• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

June 13, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අරමුදලක් හැදුවා මොකක්ද රී බිල්ඩින් ශ්‍රී ලංකා.දැන් පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ ලේකම් ඇවිල්ලා කියනවා එහෙම අරමුදලක් හදලවත් නෑලු.බලනකොට ඒ සල්ලි වලටත් වෙච්ච දේ ගැන කියන්න දන්නෑලු.දැන් ඒකටත් අර හැකර් කෙනෙක් පැනලා කියයිද කියලා දන්නෙත් නෑ.මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම් වලට යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ 2026.06.12 දින සේරුවාවිල රජවැව පැවති ජන හමුවක් අමතමිනි.මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා.Sri Lanka Latest News

“මම ස්තූතිවන්ත වෙනවා ඔබ තමුන්නාන්සේලාට සේරුවාවිල රජ වැව කොට්ඨාශයේ ඔබ ඒකරාශී වෙලා පක්ෂයක් විදියට ශක්තිමත්ව මේ රටේ ආණ්ඩුව අරගෙන යන අදූරදර්ශී පාලනය අසාධාරණය ආණ්ඩුවේ වංචාවල් හොරකම් සහ ජනතාවට දාන අසීමිත පීඩාවට විරුද්ධව අද රජ වැව ජනතාව මේ කොට්ඨාස ඒකරාශී වෙලා සේරුවාවිල ප්‍රදේශයේ ඔබ තමුන්නාන්සේලා අත්වැල් බැද ගැනීම පිළිබඳව.

අද අපි දකිනවා යන හැම රැස්වීමකම අපි එක්ක ජනතාව අත්වැල් බැඳගන්නවා ඇයි ඒ අපි ගැන තියෙන විශ්වාසය ආණ්ඩුව කෙරෙහි තියෙන අවිශ්වාසය.ආණ්ඩුව බොරු කියලා බලයට ආවා බලයේ ඉන්නත් අද බොරු කියනවා.මම දැක්කා අදත් ආණ්ඩුවේ ඇමතිවරයෙක් අහනවා මේ නාමල්ට පාස්කු ඉරිදා ගැන ප්‍රශ්නයක් නැතිලු.දැන් පාස්කු ඉරිදා සම්බන්ධයෙන් බෝම්බකරු ජේවීපී එකේ ජාතික ලැයිස්තුවේන් පොහොට්ටුවේ නෙවෙයි.ඔවුන්ට පෙනී හිටපු නීතිඥවරුන් මොන පක්ෂයෙන්ද ඡන්දෙ ඉල්ලුවේ කියලා ඇහුවොත් ත්‍රස්තවාදීන්ගේ නීතිඥවරු හෙළිවෙනවා.පරීක්ෂණ කටයුතුවල ෆයිල් යට ගහගෙන හිටියේ කවුද කියලා හොයලා බැලුවොත් අද ආණ්ඩුවෙන් ඒ අයට ඉහළ තනතුරු දීල තියෙනවා.හරි අහඹු සිදුවීමක් මේ අය කියන විදියට හැබැයි ගෝඨාභය ජනාධිපතිවරයා ගේන්නලු. පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිද්ධ කළේ ඒ කියන්නේ මේ අය කියන විදිහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවන්න ජෙවීපී එකේ ජාතික ලැයිස්තුවෙන් වැඩ කරලා තියෙනවා.එහෙනම් ඉතින් ජේවීපී එක තමයි වග කියන්න ඕන. තනිකර බොරුව වංචාව තමන්ගේ නොහැකියාව වහගන්න තමන් දීපු බොරු පොරොන්දු බොරුව බවට ජනතාව තේරුම් ගන්න කොට අද ආණ්ඩුව මර්දනයට ලෑස්ති වෙනවා.ගොවි ජනතාවගේ ආර්ථිකය සම්පූර්ණයෙන් වට්ටල තියෙන්නේ මේ අය වී අනූවයි සීයටවත් දීගන්න බැරුව ඉන්නේ.කුඩා මෝල් හිමියන්ගේ මෝල් ටික වැහෙන තැනට පත්වෙලා තියෙන්නේ ඒ අයට දීපු බැංකු ණයට වී ටික ගත්තට ඒ ගානට අද විකුණ ගන්න බැරිවෙලා තියෙන්නේ .

