• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සනී තිබ්බ පොල්ල

February 14, 2021
in Heart
Reading Time: 2 mins read
A A
සනී තිබ්බ පොල්ල
Share on WhatsAppShare on Facebook

2016 ඉඳන්ම සනී මේ වංචාව කරලා…

සනීගේ සුමුදු දෑතට මාංචු වැටෙයිද…

‘නඩු’ කියන්නේ ඉන්දීය සුපිරි තාරකාවන් අතර බොහෝ විට සුලබ දෙයක්. විශේෂයෙන්ම ඒ ‘නඩු’ අතර කැපී පෙනෙන්නේ හරි හැටි ආදායම් බදු නොගෙවීමේ වංචාවන්ය.
එක අතකට බලන කළ ඉන්කම් ටැක්ස් එකෙන් ඔවුන්ගේ නිවෙස වැටලීම ඒ තරම් කහටක් ලෙස කිසිවකු සිතට නොගන්නේ නිතරමපාහේ එය සිදුවන්නක් නිසාමය.
නමුත්..,
ඒ කියන ඉන්කම් ටැක්ස් නඩු වෙනුවට වෙනත් නඩුහබ නිසාද සුපිරි තරු නාමයන්ට ලේබල් වදින අවස්ථාද නැත්තේ නොවේ. උතුරු ඉන්දීය සිනමාවේ සරාගී තාරකාවක, එහෙමත් නැතිනම් පිරිමි සිත්සතන් උන්මාදනීය කරවන ගිනිසිළුව වන සනී ලියොන්ටද මේ දිනවල වැටී තිබෙන්නේ එවැනි නඩුහබයකි.
ඒ ගමන මොකක්ද මොකක්ද සනී ලියෝන් පෙරළාගත් බාල්දිය.
එහෙම අහන්නේ සනී මීට පළමුවද වෙනත් බාල්දි පෙරළාගෙන තියෙනවද..?
ඇයි නැත්තේ..,
වැඩියෙන්ම සනී කොකු දමා ගන්නේ ගැහැනුන් සමඟය. එයට හේතුව පිරිමි හොරකමේ යෑමට සනී ලියෝන් සතු කදිම හැකියාවය. පැහැදිලිවම කියනවා නම්, විවාහක පිරිමින් සමඟ අයථා සම්බන්ධකම්වලට යන නිසා සනී නම් සුන්දර තාරකාවිය මඩ ප්‍රහාරයන්ට ලක්වූ අවස්ථාවන් එමට තිබෙන නිසාය.
හැබැයි ඉතින් ඒ බාල්දි සහ කොකු නීතිගත නොවූ නිසා සනීට නඩු වැටුණේ නම් නැත.
සනී නඩුවකට හසුවූ ආරංචිය මොකක්ද? ඒකත් පිරිමි හුටපටයක්ද..?
අපොයි නැහැ… එය වෙනත් ආකාරයකට බරපතළ වංචාවකි. තවත් විදියකට කියනවා නම් පහත් මට්ටමේ මුදල් ගසාකෑමකි.
ඒ කියන්නේ සනී ලියෝන් චිත්‍රපට ගිවිසුමකට පොල්ල තියලද?
සිදුව තිබෙන්නේ නම් පොලු කේස් එකකි. නමුත් එයට චිත්‍රපට නිෂ්පාදක හෝ අධ්‍යක්‍ෂවරයකු සම්බන්ධ නැත.
කතාව පැතිර ඇත්තේ මේ ආකාරයටය.
දුටුදනන්ගේ සිත වාගේම ඇයද රසගන්වන ආකාරයේ අමුතු හැඩයකින් සහ රූ සපුවෙන් හෙබි සනී ලියෝන්ට උත්සව වැනි දෑ සඳහා සුපිරි නිවාඩු නිකේතනවලින් ලැබෙන ආරාධනා අසීමිතය. ඇගේ ඇල්මට-කැල්මට විශේෂයෙන්ම පිරිමින්ට උන්හිටිතැන්ද අමතක වන නිසා යම් සුවිශේෂී අවස්ථාවන් සඳහා සනීව තම නිවාඩු නිකේතන වෙනුවෙන් ගෙන්වා ගැනීමට මැනේජර්ලා සහ එහි හිමිකරුවනට ඇත්තේ පුදුම පිස්සුවකි..,
