අප සමාජයේ කාන්තා පාර්ශ්වයට මුහුණ දීමට සිදුවන විවිධ ගැටලු සහ සමාජයට විවර නොවන ඔවුන්ගේ ජීවිතවල අඳුරු පැතිකඩ ගැන කියැවෙන ‘රෝස වෙඩිල්ල’ ටෙලි නිර්මාණයේ කටයුතු පසුගියදා ආරම්භ විය. ප්‍රවීණ නිර්මාණවේදී සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කරන මෙහි, තිරරචනය අරුණ ජයවර්ධන සමගින් ප්රමෝද්යා වන්නිආරච්චි විසින් සිදුකර ඇත.Sri Lanka Latest News
ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම කලකට පසුව පුංචි තිරයට යළි පිවිසෙන මෙහි මිචෙල් දිල්හාරා, සචින්තනී කෞශල්‍යා, සප්නා පාදුක්ක, මනීෂා චංචලා, දුෂ්‍යාන්ති සේවික්‍රම, හේෂාරාවී වරංගනා, නඳුනි වනිගසේකර, චින්තක කුලතුංග, හේෂාන් මල්ලව, සංජය මුරමුදලි, හිරුෂාන් හෙට්ටිආරච්චි, කුමාර වඳුරැස්ස, මිලින්ද මඩුගල්ල, චමෝත් ඩියෝන්, නිමල් ජයසිංහ, ටිෆනි ලියනගේ (ළමා) ඇතුළු ශිල්පීන් විශාල පිරිසක් ‘රෝස වෙඩිල්ල’ සඳහා රංගනයෙන් එක්වී ඇත.
‘රෝස වෙඩිල්ල’ අශෝක් ෆිල්ම්ස් වෙනුවෙන් අශෝක් ජයකොඩි විසින් නිෂ්පාදනය කර ඇත.