ආණ්ඩුව හිතා මතා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා විනාශ කරනවා.කුඩා මෝල් හිමියන්ව විනාශ කරලා දානවා.ආවේ පෝර ටික වෙලාවට දෙන්නම් කියලා අද යල කන්නයේ පොහොර ටිකත් නෑ දැන් මහ කන්නයේ පොහොර ටික දෙන්න ආණ්ඩුවට සැලැස්මක් නෑ.

දිට්වා කුණාටුව ආවා වැව් අමුණු කඩාගෙන ගියා මාතලේ පැත්තේ විශාල හානියක් වුණා මේ හැම පැත්තෙම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කොට්ට ගහලා පාලම් බෝක්කු හදනවා හදලා විවෘත කරලා කියනවා අපි දැන් හැදුව කියලා. ඊළඟ වැස්සට ආයෙ කඩාගෙන යනවා.

අරමුදලක් හැදුවා මොකක්ද රී බිල්ඩින් ශ්‍රී ලංකා.දැන් පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ ලේකම් ඇවිල්ලා කියනවා එහෙම අරමුදලක් හදලවත් නෑලු.බලනකොට ඒ සල්ලි වලටත් වෙච්ච දේ ගැන කියන්න දන්නෑලු.දැන් ඒකටත් අර හැකර් කෙනෙක් පැනලා කියයිද කියලා දන්නෙත් නෑ.මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම් වලට.ඇහුවොත් කියන්නේ කවුරුහරි හැක් කරලා එහෙම නැත්තං අතපසුවීමක් වෙලා මේ මුදල් අමාත්‍යාංශයේ. හැබැයි ගමේ ඉන්න අහිංසක මනුස්සයෙක් ගිණුමකට සල්ලි දැම්මොත් බදු ෆයිල් එක කෝ අරක කෝ මේක කෝ කියලා ප්‍රශ්න දාහක් අහනවා .ආණ්ඩුවට සම්බන්ධ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ආණ්ඩුවේ සමහර නිලධාරීන්ට හිතන හිතෙන විදියට වැරදි ගිණුම්වලට සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් දාන්න පුළුවන් ආණ්ඩුව කිසි ප්‍රශ්නයක් අහන්නේ නෑ.

අද ගොවියගෙ පොහොර ප්‍රශ්නය මහ දැවැන්ත ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා.එළවළු ගොවියට පලතුරු ගොවියට වී ගොවියට නිසි මිල ලැබිච්ච නැති නිසා අද ඔවුන්ගේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩන් වැටිලා තියෙනවා.උපාධිධාරියාට රැකියා දෙන්න පොරොන්දු වෙලා ගෙයින් ගෙට යවපු ආණ්ඩුව අද අඩුම ගානේ පෞද්ගලික අංශයේ රැකියාවක්වත් උපාධිධාරීන්ට දීගන්න බැරිවෙලා තියෙනවා.

ආයෝජකයෝ ගේනවා කිව්වට දිනෙන් දින කර්මාන්තශාලා වහලා ආයෝජකයෝ ලංකාවෙන් පිටවෙලා යන්න යනවා.හැමදාම විරැකියාව වැඩි වෙනවා අලුතෙන් රැකියා දෙන්න තියා තිබුන රැකියා ටිකවත් ආරක්ෂා කර ගන්න ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා.උක් ගොවියා වී ගොවියා අසරණ වෙලා තියෙනවා ධීවරයා අසරණ වෙලා තියෙනවා.ආණ්ඩුවේ නොහැකියාව සහ ආණ්ඩුවට සැලැස්මක් නෑ.ආණ්ඩුව හිතනවා පිටින් ගෙනල්ලා කන්න දෙන එක ලාබයි කියලා.ආණ්ඩුව උත්සාහ කරන්නේ පිටරටින් ගෙනල්ලා කන්න දෙන එක.ආණ්ඩු හිතන්නේ පිටරටින් ගෙනල්ලා කන්න දුන්නොත් තමන්ට හිතවත් ව්‍යාපාරිකයන්ට හම්බ කරගන්න පුළුවන් කියලා. හැබැයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය ගමේ අහිංසක ගොවි ජනතාව ඒකෙන් පීඩා විඳිනවා.

