• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සතියකින් මිලියනයක් බලපු හෙක්ටර්ගෙ කවර් එක

January 9, 2021
in Heart
Reading Time: 2 mins read
A A
සතියකින් මිලියනයක් බලපු හෙක්ටර්ගෙ කවර් එක
Share on WhatsAppShare on Facebook

⬤ වයසත් එක්ක එන වෙනස ආර්ට් එකක් කරගන්න ඕනෙ…

⬤ හම්බකරන් කන්න නෙමෙයි කවර් කරන්නෙ…

‘නිල්වන් මුහුදු තීරේ – ගල්මල් පිපුණු යායේ’
ඩෙස්මන් සිල්වා බයිල තාලෙට කිව්ව, ප්‍රේමකීර්ති ද අල්විස් ලිව්වද කියලත් හිතෙන මේ ගීතය දශක ගණනාවක් අපිව කුල්මත් කළ ගීතයක්. ටික කලකට පස්සෙ නැවතත් මේ සින්දුව හිට් එකක් වෙලා තියෙනව. හැබැයි ඒ ඩෙස්මන් සිල්වගෙ හඬින් නම් නෙමෙයි. මේ වෙනස්ම කවර් එක කරල තියෙන්නෙ සෙක්සෆෝනයත් එක්ක පෙමින් බැඳිල ඉන්න කඩවසම් හෙක්ටර් ඩයස්. ගායනය ගැන වගේම රංගනය ගැනත් හැමෝම කතා වෙන මේ වැඬේ ගැන හෙක්ටර්ම අපිට කිව්වෙ මේ විදිහට.

