• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම කවදාවත් නිළියක් වෙන්න හීන දැක්කෙ නෑ

August 1, 2020
in Heart
Reading Time: 2 mins read
A A
මම කවදාවත් නිළියක් වෙන්න හීන දැක්කෙ නෑ
Share on WhatsAppShare on Facebook

ජීවත් වීම සඳහා ඔබට මට ‘හීන’ ඕනා යැයි කිසිවකු කොතැනක හෝ කියා තිබුණා මතකය. බලාපොරොත්තු නැති ජීවිතය, රුවල් නැති ඔරුවක් වාගේ යැයි යන වියත් කියමන තුළද බොහොමයක් වූ දෙනා හෙට දවස කෙරෙහි සිතුම්, පැතුම් පොදි ගසන්නේද ‘හීන’ ඒ තරමට සිතට සුවයක් වූ නිසාය. සම්මානනීය රංගවේදිනියක වූ ‘නිරන්ජනී ෂන්මුගරාජා’ නම් අපට කීයේ සිහින හෝ බලාපොරොත්තු පොදි නොගසන තරමට ජීවිතය සරල බවය. ‘අහඹුවට’ ඇල්මක් දක්වන නිරන්ජනී, ආශ්චර්යයක් ලෙසින් තම ජීවිතයට පැමිණි බොහෝ සතුටුදායක සිදුවීම් ගැන දොඩන්නට අප සමඟ සිය සොඳුරු සිතුවිලි බෙදා හදාගත්තේ මෙලෙසිනි.
ඔබේම වචනවලින් ඔබ කවුදැයි හඳුන්වනවා නම්?
මම නිරන්ජනී ෂන්මුගරාජා. වෘත්තීය නිවේදිකාවක්. මම බොහෝ දේ ගැන සරලව හිතන පතන කෙනෙක්. ඒ වගේම ‘අද’ යන දවස තුළ ජීවිතය මගේ ඉස්සරහට ගෙනෙන්නේ මොනවද? මම එය බාරගන්නවා. අනාගතය ගැන ලොකු සීන් හෝ ඉලක්ක මගේ හිතේ නැහැ.
ඒ කියන්නේ ඔබ හීන හෝ ඉලක්කවලට බයයිද?
අපොයි නැහැ. හැබැයි මේ දේ ලැබුණා නම් හොඳයි. අර දේ ලැබුණා නම් හොඳයි කියා හීන ගොඩාක් ගුළිකරගෙන ඉඳලා ඒක ඉටු නොවුණාම අපට අත්විඳින්න වෙන දුකට මම ආස නැහැ. එයට වඩා හොඳම දේ තමයි ජීවිතය අපට දෙන දේ බාර ගන්න එක. තවත් දෙයක්, සැලසුම් සහ ඉලක්කවලට වඩා අහම්බයෙන් හෝ පුදුමය හරහා අපට ලැබෙන දේ සුන්දරයි. ඒ වගේම අපට යමක් හිමිවෙන්නට තියෙනවා නම් කිසිම කෙනකුට එය වළක්වන්නට බැහැ. කෙසේ හෝ ඒ හිමි බව ආශ්චර්යයක් ලෙසින් අපට ලැබෙන බව සිකුරුයි.
සම්මානනීය නිළියක් ඔබ තුළින් මතුව ආවේ එවැනි ආශ්චර්යයක් හරහාද?
අන්න හරි, මම කවදාවත් නිළියක වෙන්න හීන දැක්කේ නැහැ. ඒ ගැන මට ටාගට් තිබුණේ නැහැ. හැබැයි මා තුළ සැඟව සිටි ‘නිළිකම’ අහම්බයෙන්ම මාව සොයාගෙන ආවා. ඒ සොඳුරු අහම්බය තුළ මට තරංගා ප්‍රියදර්ශනී අක්කාව මුණගැහෙනවා. වේදිකා නාට්‍ය උළෙලවල සහ විධායකවරියක වූ ඇය මට ආරාධනා කරනවා 2011 දී වේදිකා නාට්‍යයක රඟපාන්න. මමත් ‘හා’ කියනවා. හැබැයි ලොකු ගමනක් යන බලාපොරොත්තුව මෙන් ඉහළ තැනකට යන්න කියන ඉලක්කයක් එතැන තිබුණේ නැහැ. මෙය මට ලැබුණු ආරාධනයක්. මම එය බාර ගන්නවා කියන සිදුවීම තුළ තමයි එයට හවුල් වුණේ.
ඒ අපූරු අහම්බය තුළ ඔබ සම්මානනීය නිළියක වුණා?
