• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හෙළ සිනමාවේ මහා ඇලෙක්සැන්ඩර්

May 2, 2020
in Heart
Reading Time: 1 min read
A A
හෙළ සිනමාවේ මහා ඇලෙක්සැන්ඩර්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා සිනමා වංශකතාවේ තවත් එක් සුවිශේෂී පරිච්ඡෙදයක නිමාව සනිටුහන් කරමින් ප්‍රවීණ රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා පසුගිය 29 වැනිදා අප අතරින් සදහටම සමුගෙන ගියේය. හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේදී අවසන් සුසුම පිට කරන විට ඒ මහතා 79 වැනි වියේ පසු විය. ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු යනු මෙරට සිනමාවේ දැවැන්තයන් සමඟ උරනුර ගැටෙමින් දශක කිහිපයක් පුරා තම රංගන ප්‍රතිභාව විදහා දැක්වූ අසහාය රංගන ශිල්පියෙකි. නමුත් මියයන තුරුත් ඒ කලාකරුවාට හිමි විය යුතු නිසි ගෞරවය සහ ඇගයීම ලැබුණාද, යන්න නම් සැක සහිත කරුණකි. මේ ඒ නිසි ගෞරවය ලබා දීම වෙනුවෙන් සිදු කරන උත්සාහයකි.

ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු යන නමට වඩා රසිකයන්ගේ හදවතේ රැඳී ඇත්තේ ඔහුගේ රුව යැයි පැවසුවහොත් එය අතිශෝක්තියක් නොවේ. නම ඇසූ පමණින් ඔහු පිළිබඳ නොදන්නා සිනමා ලෝලීන් පවා සිටිය හැකි නමුත් ඔහුගේ රුව දුටු පමණින් මේ අසහාය නළුවා පිළිබඳ මතකය අවදි නොවන කෙනෙක් වේ නම් ඒ කුඩා දරුවකු පමණි. ඔහුගේ නාමය ජනප්‍රිය නොවීමට බලපෑ ප්‍රධාන හේතුව මාධ්‍ය ඔස්සේ ඔහුට නිසි ගෞරවය ලබා නොදීමද යන්නද විමසා බැලිය යුතු කරුණකි.

කොච්චිකඬේ ප්‍රදේශයේදී උපත ලබා ඇති ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අධ්‍යාපනය හදාරා ඇත්තේ කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයෙනි. ඒ අනුව ශාන්ත බෙනඩික් විද්‍යාලයයෙන් මෙරටට බිහි කළ සුපිරි සිනමා තරු ලෙස සැලකෙන විජය කුමාරණතුංග, රවීන්ද්‍ර රන්දෙණිය සහ රොබින් ප්‍රනාන්දු අතරට එකතු වන අනෙක් නම වන්නේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුය. පාසල් කාලය තුළදී ඔහු වඩාත් කැපී පෙනී ඇත්තේ මල්ලව පොර ක්‍රීඩකයකු වශයෙනි. ඒ හරහා 1961 වසරේදී ජාතික මල්ලව පොර ශූරයා බවට පත් වූ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු 1962 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර 1964 ඔලිම්පික් තරගාවලිය සඳහාද සුදුසුකම් ලැබූ ක්‍රීඩකයකි.
ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නම් විශිෂ්ට සිනමා නළුවා බිහි කිරීම සඳහා පන්නරය ලැබී ඇත්තේද එම ක්‍රීඩාව හරහා යැයි කිවහොත් එය නිවැරැදිය. 1963 වසරේදී ඔහු සිනමාවට පිවිසෙන්නේ සටන් නළුවෙක් වශයෙන් වීම එයට හේතුවය. ටී. සෝමසේකරන් අධ්‍යක්ෂණය කළ “වන ස්වර්ගයක් කුමටද” මේ අද්විතීය නළුවාගේ පළමු චිත්‍රපටය ලෙස සටහන්ව ඇත. එහි ඔහු රඟපා ඇත්තේ සටන් හෙන්රි ජයසේන සමඟිනි. ඒ සටන් ජවනිකාවක් සඳහාය. කෙසේ නමුත් යම් හේතුවක් නිසා එම දර්ශනය ප්‍රදර්ශනයේදී කපා දමා ඇත.