🔴 මුලින්ම කතා කරමු ‘නිල්වන් මුහුදු තීරේ’ ගැන?
අපි හැමෝම දන්නව මේ සින්දුව ගායනා කළේ ඩෙස්මන්ඞ් ද සිල්වා මහත්තය. මට මේ සින්දුවේ කවර් එකක් කරන්න ඔළුවට ආවට පස්සෙ මම මුලින්ම කළේ ඩෙස්මන් සිල්වා මහත්තයගෙන් ඒකට අවශ්‍ය අවසරය ගැනීම. එයා බොහොම කැමැත්තෙන් තමයි මේ වැඬේට එයාගෙ අවසරය දුන්නෙ. ඊට පස්සෙ කොරෝනා වසංගතයෙන් වුණ අපහසුත් එක්ක ලොකු කැපකිරීමක් කරල තමයි මේ වැඬේ කරගන්න පුළුවන් වුණේ. හැබැයි අන්තිමේ බලද්දි හැමෝම කතාවෙන විදියෙ හොඳ නිර්මාණයක් එළියට දාන්න මට පුළවන් වුණා.
🔴 මෙච්චර කල් කරගෙන ආපු ආකෘතිය වෙනස් කරල ඇයි වේගරිද්මයේ සින්දුවකට කවර් එකක් කරන්න හිතුවෙ?
අපේ බෑන්ඞ් එකේ ගත්තත් අපි වැඩි පුරම කියන්නෙ ක්ලැරන්ස්ගෙ, මිල්ටන් මල්ලවාරච්චි වගේ ගායකයන්ගෙ ගීත. ඉතින් මම හිතුවෙ ඒකෙන් මිදිල තරුණ පිරිස ටාගට් කරල නිර්මාණයක් කරන්න ඕනෙ කියල. දැන් තරුණයන් බහුලව අහන ටෙක්නො, ඊඩීඑම් කියන ශෛලිය වෙනස් විදිහකට ගීතයකට යොදාගෙන නිර්මාණයක් කරන්න ඕනෙ කියන අදහසෙත් මම හිටිය. ඉතින් ඒ අනුව තමයි ‘නිල්වන් මුහුදු තීරේ’ ගීතයට මේ විදිහට කවර් එකක් කළේ. මං හිතන්නෙ ඒ කරපු වෙනස රසිකයන් හොඳ අතට භාරගෙන තියෙනව. මේකෙ තියෙන අනිත් විශේෂත්වය තමයි සින්දුවත් එක්කම වීඩියෝ එකත් හොඳට මික්ස් වෙලා තියෙන එක. ඉතින් මේකෙන් කනට විතරක් නෙමෙයි ඇහැටත් රසයක් ලැබෙනව. ඒ වීඩියෝ එකත් ලොකු හේතුවක් වුණා සින්දුව මේ තරම් ඉක්මනින් ජනප්‍රිය වෙන්න.
🔴 හෙක්ටර් ස්වතන්ත්‍ර නිර්මාණවලට වැඩිය කවර්වලට වැඩි ඉඩක් දීල තියෙන බවක් පේන්න තියෙනව?
එහෙම දෙයක් නෑ. මගේ ඇල්බම් දෙකක් මේ වෙනකොට රිලීස් කරල තියෙනව. ඊට අමතරවත් මගේම ගීත කීපයක්ම තියෙනව. නමුත් මං හිතන දෙයක් තමයි අපි රසවිඳපු පැරැණි ගීත රසවිඳීමේ අවස්ථාවක් නව පරපුරටත් දෙන්න ඕනෙ කියල. හැබැයි ගීතයට හානියක් නොකර. දැන් අපි කරන නිර්මාණයක් වුණත් තව අවුරුදු කීපයකින් මිනිසුන්ට අමතක වෙලා ඇහෙන්නෙ නැතුව යනව. නමුත් මමත් කැමතියි මගේ ගීතයක් වුණත් තරුණ පරපුරේ කෙනෙක් මොකක් හරි වෙනස් කරල නැවැත කියනව නම්. මොකද එතන තමයි පැවැත්ම තියෙන්නෙ. අපි ඒක කරන්නෙ හම්බකිරීමේ පරමාර්ථයකින් තොරව තවත් කෙනෙක්ට රසයක් දීමේ පරමාර්ථයෙන් නම් මම හිතන්නෙ කවර් කළා කියල වැරැද්දක් නෑ. ඒකෙන් වෙන්නෙ අමතක වෙලා තියෙන ගීත නැවැත රසවිඳීමේ අවස්ථාවක් රසිකයන්ට ලැබීම.
🔴 සමාජ මාධ්‍ය තමයි මේ වෙලාවෙ හිට් වෙන්න තියෙන හොඳම මාධ්‍යය?
නිර්මාණකරුවන් විදිහට අපි කවුරුත් කැමතියි අපේ නිර්මාණයක් වැඩි පිරිසක් රසවිඳිනවට සහ වැඩිපිරිසක් අතරට යනවට. කිසිම නිර්මාණකරුවෙක් කැමැති නැහැ තමන්ගෙ නිර්මාණය එළිදක්වන්නෙ නැතුව තියාගෙන ඉන්න. මිනිසුන්ගෙ ඇස් දෙක පිනවන්න පුළුවන් නම්, කන් දෙක පිනවන්න පුළුවන් නම් මම නම් හිතන්නෙ එතනින් එහා දෙයක් නෑ. ඉතින් නිර්මාණයක් මිනිස්සු අතරට යන්න තියෙන තියෙන හොඳම මාර්ගය සමාජ මාධ්‍ය නම් මම ඒකෙ වරදක් දකින්නෙ නැහැ.
🔴 මියුසික් වීඩියෝ එක ගැන කතා කළොත්?
