• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සමහරු අපිවත් කපාගෙන යනවා

November 29, 2020
in Heart
Reading Time: 3 mins read
A A
සමහරු අපිවත් කපාගෙන යනවා
Share on WhatsAppShare on Facebook

අහස් මාලිගා ටෙලිනාට්‍යයේ මගේ චරිතය ගැන ගොඩක් දෙනෙක් කතාකළා…

මේක මට අලුත් දෙයක්…

කලා ක්‍ෂේත්‍රයට විවිධ මාදිලියේ නිර්මාණකරුවන් සම්බන්ධ වෙනවා. ඒ සියල්ලට වඩා බැරෑරුම් දෙයක් තමයි නිෂ්පාදන ක්‍රියාවලිය. ඉතින් මේ දවස්වල ඔබ ආදරයෙන් නරඹන පවුලේ කතාවක් තමයි ‘නෑනලා’ ටෙලිනාට්‍යය. ඒ ටෙලිනාට්‍යයේ සම නිෂ්පාදනයෙන් සම්බන්ධ වුණු ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි හිරුණි රණසිංහ. රංගනය වගේම නිෂ්පාදනය පැත්තෙන් ඇය ලබපු අත්දැකීම් ගැන අප කතාබහ කළා.
හිරුණි රඟපෑම අතහැරලා නිෂ්පාදන පැත්තට යොමුවෙලාද?
අනේ නැහැ. අහම්බෙන් තමයි මම නිෂ්පාදනය පැත්තට යොමුවන්නේ. රඟපෑමෙන් කවදාවත් ඉවත් වීමට අදහසක් නැහැ. ‘නෑනලා’ ටෙලිනාට්‍යයේ සම නිෂ්පාදකවරියක් විදියට කටයුතු කළා.
කොරෝනා කියලා ඔබට දැන් විවේකීව ඉන්න තරම්වත් කාලයක් නැති තරමට වැඩ වැඩියි නේද?
ඒකනම් ඇත්ත. ඒ තරමට කාර්යබහුලයි. ටෙලිනාට්‍ය පහක රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. එයට අමතරව නිෂ්පාදන වැඩකටයුතු පැත්ත බලන්න සිදුවෙනවා.
මේ දවස්වල ඔබ සම්බන්ධ වෙන නිර්මාණ ගැන කතා කළොත්?
අහස් මාලිගා, අගස්ති පියාපත්, පුළිඟු, නෑනලා ටෙලිනාට්‍යවල විවිධ චරිත නිරූපණය කරනවා.
ඒ නිර්මාණ අතර ඔබව කතාබහට ලක්වුණේ?
‘අහස් මාලිගා’ ටෙලිනාට්‍යයේ මගේ චරිතය ගැන ගොඩදෙනෙක් කතාබහ කළා. ලැබුණු ප්‍රේක්‍ෂක ප්‍රතිචාරත් එක්ක මේ දවස්වල ජාතික රූපවාහිනියේ විකාශය වන ‘නෑනලා’ ටෙලිනාට්‍යයේ ‘සුභාණි’ චරිතයටත් ප්‍රේක්‍ෂකයන් විශේෂ ආදරයක් දක්වන බව දැනෙනවා.
නිෂ්පාදකවරු නිර්මාණවලට ඇඟිලිගහන බව පවසනවා, ඔබත් එහෙමද?
‘නෑනලා’ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය කරන්නේ අපේ ටෙලිනාට්‍ය කලාව පෝෂණය කිරීමට දහදිය, කඳුළු හෙළපු යතිවරයෙක්. එහෙම බලන කොට මම මහපොළොවේ වැලි කැටයක් වගේ. මම වගේම ‘නෑනලා’ ටෙලිනාට්‍යයට බුද්ධික ලොකුකැටියත් නිෂ්පාදනයෙන් දායක වෙනවා. ඉතින් ‘නෑනලා’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ නාලන් මෙන්දිස්ට සම්පූර්ණ නිදහස අපි දීලා තියෙන්නේ නිර්මාණ කරගෙන යෑමට. පිටිපස්සක ඉඳගෙන අපේ ‘නෑනලා’ කණ්ඩායම ඔහුට ශක්තියක් වෙනවා.
