• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සුෂාන්ත් සිංගේ ආත්මය කතා කරයි

August 1, 2020
in Heart
Reading Time: 1 min read
A A
සුෂාන්ත් සිංගේ ආත්මය කතා කරයි
Share on WhatsAppShare on Facebook

සුපිරි උතුරු ඉන්දීය තරුවක වූ සුෂාන්ත් සිං රාජ්පුත් පසුගිය ජුනි 14 වැනිදාවේ සිය නිවෙසේදීම දිවි නසාගත්තේය.
නර්තනයෙන් සේම රංගනයෙන්ද තරුණ සිත් මිහිරෙන් මත්කළ සුෂාන්ත්ගේ අකල් වියෝව සුවහසක් වූ රසික සිත් කම්පිත කළහ.
දිවි නසාගැනීමට වුවමනාවක් සුෂාන්ත්ට තිබුණේ නැති බව කියමින් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ මහා කලබැගෑනියක් කළ සුෂාන්ත්ට ප්‍රිය කළ අනුගාමිකයෝ ඔහුගේ මතකයන් අමරණීය කරලීම සඳහා වීඩියෝ නිකුතුවක් සමඟ අලංකාර ඡායාරූප බෙදා ගැනීමක්ද සිදුකළහ.
‘ඉන්න එකාගේ කටේ බත් මැරුණු එකාගේ කටේ පස්’
යනුවෙන් පැරැන්නන් අතර නැහැදුණු කියමනක් පතලව තිබුණද ‘සුෂාන්ත් සිං රාජ්පුත්ගේ’ මරණය හමුවේ නම් එම කියමන වලංගු නොවීය. හැම මොහොතකම පාහේ සොඳුරු වදන් මාලාවන් සහ අලංකාර සේයාරූ සුෂාන්ත් වෙනුවෙන් සමාජ ජාලා වෙබ් අඩවි හරහා මුදාහැරිණි.
‘සුෂාන්ත් ඔබට සිදුවූයේ කුමක්ද? කරුණාකර එය ලෝකයට කියන්න හනික එන්න’
වැනි වාක්‍ය මාලාවන්ද ඒ අතර තිබිණි. කෙමෙන් කෙමෙන් එවැනි දුක හිතෙන අකුරු අහුරු ගණන් අන්තර්ජාලය හරහා පැමිණෙන විට හරි පුදුම දෙයක් ඊයේ පෙරෙයිදා සිදුවන්නට විය.
ඒ මියගිය සුෂාන්ත් සිං රාජ්පුත්ගේ ආත්මය තමා සමඟ සංවේදී කතාබහක යෙදුණු බවක් ප්‍රකට අද්භූත විශේෂඥයකු වූ ස්ටීව් හෆ් විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කිරීමය.
සුෂාන්ත්ට ප්‍රිය කළ රසික රසිකාවියනට මෙය සිතට ‘අමා සුව’ ගෙන පැමිණි පුවතක්ම විය. කඩි ගුළකට ගලක් ගැසූ ආකාරයට කලබල වූ ඔවුන් ඒ පිළිබඳව තොරතුරු විචාලමින් ස්ටීව් හෆ් වෙතින් අසා සිටියේ,
‘අපේ කුතුහලය තේරුම් ගන්න. කරුණාකර සුෂාන්ත් ඔබ සමඟ යමක් පැවැසුවේද? එය අපට පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමු’
යැයි යනුවෙන්ද පෝස්ටු මඟින් ස්ටීව්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ස්ටීව් හෆ් සුෂාන්ත් තමා සමඟ ඉතා රහසිගතව කතා කළ වීඩියෝවක් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ මුදාහැරියේය.
එහි තරමක් අපැහැදිලි ගතියකට හෝ තිබුණු කතාබහෙහි වූයේ සුෂාන්ත්ගේම හඬය.
‘සුෂාන්ත් ඔබට කොහොමදැයි’
ස්ටීව් අසන විට සුෂාන්ත් කියා තිබුණේ,
‘හිතාගන්න බැරි තරම් සතුටුයි. මට මගේ අම්මාව පණපිටින් ලැබුණා. මම ඇගේ සෙනෙහස සහ ආලෝකය තුළ දවස ගෙවමි’
යැයි කියාය.
‘සුෂාන්ත් ඔබ ඔබේ ජීවිතය නැතිකර ගත්තේ මන්ද? ඔබ ඉතා සතුටින් මියගියා නේදැයි’
යන ප්‍රශ්නයට සුෂාන්ත් කියා තිබුණේ,
