එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මොනරාගල එක්සත් ජාතික පක්ෂ හමුවක් අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.
ඒ, පාලිත තෙවරප්පෙරුම මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව විවේචනය කරමින් අදහස් පළ කිරීම හේතුවෙනි.
මෙහිදී තෙවරප්පෙරුම මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විවේචනය කරමින් අදහස් දැක්වීමත් සමග මෙම උණුසුම්කාරී තත්ත්වය ආරම්භ විය.
මෙම හමුව සදහා 20කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.