දැන් ඉතින් ඔබ නිෂ්පාදිකාවක් නිසා ඔබට කැමැති චරිතයක් ඉල්ලගෙන වැඩදාන්න පුළුවන් නේද?
අපෝ කවදාවත් මම එහෙම හිතලා නැහැ. නිෂ්පාදනය මට අලුත් දෙයක්. ‘නෑනලා,’ හි ‘සුභාණි’ චරිතයට මාව තෝරා ගත්තාට පස්සේ තමයි මම සම නිෂ්පාදනයට සම්බන්ධ වුණේ. ඉතින් මට ගැළපෙන චරිතයක් තිබුණොත් අධ්‍යක්‍ෂවරුන් මාව තෝරාගනීවි. එහෙම නොවුණා කියලාවත් මගේ කිසිම තරහක් නැහැ.
නිෂ්පාදකවරුන් ටෙලිනාට්‍ය විකාශය කරගන්න බැරිව අසරණ වන කාලවකවානුවක ඔබ මෙවැනි දෙයකට සම්බන්ධ වුණේ?
එය ගැන මමත් දන්නවා. ලොකු රිස්ක් එකක් තමයි. මමත් දන්නවා ටෙලිනාට්‍ය පෝලිමක් තිබෙන බව. නිෂ්පාදකවරුන් අමාරුවේ වැටිලා. මම මේ වෙලාවේ ස්තුතිය පුදකරනවා ජාතික රූපවාහිනියට. ‘නෑනලා’ට ඉඩකඩ වෙන්කළාට.
හැම ප්‍රශ්නයකදීම අවසානයේ චෝදනා නඟන්නේ නිෂ්පාදකවරුන්ට. ඔබටත් ප්‍රශ්න පිට ප්‍රශ්න ගලාගෙන එනවා ඇති?
‘නෑනලා’ නාට්‍යය කණ්ඩායමේ සියලුම ශිල්පීන් අපිට ලොකු සහායක් ලබා දෙනවා. ඒ සියලුම දෙනාටම ස්තුතියි. චෝදනා කළත් අදාළ කෙනා සමඟ කතා කරන්නැහැ. පිට අය සමඟ කතාබහ කරන බව මමත් දැකලා තියෙනවා. හැබැයි ඒ කිසිම ප්‍රශ්නයක් අපේ කණ්ඩායමේ නැහැ. ගොඩදෙනෙක් බලන්නේ වැරැදි නැතත්, වැරැදි මවලා පෙන්වන්න තමයි.
අලුත් පරපුරට පාර හදපු කෙනෙක් නේද ඔබ?
නවක ශිල්පීන්ට මම ගොඩාක් උදවු කළා මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීමට. නමුත් පසුකාලීනව මුල මතක නැතුව අපිවත් කපාගෙන යනවා. ඔවුන්ට එන්න කිවුවත් එන්නේ නැහැ. වෙලාවට වැඩ කිරීමේ පුරුද්දක් නැහැ. ඉතින් අවස්ථාවක් දෙන එක මම අඩු කළා. එහෙමත් තෝරාගත්ත ළඟින් ඉන්න පිරිසකට මම උදවු කරනවා.
අද මොකද හිතෙන්නේ නිෂ්පාදනය පැත්තට යොමුවීම ගැන?
එය ගැන මට හිතාගන්න බැහැ. ඉතාමත් පොඩි වයසක් තුළ මෙවැනි කර්තව්‍යයකට සම්බන්ධ වීම ගැන සතුටුයි.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රුවන්ගේ මොණරාගල රැස්වීමේ අලි වලියක්: රැස්වීම මග නවතී (VIDEO)

Next Post

හඬ විතරක් නෙමෙයි මගේ පෙනුමත් ශිවන්‍යා වගේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.