සන්දේශ් බණ්ඩාර තමයි මියුසික් වීඩියො එක අධක්ෂණය කළේ. ගායකයෙක් කරන්නෙ නැති ගොඩක් දේවල් මම මේ මියුසික් වීඩියෝ එක වෙනුවෙන් කළා. සාමාන්‍යයෙන් වෙන්නෙ ගායකය ලොකේෂන් එකට ඇවිල්ල සින්දුව කියල යන එකනෙ. මම වැඩක් කරද්දි ඒ නිර්මාණයෙ තියෙන හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙනව. මේ තැන පවා ඩිරෙක්ට් කරන අය දැක්කෙ එතනට ගියාට පස්සෙ. මම තමයි ලොකේෂන් පවා තෝරගත්තෙ. මම කරන දේ ගැන මුලින්ම මම සෑහීමකට පත්වෙන්න ඕනෙ. එහෙම හිතල තමයි මම නිර්මාණයට අත ගහන්නෙ. මේකට ටීන ශනෙල් ඇතුළු හැමෝගෙන්ම හොඳ සපෝට් එකක් ලැබුණා. ඒ නිසා තමයි මියුසික් වීඩියෝ එක හැමෝම කතා කරන, ගුණාත්මක එකක් බවට පත්කරන්න පුළුවන් වුණේ.
🔴 රටේ පවතින තත්ත්වයත් එක්ක වැඬේ සාර්ථක කරගන්න ලොකු වෙහෙසක් ගන්න ඇති?
ඇත්තටම මේ වෙලාවෙ කලාකාරයො ගොඩක් අසරණ වෙලා ඉන්නෙ කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ දෙයක් නෙමෙයි. ඉතින් එහෙම තියෙද්දි මේ වගේ ලොකු වැඩකට මුදල් වියදම් කරන එක ඉතාම අපහසු වැඩක්. මම හිතන්නෙ කලාකාරයො විදිහට අපි දුර දැක්මකින් වැඩ කරන්න ඕනෙ. ඒ දැක්මෙන් වැඩ කරපු නිසා තමයි මෙවැනි අපහසු තත්ත්වයකදී වුණත් අපිට ක්ෂේත්‍රයේ රැඳිල මේ වගේ හොඳ නිර්මාණයක් රසිකයන් අතරට ගෙනයෑමේ හැකියාව ලැබිල තියෙන්නෙ.
🔴 ගීතය වගේම හෙක්ටර්ගෙ විලාසිතා ගැනත් මේ වෙලාවෙ බොහෝදෙනෙක් කතා වෙනව?
මම නැචුරල් කියන දේට ගොඩක් කැමතියි. අපි දැනගන්න ඕනෙ වයසත් එක්ක සිදුවෙන වෙනස්කම් ආර්ට් එකකට හරවගන්න. ඒකත් එක්ක තමයි අපිට යම්කිසි ආකර්ෂණයක් ලැබෙනව නම් ඒක ලැබෙන්නෙ. මම වයසට යන්න යන්න වයස 18, 20 කොල්ලෙක්ගෙ වගේ මූණ තියාගන්න උත්සාහ කරනව නම් ඒක බොරු වැඩක්. වයසත් එක්ක වෙන වෙනස්කම් ආර්ට් එකක් බවට හරවගත්ත නිසා තමයි ඔබ කියන ඔය කතාබහ ඇතිවෙලා තියෙන්නෙ.
🔴මේත් එක්කම නළු වරම් එහෙම එන්න ඇති?
ඇත්තටම මේ වෙනකොට ඒ වගේ වැඩවලටත් ආරාධනා ඇවිල්ල තියෙනව. මම එහෙම දේවල් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේ දේවල් කරන්නෙ. ගායනයට අමතරව අපි තුළ වෙනයම් දක්ෂතාවයක් තියෙනව නම් අපි එතනින් එළියට ගිහිල්ල ඒ වගේ දේවල්වලට යොමුවෙන්න ඕනෙ. ගායකයෙක් කියල ඒකටම කොටුවෙන්න ඕනෙ නැහැ. අපේ රසිකයන් වෙනුවෙන් මොකක් හරි වෙනස් දෙයක් කරන්න පුළුවන් නම් ඒකට මම පැකිලෙන්නෙ නැහැ. සින්දුවක් කියල පැත්තකට වෙලා ඉන්නවට වඩා වැඩි යමක් කරන්න අපි උත්සාහ කරන්න ඕනෙ. ඉතින් ඉදිරියෙදි ඒ පැත්තෙන් වෙන නිර්මාණත් දකින්න ලැබෙයි.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

මහජන බැංකුව නව වසරේ වැඩ අරඹයි

Next Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වසරේ වැඩ අරඹයි

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහසක් නොමැති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.Sri Lanka Latest...

Read more
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.