• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බාචිගේ Stay Home හදපු ගීතය

May 2, 2020
in Heart
Reading Time: 1 min read
A A
බාචිගේ Stay Home හදපු ගීතය
Share on WhatsAppShare on Facebook

“කඳුළු හා එතී
සුසුම් පාවෙතී…
සිහින ඉහිරුණු
එක්ටැම්ගේ පුරා…
පෙමක් ඉකිබිඳී
හිතින් ළතවෙවී…
සොඳුරු උරුමය
නිහඬව කුස දරා…”

මේ යූටියුබ් හරහා අලුතින්ම අහන්න ලැබුණු ගීතයක පදවැල් ටිකක්. මේ දිනවල බොහෝ පිරිසකගෙ අරමුණ වෙන්නෙ මොකක් හෝ ගීතයක් යූටියුබ් ඔස්සේ ප්‍රචාරය කරල විවුස් ලබාගන්න උත්සාහ කරන එක. ඒ වෙනුවෙන් නිර්මාණය වන ගීතවල බොහෝ විට කොහෙන් හෝ වචන ටිකක් තනුවකට ගළපල, ඒකට කොහෙත්ම ගැළපෙන්නෙ නැති රූප රචනයක් කිරීම තමයි අද අපිට දකින්න ලැබෙන්නෙ. එවැනි ගීත බොහෝ විට මුල් තත්පර කීපය හැරෙන්නට සම්පූර්ණ ගීතයම නරඹන්න බොහෝදෙනෙක් පෙලෙඹෙන්නෙ නෑ. ඒකාකාරී වචන, රූප රචනා බලන්න කාගෙත් තියෙන අකමැත්ත තමයි එයින් පේන්න තියෙන්නෙ.

බොහෝදෙනෙක් තමන්ගෙ ඬේට ප්‍රමාණය පිළිබඳව වැඩිපුර සැලකිලිමත් වන මේ වගේ කාලයක යූටියුබ් ඔස්සේ ප්‍රචාරය වන ගීතයක් එක් වරක් නොව කිහිපවරක් නරඹන්න හිතෙනව නම් ඒ නිර්මාණයේ කුමන් හෝ විශේෂත්වයක් තියෙන්න ඕනෙ. වර්තමානයේ බිහිවන අවර ගණයේ නිර්මාණ අතරේ රසවිඳින්න පුළුවන් ගීත බිහිවෙන්නෙ බොහොම අඩුවෙන්. විශේෂයෙන්ම කොරෝනා වසංගතයත් එක්ක බොහෝදෙනා ගෙවල්වලට කොටුවෙලා ඉන්න මොහොතක හැමදාම අහන්න, දකින්න ලැබෙන කිසිදු අර්ථයක් හෝ රසඥතාවක් නැති ගීත වෙනුවට මෙවැනි වෙනස් විදිහේ නිර්මාණයක් එක්ක ප්‍රේක්ෂකයන්ට වෙනස්ම රසඥතාවක් ලබාදෙන්න මේ ගීතයට හැකිවෙලා තියෙනවා.

උමා අසෙනි රචනා කළ පදවලට ජීවය දෙමින් යුග ගීතයක් විදිහට මෙම ගීතය ගායනා කරන්නෙ බාචි සුසාන් සහ හිරුෂි ජයසේන. තනු නිර්මාණය කරල තියෙන්නෙ පසන් ලියනගේ. ආදරයෙන් ලබන්න පුළුවන් සුන්දරතම ඵලය වන දරුවකු පිළිබඳ උපදින ස්නේහය මනාව රසිකයන් තුළට ගෙනයන්න බාචිගෙ හැඟීම්බර ගැඹුරු කටහඬට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම නිතර අපට අසන්නට නොලැබෙන හිරුෂිගෙ ලයාන්විත හඬ මනාව තනුව හා මුසුවෙලා තිබීම ගීතය රසය තව තවත් වැඩිවෙන්න උපකාරී වෙලා තියෙනවා. මෙහි ඇති තවත් විශේෂත්වයක් වෙන්නෙ රූප රචනාවක් වෙනුවට බාචි සහ හිරුෂිගෙ ගායනය පමණක් මෙම වීඩියෝවට යොදාගෙන වෙනස්ම නිර්මාණයක් ඉදිරිපත් කිරීමට දරල තියෙන උත්සාහය. එය කොතරම් සාර්ථකද කියල එය නරඹන ඔබට වැටහේවි.

“වැටෙන හුස්ම සේ රකින් පුතු මගේ
ගමන කෙළවර දුටුවොත් හෙට මගේ
කැකුළු මල අපේ අරන් යනු මැනේ
නපුර නොපෙනෙන තැනකට හිමියනේ”
සෑම මවුපියන්ගේම එකම අරමුණ තමන්ට හැකි උපරිමය තම දරුවන්ට ලබාදීමට. අනාගතයේ විඳින්නට වෙන කරදර, දුක් ගැහැටවලින් තම දරුවන් ඈත්කර තැබීමට ගන්නා උත්සාහය, මව සහ පියා අතර ඇතිවන සංවාදයක් ආකාරයෙන් නැවුම් මාතෘකාවක් ඔස්සේ රසිකයන් ඉදිරියේ තබන්නට මෙම නිර්මාණයට හැකිවෙලා තියෙනවා. ගීතය අවසන් වෙන්නෙ ලොව පවතින සදාතනික සත්‍ය ගැන පාඩම අපට සිහිගන්වමින්.
“මල් පාවඩ අතුරා නෑ මාවතේ
පය පරිස්සමින් මේ දිවි ගමනේ…”
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

හෙළ සිනමාවේ මහා ඇලෙක්සැන්ඩර්

Next Post

ගොතයි කියලා හැංගෙන්නේ ඇයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.