අද සම්පූර්ණයෙන් අත්තනෝමතික විදියට මේ රටේ අහිංසක මිනිහගේ බඩට ගහන තැනට මේ ආණ්ඩුව පත්වෙලා තියෙනවා.අසීමිත බදු බරක් දරා ගන්න බැරි බදු බරක්. ගමේ කඩපිළේ නගරයේ ව්‍යාපාර වැහෙන්න පටන් අරගෙන තියෙනවා ඒ බදු ගෙවා ගන්නන බැරුව.වෙළඳ ව්‍යාපාර අඩුවෙලා තියෙනවා මේ කාරණා හින්දා ජනතාව ආර්ථික වශයෙන් අද මිරිකෙනවා.මේවට විරුද්ධව විපක්ෂය කතා කරාම ආණ්ඩුව මර්දනය කරන්න හදනවා.ඒකට අපි බය නෑ මර්ධනය කරගන්න ඒක ඒ අයගේ දේශපාලන න්‍යාය මේ ප්‍රදේශය එල්.ටී.ටී.ඊ එකෙන් බැටකාපු‍ ප්‍රදේශයක්.

අද ආර්ථිකය ගැන කතා කරන ජේවීපී එක පහුගිය කාල සීමාව පුරා බැලුවම වර්තමාන ලංකාවේ දේශීය හා විදේශීය ණය බර වගේ දෙගුණයක් එල්.ටී.ටී.ඊ එකයි ජේවීපී එකයි විනාශ කරලා තියෙනවා.එහෙම කරපු අය අද විපක්ෂයට චෝදනා කරනවා.වැඩ කරන්නෙත් නෑ. තමන් විනාශ කරපු දේවල්වත් හදන්න අඩුම තරමේ උත්සහ කරන්නේ වත් නෑ අනිත් පැත්තෙන් තර්ජනයෙන් මර්දනයෙන් බය කරලා තමන්ගේ රාජ්‍යය පාලනය කරගෙන යන්න උත්සාහ කරනවා.අපි අමාත්‍යාංශ වල නිලධාරීන් හම්බවෙනකොට කොළඹ සමහර තැන්වලට යනකොට මේ සිවිල් ආරක්ෂක අංශයේ සමහර නිලධාරීන් අද ඒවට මාරු කරලා යවනවා සිවිල් ආරක්ෂක බලකාය හැදුවේ ඇයි. ගම ආරක්ෂා කරන ගමන් ගමේ ජීවත් වෙන්න.ඒක තමයි ඒකේ සංකල්පය ඒ තුළ විනයානුකූලව ගමේ ආරක්ෂාව තර කරමින් සිවිල් ආරක්ෂක බලකායේ භටයෝ එදා ත්‍රස්තවාදීන්ට මුහුණ දුන්නා.අද මොකක්ද කරලා තියෙන්නේ ඒ අයගේ ගෞරවය සම්පූර්ණයෙන්ම නැති කරලා දාලා සේවාව කෙරෙහි නිසි අවබෝධයක් නැතුව ආණ්ඩුවේ අයගේ උවමනාව මත තැන් තැන් වලට මාරු කරලා යවලා තියෙනවා.අද ඒ අයට කොළඹ ගිහිල්ලා ජීවත් වෙන්න බැරි තැනට පත්වෙලා තියෙන්නේ ලැබෙන පඩියෙන්.ආණ්ඩුවේ කිසි කෙනෙක් මේ ගැන කතා කරන්නේ නෑ.මැතිවරණ කාලයේ සිවිල් ආරක්ෂක නිලධාරීන් විහාරස්ථානවල ආගමක සිද්ධස්ථානවල වැඩ කරන එකට තමයි බැන්නේ.ආගමික සිද්ධස්ථානයක් පන්සලක් පල්ලියක් කෝවිලක් ආරක්ෂා කරන්න සිවිල් ආරක්ෂක බලකායේ දරුවෝ ගියා කියලා තමයි චෝදනා කළේ.එහෙම චෝදනා කරලා බලයට ආපු ආණ්ඩුව පන්සලෙන් පල්ලියෙන් කෝවිලෙන් සිවිල් ආරක්ෂක බලකාය නිලධාරියා තරුණයා අයින් කරලා පන්සලේ පල්ලිය කෝවිලේ ආරක්ෂාව අයින් කරලා ඒ තරුණයාව කොළඹට ට්‍රාන්සර් කරලා දාලා තියෙනවා.අද ඒ හම්බෙන පඩියෙන් ඒ අයට ගමට මුදලක් එවන්න තියා කොළඹ ජීවත් වෙන්නත් මදිවෙලා තියෙනවා.මේව ගැන කතා කරන්න ආණ්ඩුවේ දේශපාලනඥයෝ නෑ.ඇමතිවරු නෑ.ගමට ඇවිල්ලා ගමේ සැබෑ ප්‍රශ්නය හඳුනා ගන්න අද ආණ්ඩුවට උවමනාවක් නෑ.ඒ නිසා මේ හැම ප්‍රශ්නයක් තුළම අද මේ රටේ ජනතාව පීඩිත පංතිය බවට පත්වෙලා තියෙනවා.පීඩිත පන්තියෙන් ගොඩනැගිලා පීඩිත පන්තිය නියෝජනය කරනවා කියලා බලයට ආපු ආණ්ඩුව අද සමස්තයක් විදිහටම සැබැවින්ම ධනපති පන්තියේ ආණ්ඩුව බවට පත්වෙලා තියෙනවා.