අන්න ඒතැනයි මා අර ඉහත කී ආශ්චර්යය සැඟව තිබුණේ. නොසිතූ විදියට තරංගා දිසානායක කියන සහෝදරිය රචනා කළ (ත්‍දප්එ) ෆෝමැට් වේදිකා නාට්‍යයේදී මම දකුණු පළාතේ හොඳම නිළිය වෙනවා. ඒ විතරක් නෙවෙයි, යෞවන සම්මාන නාට්‍ය උළෙලේ අවසාන වටයට පවා පැමිණ ‘(ත්‍දප්එ)’ තුළින් මම හොඳම නිළියට හිමි සම්මානයද හිමිකර ගන්නවා.
ආශ්චර්යයේ සතුට ඒ මොහොතේ ඔබ අත්විඳින්න ඇති?
කියන්න වචන නැහැ. ඇත්තටම, හිතලා බලන්න සිංහල වේදිකාවක සම්මාන හිමිකරගත් පළමු දමිළ නිළිය ‘නිරන්ජනී ෂන්මුගරාජා’ කියන කොට මට දැනෙන සතුට කොයිතරම්ද? අදටත් මේ මොහොත තුළත් ඒ සතුට මගේ හිත උණුසුම් කරනවා.
2010 මම නිවේදිකාවක වුණා. 2011 වේදිකාව තරණය කළා. එයට පසුව අශෝක හඳගම සර්ගේ ඊනියාවන් හරහා සිනමාවට පැමිණියා.
මෙතෙක් රඟපෑ චරිත අතරින් ඔබේ හිතේ අරක්ගත්තේ’ සුනාමි හී කල්‍යාණි අම්මා?
සම්පූර්ණයෙන් ඇත්ත. මාව කලාකාරියක කළ වේදිකා නාට්‍යය වූ ‘ත්‍දප්එ’ නාට්‍යයට මම බොහොම ගරු කරනවා. නමුත් මම දැඩි සේ සමීප වුණේ ආදරය කරන්නේ සුනාමි චිත්‍රපටයේ කල්‍යාණි අම්මටයි.
එයද ඔබේ ඉදිරියට පැමිණියේ ආශ්චර්යයක් ලෙසින්ද නිරන්ජනී?
අදහාගන්න බැහැ, එයද ආශ්චර්යයක් තමයි. ඒ දවස්වල මම රේණුකා බාලසූරිය මිස් එක්ක ලොතරැයි ප්‍රෝග්‍රෑම් කරන කොට සෝමරත්න සර්ව හම්බවෙනවා. එතකොට එයාගේ චිත්‍රපට හරිම ආශාවෙන් නරඹා තිබූ රසිකාවියක් තමයි මම. ඔන්න ඉතින් සෝමරත්න සර්ව මට හම්බවෙන වේලාවට මම එයාගෙන් විහිළුවට වාගේ අහනවා. මාව ඔබේ චිත්‍රපටයකට ගන්නේ කවදාද? ඔබට මාව නිළියක විදියට පේන්නේ නැද්දැයි කියලා. ඇත්තටම සෝමරත්න සර් හරිම නිහතමානී කෙනෙක්, ඔහු මට කියනවා එතැනදී, ‘නිරන්ජනී’ ඔයාට හිමි චරිතය ආව දවසට මම ඔයාට කතා කරන්නම්’ කියලා.
ඔබ එය එදා හිතට ගත්තා?
බලාපොරොත්තු ගොඩගැහුවේ නැහැ. කවදාක හෝ ඔහු මට කතා කරතැයි යන අහඹුව නම් මා තුළ කොතැනකදෝ මන්දා තිබුණා.
රූගත කිරීමකදී ඔහුගෙන් ඇමැතුමක් පැමිණි වෙලාවේ ලෝකෙ පෙරළෙන තරමට කෑගැහුවේ ඒකද?
ඔව් අනේ, 2019 අවුරුද්දෙ චිත්‍රපටයක රූගතකිරීම් කරන කොට මගේ ෆෝන් එකේ සෝමරත්න සර්ගේ නම්බර් එක මිස්ප්ලේ වුණා. මට යම් ඉඟියක් දැනුණා. මම මහ හයියෙන් කෑගැහුවා. ‘සෝමරත්න සර් කතාකරනවා’ කියලා.
කොහොමද දැනගත්තේ ඒ ඇමැතුම චරිතයක් සඳහා පැමිණි ආරාධනයක් කියලා?
අන්න එය තමා මම අර ඔබට මුලින්ම කී ආශ්චර්යයේ අනුහස. මට බොහෝ දේ ලැබුණේ ඒ ආකාරයටම නිසා මම දැනගත්ත මට හිමි චරිතයක් ඔහු ළඟට ඇවිදින් කියලා. එලෙසටම ඔහු මට කිව්වා, ‘නිරංජනී’ ඔයාට අයිති චරිතය මගේ ළඟට ආවා. ඒකට සූදානම් වෙන්න කියලා. දැනුත් මට දැනෙනවා ඒ මොහොතෙ දැනුණු මහා සන්තෝෂය.
