොමද..?
සත්තකින්ම එය එහෙමමය… නිදසුනක් වුවමනා වන්නේ නම් ‘අශෝකා’ චිත්‍රපටය පමණක් ගෙනහැර පෑවත් ඇතිය.

ඇයි ඔබට උර්මිලා මතොන්ද්කාර්ව අමතක වුණාද?
උතුරු නාටිකාංගනාවන් ගැන කරන විසිතුරු කතාබහකට දිනක් මැදිව උන් සරෝජ් ඛාන් සුභාෂ් ගායිගෙන් එලෙස ඇසුවේ ඔහු සුපිරි නිළි කැලකගේ අලංකෘත නර්තන හැකියාවන් ගැන දිගින් දිගට පවසන විටෙක උර්මිලාගේ නම සඳහන් නොවූ තැනකදීය. ‘රංගිලා’හී උර්මිලාව අමතක කරනවා නම් ‘නගීනා’හී ශ්‍රී දේවියවද අමතක විය යුතුය…

ඒ තරමට උර්මිලා නර්තනයේදී සිය සිරුර වනන්නීය.., සරලව කියන්නේ නම්… මා උර්මිලාට පෙන්වූයේ එකම එක පියවරකි. ඉතිරිය ඈ නිරායාසයෙන්ම ඉතාම වේගයෙන් ඉදිරියට ගියේ ගිනිසිළුවක් ලෙසිනි..,’ යැයි සරෝජ් කීයේ උර්මිලා රඟන ආකාරය ඒ මොහොතේද මනසින් දකිමිනි.

මලයිකා ආරෝරා ගැන වුවද එවැන්නක් නොකියන්නේ නම් එය අන්තිම අසාධාරණය, වැඩි කතා කුමකටද?
‘දිල් සේ’ හී ‘චයියා චයියා’ ගීතය ඇගේ නර්තන හැකියාව හුවා දැක්වීමට හොඳටම ඇතිය…
විචාරකයන් එදවස කීයේ… ධාවනය වන දුම්රියක නැඟ ආරෝරා කළ ඒ සරාගී නර්තනය සුවහසක් පිරිමි සිත්වලට ගිනි තැබූ බවය.

තරමක් මෑත කාලයක, නර්තනය සුවිශේෂීව උළුප්පා දක්වන්නේ ‘කට්රිනා කයිෆ්’ ද නාටිකාංගනාවක ලෙස සිය හැකියාව ප්‍රගුණ කළාය.
‘ෂිලා කී දිවානි’හී කට්රිනා කරන බා ගර්ල් නර්තනය කාගෙත් සිත් සොරාගෙන තිබිණි. අග්න්පත් සහ රේස් සමගද කට්රිනා පෙන්වූ සිත්කලු නර්තනයට බොහෝ රසිකයන් පිස්සු වැටුණා යැයි කිසිවකු කියා තිබිණි.., ඇත්තෙන්ම උතුරු ඉන්දීය සිනමාව ආකර්ෂණය කළ නාටිකාංගනාවන් ගැන තව බොහෝ දෑ කතා කළ හැකිය. එයට කිසිදාක ‘ඔන්න දැන් ඉවරය…’ කියා තිතක් තබන්නට නොහැකිය…

‘බොලිවුඩයේ සිටින දක්ෂතම නාටිකාංගනාව කවුදැයි කිසිවෙකු ඔබෙන් ඇසුවහොත්, ඒ සඳහා ඔබ දෙන උත්තරය කුමක්දැයි ‘ෆිල්ම් ෆෙයාර්’හී සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු සරෝජ් ඛාන්ගෙන් ඇසූ මොහොතේ..,

උත්තර නැති ප්‍රශ්නයක් දෙවියන් වහන්සේ මෙලොවට මැව්වා නම්… ඔබ ඔය ඇසූ ප්‍රශ්නයද එයට ඇතුළත් බව අමතක කරන්නට එපා යැයි සරෝජ් එදා කියා තිබුණේ සූක්‍ෂ්මව එම ප්‍රශ්නය මඟහරිමිනි.

ඇත්තටම ඔහු ඒ අහපු ප්‍රශ්නයට මට එදා උත්තර නැති වුණා.., යැයි අහම්බෙන් හමුවූ දිනෙක සරෝජ් ඛාන් තමා සමග පැවැසූ බව කරන් ජොහාර්ද මාධ්‍ය හමුවකදී කියා තිබිණි.

–දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කැලණි ව්‍යාපාරිකයෙක් දහස ගාණේ දුප්පතුන්ට කෝටි දෙකහමාරක් බෙදයි! (VIDEO)

Next Post

රට වසා දවස් 5ක්! මරණ 198යි! ආසාදිතයන් 4472යි!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.