‘මේ ලෝකයේ සතුටින්ම සිටි අය අතර මමද කෙනෙකි. ඒ සතුට දමා යෑමේ වුවමනාවක් මට නොතිබූ වග ස්ථිරය’ යැයි කියාය.
‘ඔබේ මරණයට පෙර දින රාත්‍රියෙහි සිදුවූයේ කුමක්දැයි කියන්නට හැකිදැයි ස්ටීව් හෆ් අසා සිටි වේලාවේ ස්ටීව්ට මඳ වේලාවක් අසන්නට සිදුව ඇත්තේ සුෂාන්ත් ඉකිබිඳිමින් හඬන ආකාරයය.
‘කියන්න සුෂාන්ත් කවුරුන් හෝ ඔබ මරා දැමුවාද?’
එයට පසු ස්ටීව් අසයි.
‘මම ප්‍රශ්න ගොඩකට ඔවුනට උත්තර දුන්නා. මට විශාල ලෙස තර්ක කිරීමට සිදුවුණා’
සුෂාන්ත් ඉතාම සංවේගයෙන් කැඩුණු වචනවලින් පවසා තිබිණි. එතැනදී ස්ටීව් හෆ් නැවැතත් ‘ඔබට කවුරු හෝ මරණීය ගෙල මිරිකා දැමීමක් කළාදැයි’ අසන විට සුෂාන්ත් දුන් උත්තරය අපැහැදිලිව තිබිණි.
‘නියපොතු බොහොමයක් තිබුණා. ඒවා හරිම තියුණුයි’
යන වචන එම අපැහැදිලි උත්තරය මත ස්ටීව්ගේ වීඩියෝවෙහි සඳහන් විය.
‘තවමත් දුකින් තැවෙන ඔබේ රසිකයන්ට කියන්නේ මොනවද සුෂාන්ත්’
යනුවෙන් ස්ටීව් ඇසූ ප්‍රශ්නයට සුෂාන්ත් ඉතාම දුක්බරව කියා තිබුණේ,
‘යම් අයකුගේ ආදරයක් වෙනුවෙන් මම විඳවන්නෙමි’ යැයි කියාය.
සුෂාන්ත් වෙනුවෙන් ප්‍රවීණ අද්භූත විද්‍යාඥ ස්ටීව් හෆ් කළ මේ මෙහෙවර වෙනුවෙන් සුෂාන්ත්ගේ රසික රසිකාවියන් නැවැත සුෂාන්ත් පිළිබඳ ආත්මීකව බැඳෙන්නට පටන්ගෙන ඇත. එහි ප්‍රතිලාභය වූයේ ස්ටීව් හෆ් සහ සුෂාන්ත්ගේ දුක්බර ආත්මය කතා කරන ස්ටීව් විසින් රචිත වීඩියෝව ශීඝ්‍රව අලෙවි වීමය.
සුෂාන්ගේ අයෝමය නර්තන විලාශයට වශීකෘතව සිටි ඉන්දීය තරුණ ගැටිස්සියන් සුෂාන්ත්ගේ ආත්මීය හඬ තම සවනට ඇසෙනතුරු තුන්වැනි යාමය පුරා නිදි නොලබා සිටින බවද සමාජ ජාලා වෙබ් අඩවි පුරා පළවී ඇත.
මේ දිනවල ඉන්දීය සිනමා පුවත්පත්වලද සුෂාන්ත්ගේ දුක්බර ආත්ම විලාපය ගැන ඉතා සංවේදී පුවත් අකුරු වෙමින් තිබෙන්නේ ඕනෑම සිතක් ඉකිගැසෙන තරම් වූ දුකකිනි.
සියල්ල මැද උපේක්ෂා සහගතව සිටින ස්ටීව් හෆ් නැවැතත් නුදුරු දිනෙක සුෂාන්ත් සිං රාජ්පුත් තමා සොයා එන බව ස්ථිර යැයි පවසා ඇත.
දශක ගණනක් පුරා මළාවූ ආත්මයන් සමඟ සුහද වූත්, සංවේදී වූත් ගනුදෙනුවක යෙදෙන ස්ටීව් හෆ් පුවත්පතක කියා තිබුණේ තම මියගිය බිරියගේ ආත්මය සමඟද තමා නිතර කතා කරන බවකි.
එලෙසම ලොව කීර්තියට පත් බොහෝ පුද්ගලයන්ගේ මියගිය ආත්මයන් තමා සමඟ ඉතා සංවේදීව ගනුදෙනු කරන බවත්, සුපිරි බොලිවුඞ් තරුවක් තමා සමඟ දොඩමළු වූ කුලුඳුල් නිමේෂය මෙය බවත් පවසන්නට ගත් ස්ටීව් එම කතාබහ අවසන් කළේ,
‘සුෂාන්ත් සිං රාජ්පුත් තරමට තමා හමුවේ හෘදයාංගමව දෙඩූ වෙනත් කිසිවකු නැති තරම්’
යැයි යන වදන් පෙළ ඉතාම මෘදුව මුමුණමිනි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මම කවදාවත් නිළියක් වෙන්න හීන දැක්කෙ නෑ

Next Post

වරාය වර්ජනය බලන්න ආ විමල්ට-උදයට විරෝධය (VIDEO)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.