‘සුනාමි’ චිත්‍රපටයෙහි බොහෝ දර්ශන නරඹන්න ඔබ ප්‍රේක්‍ෂකයන් සමඟ අසුන්ගත්තලු?
මට ඕනෑ වුණා ඔවුන් සමඟ එය රසවිඳින්න. කල්‍යාණි අම්මගේ දුක්බර ස්වරූපය තුළ ඔවුන්ගේ හැඟීම් විකාශනය වන ආකාරය බලන්න. චිත්‍රපට දර්ශන නිමවූ පසුව ඔවුන් පැමිණ මා හමුවේ දොඩන්නේ මොන වාගේ වචනද කියලා දැනගන්න මට ඕනෑ වුණා.
මොනවද ඔවුන් ඔබට කීවේ. ‘නිරන්ජනී’ ඔයා හරිම අපූරුයි’ කීවද?
නැහැ, ඔවුන් මට කිසිවක්ම කීවේ නැහැ. කළේ එක දෙයයි. හැම කාන්තාවක්ම වාගේ මාළඟට ඇවිදින් මාව වැලඳගෙන හඬන්නට ගත්තා. ඔවුන්ගේ ඇස්වල තිබුණේ මහා හැඟීම්බර බවක්. ඉතින් ඒ හැම ගැහැනියකම එක්ක මමත් ඇතිවෙන්න ඇඬුවා.
‘සෝමරත්න සර්’ නිරන්ජනීව සොයා පැමිණි අහඹුව සාර්ථක වුණා?
ඒ නිසා වෙන්නැති ඔවුන් මා හමුවේ එලෙස හැඟීම්බර වුණේ. සෙට් එකේදී හඳගම සර් කියන වචනයක් තිබුණා නිතරම. ඒ තමයි ‘කරුණාකරලා ඇක්ට් කරන්න එපා’ අන්න ඒ ඔවදන මගේ හිතේ හරිම තදින් ධාරණය වුණා. රඟපෑමේදී රඟනොපා චරිතය තුළ ජීවත් වෙන්න මම ඉගෙනගත්තා.
ඒ වගේම, කල්්‍යාණි අම්මා කවුද… මොන වාගෙයිද, කියන ස්වභාවය සෝමරත්න සර් මට හරිම ලස්සනට පෙන්නලා දුන්නා. ඇයව හොයාගෙන මම ගිය ගමන හරිම සියුම්, එලෙසම සංවේදියි. ඒ සංවේදී ගමන සඳහා මා මෙහෙය වූයේ සෝමරත්න සර්ගේ ආභාෂයයි. නළු නිළියන් හට ‘පොරවල්’ වීමට අධ්‍යක්‍ෂවරයාගේ මඟපෙන්වීම සහ මෙහෙය වීම අවශ්‍යයි. බොහෝ විට කිසිවෙකුට එය නැහැයි කියන්නට බැහැ.
ජීවිතයට තව තවත් ආශ්චර්යයන් පැමිණෙන තුරු ඔබ බලා සිටිනවාද?
බලා සිටීමක් ඒ තුළ නැහැ. නමුත් ලිංගික ශ්‍රමිකයකුගේ චරිතයක් ඒ තුළ ජීවත් වීමේ ආශාවක් සහ පිපාසයක් අහම්බයක් ලෙස මගේ හිත කොනක නළියනවා. ‘ගණිකාව’ ලෙස හංවඩු ගසමින් සමාජය විසින් කොන්කර දමා තිබෙන ඔවුන්ගේ ජීවිත තුළ ඇතුළාන්තයට එබෙන්නට රංගවේදිනියක ලෙස මා ලබන අවස්ථාවක් වේ නම් සත්තකින්ම එය ආශ්චර්යයක් වේවි.
සාර්ථක චරිත නිරූපණයක නියැළෙන්නට ඔබ සොයන අධ්‍යක්‍ෂවරයකු ගැන ‘පිපාසයක්’ ඒ ආශ්චර්යය තුළ හැකිද?
තියෙනවා. බොහෝ අධ්‍යක්‍ෂවරු සිටින ඒ ඉසව්වෙහි, ප්‍රසන්න ජයකොඩි, ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රසන්න විතානගේ යන මහත්වරුන්ව මේ මොහොතේ මගේ සිහියට නැඟෙනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අංගම්පොර වැඩ දාන පුංචි වෙදහාමිනේ

Next Post

සුෂාන්ත් සිංගේ ආත්මය කතා කරයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.