අත් දෙක පුරා ඉල්ලන ගණන ලැබෙන නිසා සනී ලියෝන්ද එවැනි ආරාධනා පැනලාම බාර ගන්නට සූදානම්ව සිටින්නීය. නඩුව වැටී තිබෙන්නේ එහෙම සිදුවීමක් අරභයාය.
නම සඳහන් නොකරන සුපිරි නිවාඩු නිකේතනයක කළමනාකරුවකුගෙන් උත්සව කිහිපයකටම එන පොරොන්දුව පිට සනී ලියොන් මුදල් ගත්තද ඒ කිසිවකට ඈ තම දායකත්වය සිදුකර නොමැති බවට ඇයට නඩු දමා ඇත.
ආරංචියේ හැටියට 2016 සිටම සනී මෙම වංචනික ක්‍රියාව සිදුකර ඇත.
එය ඇගේ ජනප්‍රියත්වයට ගැසූ මඩ පහරක් වන්නට බැරිද?
එසේ විය නොහැක. මෙය මුසාවක් වී නම් 2021 පෙබරවාරි මස මුල සනී ලියෝන්ව කේරළ පොලිසිය විසින් ප්‍රශ්න කිරීම සඳහා කොටුකර ගන්නේ නැත. ඒ වගේම සනීගේ සමීපතමයන් දෙදෙනකුද මෙම මුදල් වංචාවට සම්බන්ධ නිසා කේරළ පොලිසිය විසින් ඔවුන්වද කිහිප වතාවක්ම ප්‍රශ්න කිරීම් වෙත හසුකොට ගෙන ඇත.
සනී ලියෝන් මේ ගැන කිසිවක්ම කියන්නේ නැද්ද?
සනී කියන්නේ නම්..,
‘අනේ මේ මොන විකාරයක්ද? උත්සවවලට එන්නට පොරොන්දු වූවා මිස මම මුදලක් ගත්තේ නම් නැතැයි..”
කියාය.
ඇත්ත වසන්කරන්නේ කවුදැයි තවම පැහැදිලි නැත.
සනීගේ මුදු සුමුදු දෑතට මාංචු වැටේවිද?
එය කියන්නට දන්නේ නම් නැත.
හැබැයි නඩුවට පැටලී සිටින සනී සහ ඇගේ සමීපතමයන් දෙදෙනාව අත්අඩංගුවට ගන්න යැයි කේරළ මහාධිකරණය වෙතින් පසුගිය බදාදා අවසර ඉල්ලා සිටියද අපරාධ ක්‍රියා පටිපාටිවලට අනුව නොතීසි නිකුත් කරවනතුරු ඔවුන් අත්අඩංගුවට නොගන්නැයි අධිකරණය විසින් කේරළ පොලිසියේ අපරාධ අංශය වෙත ඉල්ලීමක් කර ඇත.
සිදුවන්නේ කුමක්ද?
තවමත් සනීට විරුද්ධ නඩුව එළිපත්තේය. එහෙමත් නැත්නම් වැට උඩය. වාසිය කොයි අතට කැරකේවිද නොදන්නෙමුය.
කෙසේ වුවද..,
සමාජජාලා වෙබ් අඩවි හරහා සනීට විරුද්ධව මඩ ගසන්නන් සේම ඇයට පක්‍ෂව සුදු හුණු තවරන්නන්ද සමසමව සිටිති.
සනී ලියොන් නම් ගිනි සිළුව ඒ සියල්ල දෙස හරි සැහැල්ලුවට බලා සිටින්නේ එය වෙනත් කිසිවකුගේ නඩුවක් විලාසයටය.
‘හිතා ගන්නත් බැහැ… මේක මහා විකාරයක්..,’
නඩුව ගැන අසන හැමෝටම වාගේ සනී දෙන්නේ ඒ පිළිතුරය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මම පාඩුවෙ ඉන්න අහිංසක කොල්ලෙක්

Next Post

ආණ්ඩුව දෙකඩ කරන්න විමල් ගහපු රහස් ගේම: මහින්ද නොදත් කැබිනට් පත්‍රිකාව: නාමල්ට අකරතැබ්බයක් (රාජ්‍ය රහස්)

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.