• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හිතන්නවත් බැරි විදිහට මා වෙනස් කළා

April 20, 2021
in Heart
Reading Time: 2 mins read
A A
හිතන්නවත් බැරි විදිහට මා වෙනස් කළා
Share on WhatsAppShare on Facebook

⬤ සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත්කිරීමට ගැහැනියක්ම මුල්වීම වැරැදියි…

පසුගියදා ලංකාවේ පැවැති ‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ ගැන මුළු ලෝකයම කතාබහට ලක් වී තිබුණා. ඉතින් 2015 වර්ෂයේ ඒ කිරුළ පැළඳ ලංකාවට ගෞරව නාමයක් ගෙන දුන්න ප්‍රවීණ රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරිය මෙදා ‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ ගැන ඇයට දැනුණු දේ ගැන අපට කිව්වේ මේ විදියට.
🔴 උදාරි කොහොමද අවුරුදු?
මෙවර අවුරුදු සැමරුවේ මගේ තාත්තා එක්ක තමයි.
🔴 ඇයි ඔබේ ආදරණීය සැමියා, දියණිය අවුරුදුවලට ලංකාවට ආවේ නැද්ද?
සැමියාත්, දුවත් සිංගප්පූරුවේ ඉන්නේ. ‘කොවිඩ්’ ප්‍රශ්න නිසා එයාලාට ලංකාවට එන්න බැරි වුණා. එයාලා ආවත් නැවැත ලංකාවේ සෞඛ්‍ය නීතිරීති අනුව නිරෝධායනය විය යුතුයි. ඉතින් මගේ විවාහයෙන් පස්සේ ඒ දෙන්නා නැතුව මම අවුරුදු සමරන පළමු අවස්ථාව මෙය තමයි. දුකයි ඒත් මොනවා කියලා කරන්නද මම. මට සිංගප්පූරුවට යන්නත් බැහැ මේ ප්‍රශ්නත් එක්ක.
🔴 අවුරුද්දෙන් පස්සේ ඔබේ නිර්මාණ කටයුතු ගැන කතා කළොත්?
මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘ක්‍ෂිර සාගරය කැලඹෙයි’ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා සම්බන්ධ වෙනවා. මමත්, හේමාල් රණසිංහ, ජැක්සන් ඇන්තනි ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපානවා.
🔴 ‘ක්‍ෂිර සාගරය කැලඹෙයි’ චිත්‍රපටයේ ඔබ වෙනස්ම චරිතයක් නේද නිරූපණය කරන්නේ?
ඔව්… රජ බිසවකගේ චරිතයක්. මෙවැනි චරිතයක් මම මෙයට පෙර කරලා නැහැ. එය ඓතිහාසික කතාවක්. හැබැයි ලංකාවේ සිදුවුණු ඓතිහාසික කතාවක රජ බිසවකගේ චරිතයක් නෙවෙයි මම නිරූපණය කරන්නේ. ඒ චරිතය මනඃකල්පිතයි.
🔴 ‘ආසු’ චිත්‍රපටයේ ඔබේ රංගනයේ ජීවිතයට වෙනසක් ගෙන එනවා නේද?
ඇත්තටම ‘ආසු’ චිත්‍රපටය මම නිරූපණය කරන චරිතය අභියෝගාත්මක චරිතයක් වුණා මට. මොකද මම ඒ චරිතය වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. මගේ බාහිර ස්වරූපය පවා වෙනස්. ඒ චිත්‍රපටයේ රඟපාන්නේ මමද කියලවත් හිතාගන්න බැරි තරමට මාව වෙනස් කළා. කරු ජයසූරියගේ නැති වුණු දුවගේ ජීවිත කතාව ඇසුරෙන් තමයි ඒ ‘ආසු’ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ.
🔴 ටෙලිනාට්‍ය සහ සිනමාවටද ඔබ දායකත්ව සපයලා තිබෙනවා. ඒ තුළ ඔබ වර්ගීකරණයක් කරනවාද?
පුංචි තිරයටවත්, චිත්‍රපටවලටත් මගේ කිසිම වර්ගීකරණයක් නැහැ. මොකද මම මාධ්‍ය දෙකටම ආදරය කරනවා. මගේ පළමු චිත්‍රපටය ‘පායා එන්න හිරුගේ’ චිත්‍රපටය හරහා මම සිනමා තාරකාවියක් වුණා වගේම, ‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍ය හරහා මම සංසලා වුණා. ඉතින් සංසලාට අදටත් ප්‍රේක්‍ෂකයින් ආදරය කරනවා.
🔴 අවුරුදු නිමාවත් එක්කම ඔබ සම්බන්ධ වුණු චිත්‍රපට රැසක් තිබෙනවා නේද තිරගත වීමට?
එකගෙයි සොකරි, මිදුණු විශ්වය, ශ්‍රී සිද්ධා, කවුරුත් දන්නේ නැහැ, දෙවන යුද්ධය, ආසු චිත්‍රපට සඳහා මගේ රංගනයන් දැකබලා ගන්නට පුළුවන්.
🔴 පසුගියදා ලෝකෙම කතාබහට ලක්වුණු ‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ ගැන ඔබට යමක් කිව හැකිද?
2015 වර්ෂයේ ‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ මම දිනාගත්තා. ඉතින් මෙවර පුෂ්පිකාට හිමිවුණා. මම වගේම ඇයත් ඒ සතුට භුක්ති වින්දා හැබැයි ඇයට අත්වුණු ඉරණම ගැන මම දුක්වෙනවා. සමාජයක් ඉදිරියේ ඇයව ලැජ්ජාවට පත්කිරීම තවත් ගැහැනියක් මූලික වීම වැරැදියි. ඒ කිරුළ ගැන මුළු ලෝකයම කතා වුණා. විදේශීය මාධ්‍යවල පවා එය ගැන ප්‍රචාරය කළා.
🔴 පුෂ්පිකාට අත්වුණු ඉරණම ඔබට අත්වුණානම් ඔබට දැනෙන වේදනාව කොයිවගේද?
අන්න ඒ සිතුවිල්ලේ තමයි මමත් හිටියේ. එදා මට ඒ ප්‍රශ්නයට මුහුණ පෑමට සිදුවුණා නම් අද පුෂ්පිකාට වුණු දේ ගැන මම ගැන කතා කරයි. මෙවැනි දේවල් මින් ඉදිරියට නොවන විදියට කටයුතු කිරීම අදාළ බලධාරීන් වගබලා ගන්න ඕනා. මොකද ලංකාවට සිදුවන්නේ එයින් ලොකු කැලලක්.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ටැප්සිට Film Fair එකේ වැදුණු විසිල් පාර

Next Post

Dell ව්‍යාපාර සමුළුවේදී Softlogic IT සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි.

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.