ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම 2021 වසරේ ජනවාරි 01 වැනිදා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී සිදුකරන ලද අතර මේ සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සභාපතිතුමා, ඉහළ කළමනාකාරීත්වය සහ සේවක මහත්ම මහත්මීන් සහභාගි වූහ.
කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය නීතිවලට අනුකුලව මෙම අවස්ථාව අවම පුද්ගල සහභාගිත්වයකින් සිදුවූ අතර සර්ව ආගමික චාරිත්‍රවලට මුල්තැන දෙමින් සිදුකරන ලදී.
1962 වසරේදී ආරම්භ කරන ලද රක්ෂණයේ දැවැන්තයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය 59 වන සංවත්සරය සැමරීමද මෙදින සිදුවිය.