අනතුරුව “රුහුණු කුමාරි” චිත්‍රපටය හරහා නැවතත් සටන් ජවනිකාවටක පණ පොවන ඇලෙක්සැන්ඩර් එතැන් පටන් වසර කිහිපයක් යන තුරුම ලංකාවේ ප්‍රධාන පෙළේ සටන් නළුවකු සහ සටන් අධ්‍යක්ෂවරයකු බවට පත් විය. 60 දශකයේ අග භාගයේ තිරගත වූ චිත්‍රපටවල ඔහු නොමැති සටන් ජවනිකාවක් සොයා ගැනීමට පවා අපහසුය.
එතැන් පටන් හාර ලක්ෂය, තුෂාරා, රජගෙදර පරවියෝ, වැනි චිත්‍රපට හරහා අතිශය ජනප්‍රිය වුණු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගේ ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානය වන්නේ යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කළ “සහායට ඩැනී” චිත්‍රපටය යැයි කිවහොත් එහි වරදක් නැත. යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කළ බොහෝ චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමූ ඒවාය. එකල ඔහුගේ චිත්‍රපටවල ප්‍රධාන නළුවා වූයේ විජය කුමාරණතුංගයන්ය. යසපාලිත සහ විජය දේශපාලන පිටියේද මිතුරන් ලෙස කටයුතු කළත් යම් අවස්ථාවක ඔවුන් දෙදෙනා අතර යම් මතවාදයක් ඇති වී ඇත. විජය වෙනුවට විකල්පයක් ලෙස යෙදවිය හැකි නළුවෙකු පිළිබඳ යසපාලිත නානායක්කාරගේ අවධානය යොමුව ඇත්තේ ඒ අවස්ථාවේදීය. එවිට ඔහුගේ මතකයට මුලින්ම නැඟී ඇත්තේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගේ රුවය. සටන් නළුවකු ලෙස එතෙක් කටයුතු කළද, ඔහු සතු පෞරුෂය සහ කඩවසම් බව සහ සැබෑ පිරිමි පෙනුම ඒ සඳහා හේතු විය. එතෙක් විජයගේ පෙම්වතිය වූ සෝනියා දිසා, “සහායට ඩැනී” චිත්‍රපටයේ ඇලෙක්සැන්ඩර්ගේ පෙම්වතිය විය. එම චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් තිරගත වූ සටන් නළුවකු වූ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු රට පුරා යුවතියන්ගේ සිහින කුමරා බවට පත් වන ආකාරයද දක්නට හැකි විය. එතැනින් නොනැවතුණු යසපාලිත, ඇලෙක්සැන්ඩර් සහ සෝනියා දිසා යොදා ගනිමින් “ඇගේ ආදර කතාව” ද නිර්මාණය කළ අතර එම චිත්‍රපටයටද විශාල ජනප්‍රියත්වයක් හිමි විය.

70 දශකයේදී විජය, ගාමිණී දැවැන්ත සිනමා නළු යුගල සමඟ බොහෝ විට රඟපෑ නිළිය වූයේ මාලනී ෆොන්සේකාය. ගාමිණී සහ මාලනී අතර තිරයෙන් පිට ආදර කතාවක් පිළිබඳවද බොහෝ දෙනකු කතා කළ අතර 70 දශකයේ මැද භාගය වන විට එම ආදර කතාව විජය-මාලනී ලෙස වෙනස්ව තිබූ බවද ප්‍රකට කරුණක් විය. මේ තිදෙනා අතරට ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මැදිහත් වන්නේ “සැණකෙළිය” චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදීය. ඒ වන විට ඇලෙක්සැන්ඩර්, විජයගේ හිත මිත්‍රයකු ලෙස සැලකුණු අතර චිත්‍රපටයේ සටන් ජවනිකාවක් අතරතුර ඔහු එල්ල කළ පහරකින් ගාමිණී ෆොන්සේකාට තුවාල සිදු විය. ඒ හේතුවෙන් චිත්‍රපටයේ වැඩ කටයුතු නතර කිරීමට පවා සිදු විය. එම චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේද ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු වූ බැවින් ගාමිණීගේ විශ්වාසය වූයේ එය ඔහු හිතා මතාම සිදු කරන ලද්දක් බවය.

