• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අමීර්ගේ සුබ නිමිත්ත! Sri Lanka Latest News

May 5, 2025
in Heart
Reading Time: 2 mins read
A A
අමීර්ගේ සුබ නිමිත්ත! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අමීර් ඛාන් කියන්නේ තමා රඟපාන සහ නිෂ්පාදනය හෝ අධ්‍යක්ෂණය කරන චිත්‍රපට සුබ නිමිත්තක් අනුව තිරගත කරන සුපිරි තරුවක්.
අක්ෂේ, සල්මන්, ෂාරුක් කියන්නෙත් ඒ ජාතියේම තුන් කට්ටුවක්. මේ සුපිරි තරු හතර මුල් බැසගත් ඒ මිථ්‍යා ඇදහිල්ල ගැන ඔවුන්ට ප්‍රිය කරන රසික රසිකාවියෝ වගේම උතුරු ඉන්දියානු සිනමා කර්මාන්තයේ ඉන්න හැමෝමත් දන්නවා. Sri Lanka Latest News

ඔයාලට මතකද අමීර් ඛාන් නිෂ්පාදනයත් අධ්‍යක්ෂණයත් දෙකම කරට අරගෙන නිර්මාණය කරපු 2007 තිරගත වුණු ‘තාරේ සමීන් පර්’ ෆිල්ම් එක? ඒ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන අදහස තිර පිටපතක් එක්ක හිතේ තියාගෙන අමීර් නිෂ්පාදකවරයෙක් හෙව්වා. ඒත් කවුරුත් පාඩු පිට පාඩු වෙයි කියන බයට සල්ලි වියදම් කරන්න කැමැති වුණේ නැහැලු. ඒත් ඔහු වැඩේ අතහැරියේ නැහැ. නිෂ්පාදනයත් ඔහුම කළා. ෆිල්ම් එක හීනෙන්වත් නොහිතපු විදියට බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බා. අමීර්ට දැනුණු සතුට කොයි තරම්ද කියනවා නම් එම කතා පුවතට බද්ධ වෙන විදියට තවත් ෆිල්ම් එකක් නිෂ්පාදනය කළා. අධ්‍යක්ෂණය කෙරුවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආර්.එස්. ප්‍රාසන්නයි. ෆිල්ම් එකේ නම ‘සිතාරේ සමීන් පර්’ අමීර් එක්ක එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ සම්මානනීය තෙලිඟු නිළියක වූ ජෙනේලියා දේශ්මුක්. ෆිල්ම් එක ජුනි මාසය මුල තිරගත කරන්න බලාගෙන අමීර් එහි ටේ්‍රලරය අප්‍රේල් මස අවසානයේ මුදාහරින්න ඔන්න මෙන්නයි තිබුණේ. සුබ හෝරාවල් එහෙමත් බලලා තමයි ඔහු වැඩේට බැස්සේ. අමීර් හිටියේ ෆුල් හැපි එකේ. මොකද කියනවා නම් මිනිත්තු 3ක් සමග තත්පර 29ක කාලයක් විකාශය වන ‘සින්ඩ්‍රෝම්’ රෝගී දරුවකු වටා ගෙතී තියෙන මේ සුන්දර මෙන්ම සංවේදී කතාවේ ටේ්‍රලරය සී.බී.එෆ්. සී. වෙත ඉදිරිපත් කළාට පස්සේ ඔවුන් එය ඉතා ආකර්ෂණීය වෙන්න මනස්කාන්ත කතා පුවතක් බව තීරණය කරමින් එයට යූ.ඒ. සහතිකයද තිළිණ කොට තිබුණු නිසයි.
තම රසිකයන්ද එය ආදරයෙන් වැලඳගන්නා බව දැනගෙනයි අමීර් ටේ්‍රලර් එක අප්‍රේල් අවසානයේ මුදාහරින්න හරිබරි ගැහිලා හිටියේ.

ඉතින් මොකද වුණේ ෆිල්ම් එක රිලීස් කරන්න බැරි ඔබ්ජෙක්ෂන් එකක් ආවද?
නැහැ. අමීර්ගේ සංවේදී හදවත ජම්මු සහ කාශ්මීර්වල පහල්ගම්හි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා දැඩි කම්පනයකට ලක්ව තිබුණා. පසුගිය අප්‍රේල් 22 වැනිදා 26 දෙනකුට මරුකැඳවින් තවත් බොහෝ දෙනකුට මාරාන්තික තුවාල ඇතිකරමින් සිදුවූ එම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය නිසා ඔහු තමාට අතිසුවිශේෂ වූ ‘සිතාරේ සමීන් පර්’ චිත්‍රපටය ජුනි මස මුල තිරගත කරන සියලු සැලසුම් අතරමග නතරකොට දැමුවා. ඊට සම්බන්ධ සියලු දෙනා අමීර්ගේ තීරණය ගැන කම්පා වුණත් එය වළක්වා දමන්නට අවැසි මොන ආකාරයේ කාරණයක් ගෙනහැර පෑවත් අමීර්ගේ හිත වෙනස් වුණේ නැහැ. සුබ හෝරාවට බලාපොරොත්තුසහගතව චිත්‍රපටය ජුනි මස මුල තිරගත කරවීමට ඔහු තැනූ සියලු අහස් මාලිගා එක තත්පරයට ඔහු විසින්ම බිඳ දැමුවා.

‘ඒක අපරාධයක්…’
සිනමා කර්මාන්තයේ බොහෝ දෙනා තදින් කම්පනයට පත්ව කියා තිබුණා. ඒත් අමීර් හිතපු විදියට ඊට වැඩිය වෙනස්. ඔහුට ඒ ගැන කිසිම කම්පනයක් හිතේ අමාරුවක් දැනුණේ නැහැ.

‘පහල්ගම්හි සිදුවූ අපරාධය ඊට වඩා බිහිසුණුයි. ටේ්‍රලරයට හෝ චිත්‍රපටයට තව සුබ නිමිති ඕනෑ තරම් හොයාගත හැකිය. එහෙත් ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයක බිහිසුණු අත්දැකීම් කොහොම නම් අමතක කරන්නද? දැඩි තෘෂ්ණාවකින් මා තැනූ සැලැස්ම මා විසින්ම කුඩුකොට දැමුවේ ඔවුන් වෙනුවෙන් මගේ ආත්මය කනගාටුව ශෝකයට පත්විය හැකි කදිම දඬුවම මෙවැන්නක් විය හැකි නිසාමය.’
ඔහු තමා වෙනුවෙන් වගඋත්තර දී තිබුණේ එවැනි සටහනකිනි.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

රටේ අගමැතිනිය.. රටේ අධ්‍යාපන ඇමැතිනිය.. මේ ප්‍රසිද්ධියේ කියන්නේ ඡන්ද නීති කඩන්න කියලද? මෙහෙම කියන්න පුළුවන්ද? කෝ නීතිය? VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිමාව මේ සැරේ දිනුවේ කොහොමද? මෙන්න නියෝජ්‍ය ඇමැති සරත්ම පැහැදිලි කරනවා! ‘අපි දිනුවේ ජනතාවට අර දෙක එපා වුණ හින්දා! නැත්තම් අපි හොඳ වෙලා නෙමේනෙ! වෛරය තමයි ඡන්දයක් බවට පත්වුණේ!’ VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News
Heart

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News
Heart

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News
Heart

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

Load More
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත...

Read more
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.