ආණ්ඩුවේ අය ආශ්‍රය කරන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ගනුදෙනු කරන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ එක්ක. ඒ ව්‍යාපාරිකයාට වාසි වන තීන්දු තීරණයක් ගන්නවා මිසක් ගොවියාට තරුණයාට ගමේ අහිංසක ව්‍යවසායකයට ව්‍යාපාරිකයට වාසිදායක තීන්දුවක් ගන්න ආණ්ඩුව සූදානම් නෑ.

එහෙමනම් ආදරණීය අම්මේ තාත්තේ අද අපි ගමින් ගමට යනවා ගමින් ගමට ගිහිල්ලා ඔබ වගේ ආදරණීය අම්මා තාත්තා මුණගැහෙනවා ඉතින් අපි ඔබ තමුන්නාන්සේලාට ආරාධනා කරනවා අපි එකතු කරගමු පහුගිය කාලවල හිත් අමනාප වෙච්ච අය ඉන්නවා අද හැම දේශපාලන පක්ෂයක්ම නියෝජනය කරලා අපට ඡන්දය දීපු නොදීපු හැම කෙනෙක්ම මේ රැස්වීම් වලටඑනවා අපි ඔබ තමුන්නාන්සේලා එක්ක අත්වැල් බැඳගන්නවා ආදරයෙන් රටට ආදරය කරන මහපොළොවට වග කියන මහ පොළොවට ගහකොළට සතා සිවුපාවට ඔබේ දරුවට වගකියන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න පෙළගැහිලා ශක්තිමත්ව යමු කියන ආරාධනය කරමින් ඔබ තමුන්නාන්සේලාට සුභ අනාගතයක් පතමින් තෙරුවන් සරණ පතමින් මම නිහඬ වෙනවා.

SendShareShare
Previous Post

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

Next Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

MORE NEWS

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

Load More
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

ගැසුවා කී බෙරයෙ බල මැන පළුත් නැත! මල් පැළ වෙලා වල් පැළ මහ ගෙදර අදවල් පැළ එදා මල් පැළ ලෙස...

Read more
‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.