ඉන් අනතුරුව ඇලෙක්සැන්ඩර්ගේ ජීවිතයේ වඩාත්ම සුවිශේෂී අවස්ථාව ලෙස “සරදියෙල්ගේ පුතා” චිත්‍රපටය හැඳින්විය හැක. නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතය සඳහා නම් රැසක් යෝජනා වූ නමුත් අවසානයේ අවස්ථාව හිමි වූයේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුටය. එහිදී ඔහුගේ සහායිකාව වූයේ මාලනී ෆොන්සේකාය. “සරදියල්ගේ පුතා” චිත්‍රපටයද බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් තිර ගත විය.

ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු වැනි අග්‍රගණ්‍ය කලාකරුවකු පිළිබඳ ආවර්ජනය කිරීමට රසවත් මතක බොහොමයක් ඇති නමුත් මේ ඒ අතරින් කිහිපයක් පමණි. බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිර ගත වූ චිත්‍රපට හරහා අතිශය ජනප්‍රිය වූවා පමණක් නොව “පස මිතුරෝ” චිත්‍රපටය හරහා ඔහු ඉදිරිපත් කළ රංගනය විචාරකයන්ගේ නොමඳ පැසසුමට ලක් විය. ඉතාම කලාත්මක නිර්මාණයක් වූ එහි ඇලෙක්සැන්ඩර් රඟපෑවේ ද්‍රවිඩ සිරකරුවකුගේ චරිතයකි. ඔහුගේ සහායකයා වූයේ මර්වින් ජයතුංගය. සටන් නළුවන් දෙදෙනකු ප්‍රධාන චරිත නිරූපණය කළ මේ චිත්‍රපටය බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර විය.

සිනමාවේ විවිධ කඩඉම් හරහා තම රංගන හැකියාව පෙන්වා ඇති නමුත් සම්මාන උළෙලහිදී ඇලෙක්සැන්ඩර් පිළිබඳ අවධානය යොමු නොවීම සැබවින්ම කනගාටුවට කරුණකි. එකල සිනමාව පිළිබඳව කතා කළ මාධ්‍ය පවා ඔහු වෙනුවෙන් ඉඩ වෙන් කර ඇත්තේ ඉතාම අඩුවෙනි. තමන් එකල හොඳම නළුවන් දහදෙනා අතර හත්වෙනි තැන පසුවූ බව වරක් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු විසින්ම මාධ්‍යයට පවසා තිබුණි. එම තැන නිර්මාණය කළේ මාධ්‍ය විසින්මදැයි යන්න වෙනම විමසා බැලිය යුතු කරුණකි.

කෙසේ වෙතත් මේ වන විට අපට ඉතිරිව ඇත්තේ මේ අසහාය කලාකරුවාගේ මතක පමණි. 2000 දශකයේ අග භාගය වන තුරු විටින් විට සිනමා නිර්මාණයන්ට සම්බන්ධ වූ ඔහු එතැන් පටන් ගත කළේ ඉතාම නිස්කලංක දිවියකි. ජීවන ගමනට නිමාව තැබුවද, ඔහුගේ රංගනය සෙලෝලයිට් පට තුළ තවමත් ජීවමානය. ඒ මතක තවත් වසර ගණනාවක් රසික හදවත් අමන්දානන්දයට පත් කරනු ඇත. සොඳුරු කලාකරුවානනි, ඔබට සුබ ගමන්.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මරණින් පසුව ප්‍රේතයකු නොවී සිටින්නේ කොහොමද?

Next Post

බාචිගේ Stay Home හදපු ගීතය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.